ටයිටන් (චන්ද්‍රයා)
ටයිටන් යනු සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා මෙන්ම සෞරග්‍රහ මණ්ඩයලයේ දෙවැනියට විශාලම ස්වභාවික චන්ද්‍රිකාව ය. එය සෞරග්‍රහ මණ්ඩලයෙහි සැලකිය යුතු ඝන වායුගෝලයක් සහිත එකම චන්ද්‍රයා ලෙස සැළකේ. එමෙන්ම පෘථිවියට අමතරව මතුපිට ද්‍රවයන් පවතින බවට පැහැදිළි සාක්ෂි ඇති එකම ග්‍රහ වස්තුව එය වේ. සෙනසුරුට අයත් උපග්‍රහයන්ගෙන් ගුරුත්වාකර්ෂනය හේතුවෙන් ගෝලාකාර හැඩයක් ගත් චන්ද්‍රයන් 7ක් ඇති අතර, ටයිටන් එයින් එකකි. එය පෘථිවියෙහි චන්ද්‍රයාට වඩා 50% ක් විශාල වන අතර (විෂ්කම්භයෙන්) එහි ස්කන්ධය සඳෙහි ස්කන්ධයට වඩා 80% කින් වැඩි ය. බ්‍රහස්පති ගේ ගැනිමීඩ් චන්ද්‍රයාගෙන් පසුව සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාලතම චන්ද්‍රයා වන ටයිටන් බුධ ග්‍රහයාටත් වඩා විශාල ය. ටයිටන් නිරන්තරයෙන් ම ග්‍රහලොවක්-වැනි උපග්‍රහයෙකු ලෙස හැඳින්වෙයි. 1655 දී ඕලන්ද ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ ක්‍රිස්ටියාන් හයිගන්ස් විසින් සොයාගත් ටයිටන්, සෙනසුරුගේ පලමුවැනියටම සොයාගත් උපග්‍රහයා විය. එමෙන්ම පෘථිවියේ චන්ද්‍රයා සහ බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයන් ගෙන් පසුව සොයාගත් හයවෙනි ස්වභාවික චන්ද්‍රිකාව ටයිටන් ය. ටයිටන් සෙනසුරුගේ අරය මෙන් විසි ගුණයක් දුරින් සෙනසුරු වටා කක්ෂ ගත වී ඇත. |
Portal di Ensiklopedia Dunia