වෙසක් උත්සවය
වෙසක් (පාලි: Vesākha; සංස්කෘත : vaiśākha), බුද්ධ ජයන්ති,[3] බුද්ධ පූර්ණිමා,[4] සහ බුද්ධ දිනය ලෙස ද හඳුන්වනු ලබන්නේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ මෙන්ම ටිබෙටයේ සහ මොංගෝලියාවේ බෞද්ධයන් විසින් සාම්ප්‍රදායිකව සමරනු ලබන නිවාඩු දිනයකි.[5] එය ඉතා වැදගත් බෞද්ධ උත්සව අතර වේ. මෙම උත්සවය ථෙරවාද, ටිබෙට් බුද්ධාගම සහ නවයාන තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය (නිබ්බාන) සහ පිරිණිවන් පෑම (පරිනිර්වානය) සිහිපත් කරයි.[6] වෙසක් යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ vesākha පාලි පදයෙන් හෝ සංස්කෘත vaiśākha බුදුන් උපන් මාසය ලෙස සැලකෙන වෛශාඛ චන්ද්‍ර මාසය සඳහා.[7] මහායාන බෞද්ධ සම්ප්‍රදායන් තුළ, නිවාඩු දිනය එහි සංස්කෘත නාමයෙන් (Vaiśākha හැඳින්වේ) සහ එහි ව්‍යුත්පන්න ප්‍රභේද. නැඟෙනහිර ආසියානු සම්ප්‍රදාය තුළ, බුදුන් වහන්සේගේ උපන් දිනය සැමරීම සාමාන්‍යයෙන් සම්ප්‍රදායික වෙසක් වේලාවට ආසන්නව සිදු වන අතර, බුදුන් වහන්සේගේ උපත සහ පරිනිර්වානය වෙනම නිවාඩු දින ලෙස සමරනු ලබන අතර එය දින දර්ශනයේ බෝධි දිනය සහ නිබ්බාන දිනය ලෙස හැඳින්වේ. දකුණු ආසියාතික සම්ප්‍රදායට අනුව, වෛශාක මාසයේ පුර පසළොස්වක පොහොය දින වෙසක් සමරනු ලබන අතර, වෙසක් දිනය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වානය සනිටුහන් කරයි.[8][9][10][11] ඉතිහාසය![]() බෞද්ධ උත්සව ශතවර්ෂ ගණනාවක් පැරණි සම්ප්‍රදායක් ඇතත්, 1950 දී ශ්‍රී ලංකාවේ පැවති ලෝක බෞද්ධ සහයෝගීතාවයේ පළමු සමුළුව බෞද්ධ රටවල් කිහිපයකම වෙසක් බුදුන් වහන්සේගේ උපන්දිනය ලෙස සැමරීමට ගත් තීරණය විධිමත් කළේය. ලෝක සමුළුවේ දී සම්මත වූ යෝජනාව මෙසේ ය.
වෙසක් දිනයේදී, ලොව පුරා සිටින බෞද්ධයෝ බුද්ධ ගෞතමයන්ගේ උපත, බුද්ධත්වය සහ අභාවය යන සියලු සම්ප්‍රදායන්ට අයත් බෞද්ධයින්ට වැදගත් සිදුවීම් අනුස්මරණය කරති. බුද්ධාගම ඉන්දියාවෙන් ව්‍යාප්ත වීමත් සමඟ එය බොහෝ විදේශීය සංස්කෘතීන්ට සම්මිශ්‍රණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෙසක් උත්සවය ලොව පුරා විවිධ ආකාරවලින් සමරනු ලැබේ. ඉන්දියාවේ, වෛශාක් පූර්ණිමා දිනය බුද්ධ ජයන්ති දිනය ලෙසද හඳුන්වන අතර සම්ප්‍රදායිකව බුදුන් උපන් දිනය ලෙස පිළිගෙන ඇත. 2000 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සිය මූලස්ථානයේ සහ කාර්යාලවල වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් සැමරීමට තීරණය කළේ ය.[13] විවිධ බසින්වෙසක් උත්සවයේ නාමයේ දේශීය භාෂාවෙන් වෙනස් වන බහුවිධ දේශීය විකාශන ඇත, ඒවා අතර:
වෙසක් සඳහා නිවාඩුශ්රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් උත්සවය දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනක් හෝ දෙකක් ලබාදේ. දිනයවිවිධ සාම්ප්‍රදායයන් තුළ භාවිතා වන චන්ද්‍ර මාසානූකූල දින දර්ශනයට අනුව නියම වෙසක් දිනය එකිනෙකට වෙනස් වේ. බෞද්ධ දින දර්ශනය අනුගමනය කරන ථෙරවාදි බෞද්ධ රටවල එය නියම වන්නේ වෙසක් පසළොස්වක දිනයටයි. (සිරිතක් වශයෙන් පස් වැනි හෝ හය වැනි චන්ද්‍ර මාසය) චීනයේ එය යෙදෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයේ හතර වැනි මාසයේ පළමු පසළොස්වක දිනයටයි. බටහිර ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය වසරින් වසර වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසයට යෙදේ. ශ්‍රී ලංකා වෙසක් උත්සවයප්රධාන ලිපිය: ශ්‍රී ලංකාවෙසක් උත්සවය
![]() වෙසක් මස පසළොස්වක දිනයේ ආගමික හා සංස්කෟතික උත්සවයක් ලෙස ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලැබේ. මෙය සතියක පමණ කාලයකි. මෙම සැමරුමට දානමය කටයුතු හා ආගමික කටයුතු බොහොමයක් ඇතුලත් වේ. විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වුනු තොරණ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉදි කෙරෙති. මේවාට අනුග්‍රහ දක්වන්නේ දානපතියන්, ආගමික සංවිධාන සහ සුභ සාධක සමිති විසිනි. සෑම තොරණකටම පන්සිය පනස් ජාතක කථා වල කථා වස්තු පාදක වේ. මීට අමතරව නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන් (වෙසක් කූඩු) එල්ලා තැබේ. ඒවායින් බුද්ධ, ධම්ම සහ සංඝ යන උතුම් ත්‍රිත්වයේ ආලෝකය සංකේතවත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාර පාන සපයන දන්සැල් පිහිටවනු ලැබේ. මෙම සතිය තුළ කොළඹට රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ විශාල ජනකායක් රැස්වෙති. ශ්‍රී ලංකාවෙසක් උත්සවයේ සම්ප්රදායන්වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ කොඩි ඔසවා බුදුන්, දහම් සඟුන් ගුණ ගායනා කිරිම් වස් ගාථා සජ්ජායනා කළ යුතුය. බැතිමතුන් තෙල් , මල් , හඳුන් කූරු යනාදිය බුදුන් පුදට රැගෙන ආ යුතුය. මෙසේ පූජා කරන ලස්සන මල් මඳ වේලාවකින් වියලි පරවී යයි.හඳුන්කූරු දැවි අවසානවේ. එසේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් පවත්වනු ලැබේ. බැතිමතුන්ට ප්‍රාණ ඝාතයෙන් වැලකි සිටිමටද එදින නිර්මාංශ ආහාර ගැනීමටද නියම කෙරේ. සමහර රටවල් වල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරිම සඳහා දින දෙකක් වෙන් කර තිබේ. එහි සියලු මත් පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් යනාදිය රජයේ නියෝගයකින් එම දින දෙක තුල වසා තැබේ. කූඩු වල සිර කර ගෙන සිටින කරුල්ලන් වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හරිනු ලබන්නේ නිදහස සංකේතවත් කිරීම පිණිසයි. සමහර බෞද්ධ බැතිමත්හු සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්තානයන්ගේ ගත කරති. ඇතැම් බැතිමත්හු බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අටසිල් සමාදන්ව දෛනිකව ඒවා සුරකිමින් ධාර්මිකව කල් ගත කිරීමට කැප වෙති. කෙසේ වෙතත් ඔව්හු පසළොස්වක සහ අමාවක දිනයන් වැනි විශේෂ දිනයන්හි අතිරේක ශික්ෂාවන් සමාදන් වෙමින් නිහතමානි බව, අල්පේච්ඡතාවය, සදාචාරය සුරැකීම සඳහා ශික්ෂණයක් ලබති. සමහර පන්සල්වල ළදරු බුදුරුවක් පූජාසනය ඉදිරියෙහි තැබු වතුර බේසමක් මත තබා බැතිමතුන්ට එම ප්‍රතිමාව වැසෙන සේ ජලය පිරවීමට ඉඩ දෙනු ලැබේ. මෙය බුදුන්ගේ උපතින් පසු දෙවියන් පැමිණ දිව්‍යයමය පූජෝපහාර පැවැත්වීම සංකේතවත් කරන්නකි. අටසිල් යනු
යනාදී ශික්ෂාවන් සමාදම් වීමයි. භික්ෂුණ් වහන්සේලා විසින් දේශනා කරන ලබන බණ දහම්වලට බැතිමතුන් සවන් දීම අපේක්ෂා කෙරේ. මෙදින බෞද්ධ භික්ෂුණ් වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය රජය සහ ජනතාවගේ සිත් සතන් පුබුදු කිරීම අරභයා දේශනා කරති. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලදී කියා ඇති පරිදි සමගියෙන් ජීවත් වීමටත් අනෙකුත් ආගම් වලට සහ විශ්වාසයන්ට ගරු කිරීමටත් බෞද්ධයින්ට කියා දෙනු ලැබේ. අනුනට සතුට උදා කිරීමවැඩි හිටියන්ට, ආබාධිත පුද්ගලයින්ට සහ රෝගින්ටද සතුට ගෙන දීම සඳහා උත්සාහ කිරීමද වෙසක් සැමරුමෙන් අදහස් වේ. මෙදින මුලු රට පුරා තිබෙන පුණ්‍යායතන වලට බෞද්ධයෝ මුදල් තෑගි පිරිනමති. කෙනෙකුගේ බල කිරීමකින් තොරව සියලු දෙනා කැමැත්තෙන් කරනු ලබන වෙහෙර විහාර පන්සල් භූමි ආලෝකමත් කිරීම, තීන්ත ආලේප කිරීම, බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිර්මාණය කර වර්ණ ගැන්වීම ආදි කටයුතු කෙරෙන වෙසක් සමය ඇත්තෙන්ම ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුණු කාලයකි. බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට විහාරස්ථාන වලට පැමිණෙන සැදැහැවතුන්ට නිර්මාංශ ආහාර සහ පානය සඳහා බීම වර්ග සැපයීමට සැදැහැවත් බෞද්ධයෝ එකිනෙකා තරඟ වදිති. බුදුනට උපහාර දැක්වීමබුදුන් පිරිනිවන් පාන්නට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැලපෙනු උන්වහන්සේ දුටුවෝය. එසේ හඬා වැලපීම නොකළ යුතු බවත්, ලෝක ස්භාවය තේරුම් ගත යුතු බවත් සියලු පවතින දේවල් නැසෙන සුලු බවත් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්හ. මෙම වියැකි යන තමාගේ සිරුර ගැන සිතා කණගාටු නොවන ලෙසත් මින් පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදුන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළහ. ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් ධර්මය සදාකාලික බවත් පහදා දුන්හ. තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බවත් තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත්ය. කෙනෙකු නැවත උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත් ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් යනාදි කරුණු කිරීම වෙසක් සැමරුවා නම් වෙයි. මූලාශ්‍ර
බාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia