සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල
සමුද්‍ර කෞතුකාගාරය දකුණු වෙරළ කළාපයේ සාගර ජීව විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක කරුණු පිළිබදව මහජනතාව දැනුවත් කරන එකම කෞතුකාගාරය වේ. මෙම කෞතුකාගාරය ගාලු කොටුවේ 1671 ඉදිකරන ලද පැරණි ලන්දේසි ගබඩාව තුල පිහිටා ඇති අතර 1992 මැයි 9 වැනි දින මහජනතාව සඳහා විවෘත කරන ලදී.ජාතික වෙරළාසන්න කෞතුකාගාරය පිහිට තිබෙන්නේ ගාලු කොටුව අභ්‍යන්තරයේය. 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙම කෞතුකාගාරය මුළුමනින්ම විනාශ වූ අතර එහි වූ සියළුම ප්‍රදර්ශන භාණ්ඩ වලට හානි සිදු විය. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගීතා වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජය සමුද්‍ර කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය සඳහා මූල්‍යමය ආධාර සපයා ඇත. අවුරුදු 3 ක් පුරා සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව ජාතික සමුද්‍ර කෞතුකාගාරය නැවත මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව ඇත.
|
Portal di Ensiklopedia Dunia