ඇන්ටාක්ටිකාව
![]() දකුණු අර්ධගෝලයේ ධක්ෂිණධ්‍රැවයේ සමමිතාකාකරය ලෙස ඉතා විශාල වු ඇන්ටාක්ටික් මහද්වීපය පිහිටා ඇත. මෙය දකුණු පැසිෆික් සාගරයෙත්, අත්ලාන්ටික් සාගරය හා ඉන්දියන් සාගරයෙන් වට වී ඇත. මිලියන 14 Km2 ප්‍රමාණයක් වසා ගනිමින් ලොව පස්වන විශාලතම මහද්වීපය වේ. යුරෝපය මෙන් 1.3 ගුණයකින් විශාලය. මුහුදු තරය 17,968 Km වේ. මෙහි හිමතට්ටු පිළිබද පහත දැක්වේ.
98% ම මෙම මහද්වීපයේ අයිස් තට්ටු වලින් වැසි ඇත. අයිස් තට්ටුවක් 1.6 Km පමණක් ඝන වේ. තවද මෙහි ලොවෙන් 90% පමණ අයිස් ද, 70% පමණ පිරිසිදු වතුර ද ඇත. මෙහි ඇති අයිස් දියවුවහොත් මුහුද මට්ටම 60 m වැඩිවිය හැක. වර්ෂාව අඩුය. බටහිර ඇන්ටාක්ටිකාවේ බහුතරයක් අයිස් තට්ටු ඇත. මෙය කැඩීයාමේ තර්ජනයක් ඇත. එය සිදුවුවොත් මුහුදු මට්ටම ඉහල ගොස් ව්‍යවසන තත්ත්වය උදා කල හැක. ![]() ඇන්ටාර්ටිකවේ උසම ස්ථානය වින්ස් මැසිෆ් (Winson Massit) නම් වේ. එය 482 m උසය. ොස් දුපතෙහි ඇති අර්ධස් යමහල ක්‍රියාත්මක වු යමහලක් වේ. තවද ඩෙප්ෂන් දුපත නම් යමහලද ඉතා ප්‍රසිද්ධ වන්නේ 1970 දී වු යහමල් විදාරණය සමගය ඇන්ටාක්ටික් අර්ධවීපයේ මුහුදයට යමහලක් 2004 දී සොයාගන්නා ලදී. මෙම යමහල බොහෝ දිනනකින් ක්‍රියත්මක වන බවද සදහන් වේ. මෙම මහද්වීපය තුල 70 ක් පමණ විලවල් ඇත. මේවා මීටර දහස් ගණනක් අයිස් තට්ටු යට ඇත. වොස්ටොක් විල මෙහි ඇති විශාලතම විල වේ. මෙම විල අයිත් තත්ත්වයේ අවුරැදු මිලියන 500 000 ඇති බව විශ්වාස වේ. මෙම විලෙහි ජලය ක්ෂුද්‍ර ජීවීන් ඇති බව කියවේ. විලෙහි ඝනවු කබොල්ල (Surface) යුරෝපා (Europa) නම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගේ සමානකම් පෙන්වයි. මෙය යුරෝපා චන්ද්යා මත ජීවි ලක්ෂණ ඇති බව කියවෙන තර්කයක් විය හැක. මූලාශ්‍ර
![]() ඇන්ටාක්ටිකාව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
Portal di Ensiklopedia Dunia