ටීඑන්එල්
ටීඑන්එල් යනු ශ්‍රී ලංකාවේ ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් සිය විකාශන කටයුතු සිදු කරන, රූපවාහිනී නාලිකාවකි. මෙම නාලිකාවේ සහෝදර ගුවන් විදුලි නාලිකාව වන්නේ ටීඑන්එල් රේඩියෝ වෙයි. ටීඑන්එල් නාලිකාවේ හිමිකාරීත්වය Telshan Networks (Pvt) Ltd සමාගම සතුවන අතර, නාලිකාවේ වර්ථමාන සභාපතිවරයා වන්නේ ෂාන් වික්‍රමසිංහ මහතායි. ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති වන, රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයායි.[1] ටීඑන්එල් නාලිකාව, ශ්‍රී ලංකාවේ සැටලයිට් රූපවාහිනී සේවා සපයන්නෙකු වන ඩයලොග් ටීවී හී චැනල් අංක 66 යටතේද නැරඹිය හැකිය. ආවරණ කලාපකොළඹ, මාතර, සහ රත්නපුර නාලිකාව සතුව සම්ප්‍රේෂණ පොලවල් හයකි. ඒවා, බම්බලපිටිය, පිලියන්දල, හන්තාන, පොල්ගහවෙල, කරගහතැන්න, ගොංගල පිහිටුවා තිබෙයි.
භාරත නදීෂාන් විසින් එහි නිර්මාණාත්මක කටයුතු සහ සංවර්ධන කටයුතු කිරීමට දායකත්වය දක්වා ඇත. දුරකතන යෙදවුම සදහා පිවිසෙන්න |
Portal di Ensiklopedia Dunia