මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)

මහමායා දේවිය
19වන සියවසට අයත් මායා දේවියගේ ප්‍රතිමාවක්, මියුසී ගුයිමෙට්, පැරිස්
උපත
මායා

දේවදහ, කෝලිය රාජධානිය
මියගිය දිනය
වෙනත් නම්මහාමායා
කලත්‍රයා(යන්)සුද්ධෝදන රජු
දරුවන්සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්
දෙමව්පියන්(s)අංජන රජු (පියා), යශෝධරා දේවිය (මව)
ඥාතීන්සුප්පබුද්ධ රජු සහ දණ්ඩපාණී (සොහොයුරන්), මහාප්‍රජාපතී ගෝතමී දේවිය (සොයුරිය)

ශාක්‍යයන්ගේ මායා රැජින (මායාදේවී) ගෞතම බුදුන් වහන්සේගේ නැතහොත් බුද්ධාගමේ ශාස්තෲ ගෞතම නම් ගෝත්‍රයේ සිද්ධාර්ථයන්ගේ මව වූවාය. එමෙන්ම ඇය පළමුවෙන්ම බුදුන් වහන්සේ විසින් භික්ෂුණි ශාසනයට ඇතුළත් කර ගන්නා ලද මහා ප්‍රජාපති ගෝතමියගේ සොහොයුරියයි.[1][2]

මායා යනු සංස්කෘත බසින් "මායාව" යන්නයි. ඇය මහා මායා සහ මායාදේවී ලෙසින්ද හැඳින්වේ. ටිබෙට් භාෂාවෙන් ග්‍යුතෘල්මා නම් වන ඇය ජපන් බසින් මායා-බුනින් (摩耶夫人) ලෙස හඳුන්වයි. සිංහලයෝ ඇයව මහාමායා දේවී ලෙස හඳුන්වති. පුරාණ නේපාල රාජ්‍යයේ දෙව්දහ හි ඇය උපන්නාය.

විවාහය සහ දරු උපත

මායා දේවිය දුටු සුදු ඇතාගේ සිහිනය - සහ බුදුන්ගේ පිළිසිඳ ගැනීම - ගාන්ධාර - 2 - 3 සියවස්.

මායා දේවිය කපිල වස්තු හි ශාක්‍ය වංශ පාලකයා වූ සුද්ධෝදන රජු හා විවාහ වූවාය. ඇය සුද්ධෝදන රජුගේ මාමාගේ දියණියයි. එහෙයින් රජුගේ නෑනාය. දෙව්දහ හි රජතුමා ඇයගේ පියා වූවේය.

ආශ්‍රේයයන්

  1. ^ Buddhist Goddesses of India by Miranda Shaw (Oct 16, 2006) ISBN 0-691-12758-1 pages 45-46
  2. ^ History of Buddhist Thought by E. J. Thomas (Dec 1, 2000) ISBN 81-206-1095-4 pages

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia