TV 1
TV One යනු ශ්‍රී ලංකාව තුල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විකාශන කටයුතු සිදුකරන රුපවාහිනි නාලිකාවකි. එය තරුණ පරපුර ඉලක්ක කරගනිමින් සිය වැඩසටහන් විකාශය කරනු ලබයි. නාලිකාවේ හිමිකාරීත්වය MTV Channel පුද්ගලික සමාගම සතු වන අතර, එම සමාගම කැපිටල් මහරාජා කොටසකි.[1] 1992 වර්ෂයේදී එම්ටීවී නිව්ස්විෂන් (MTV Newsvision) යන නාමයෙන් ආරම්භ කල මෙම නාලිකාව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට අයත් ප්‍රථම රූපවාහිනී නාලිකාවද වෙයි.[2] 1998 ජුනි මසදී, මෙහි සහෝදර රූපවාහිනී නාලිකාව වූ එම්ටීවී (MTV) නාලිකාවේ නම, සිරස ටීවී නමින් කොට, එම්ටීවී නිව්ස්විෂන්, එනම් මෙම නාලිකාවේ නම එම්ටීවී (MTV) ලෙස වෙනස් කරන ලදී.[2][3] නමුත් පසුව එම්ටීවී යන නාමය, චැනල් වන් එම්ටීවී (Channel One MTV) ලෙස නැවත වෙනස් කරන ලදී. නැවතත් 2012 ජනවාරී 26 දිනදී, නාලිකාවේ නම එම්ටීවී ස්පෝට්ස් (MTV Sports) ලෙස වෙනස් කොට විකාශන කටයුතු අරඹන ලදී.[4][5] 2015 ජුලි මස MTV Sports යන නාමය නැවත MTV ලෙස වෙනස් කරන ලදුව 2016 ජනවාරි 21 දින එය TV 1 ලෙස නම් කරන ලදී. මේවාද බලන්නමූලාශ්ර
භාහිර සබැදි |
Portal di Ensiklopedia Dunia