පාලිපාළි යනු ප්‍රාකෘත බස් පරම්පරාවෙන් පැවතෙන බුදු දහම හා සබැඳි භාෂාවකි. පාලි බසෙහි ඇරඹුම ඉන්දීය අර්ධද්වීපයේ ඇති වුණි. මෙම බස සඳහා නිසි අකුරු ක්‍රමයක් නැත. පාරිශුද්ධ බුද්ධ ධර්මයේ මව්බස පාලි වන බැවින් තවමත් භාවිතයේ පවතී. ත්‍රිපිටකය පරිශීලනයට පාලි බොහෝ සේ වැදගත් වේ. පාලි හා සංස්කෘත බසින් පැවතෙන බොහෝ වදන් බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ අන් භාෂා වලටද ආභාෂය ලබා දී ඇත. පාලි කියල භාෂාවක් නැති බව, ආචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
සම්භවය හා සංවර්ධනයනිරුක්තියපාලි යන වචනාර්ථයෙන් ම හැඟෙන්නේ "රේඛාව" හෝ "(ආගමික) පාඨය" යන්නයි. "පාලි" යන වදනම මුර්ධජ "ළ" යොදා "පාළි" ලෙස ද ලිවිය හැක. ආර්.සී.චිල්ඩර්ස් මෙය පරිවර්තනය කරන්නේ "පේළිය" ලෙස ය. ඔහු කියා සිටින්නේ මේ බස "එහි ව්‍යාකරනාණුකූලතාව නිසා මෙමෙ විරුද නාමය ලැබීමට සුදුසු බව" යි.මෙම පාළි භාෂාවේ නිරුක්තිය සදහන් කළහොත් ශ්‍රැතිස්මෘති අනුව පාළි යන නාමය සෑදී ඇත්තේ මෙලෙස යි. සන්ධි ක්‍රමය අනුව පහ+එළි යනුවෙන් විසන්ධි කර ගත හැක. මෙහි පහ යන වචනය හ ව්‍යංජනය ලොප් වී ප්‍රථම අක්ෂරය දීර්ඝ වේ. එලෙස එය පා බවට පත් වේ.උදාහරණ ලෙස පොහොර- පෝර වේ.මිහිරි- මීරි වේ. එළි වනාහි එ අක්ෂරය ලොප් වී ළි පමණක් සම්බන්ධ වේ. පා අක්ෂරයත් ළි අක්ෂරයත් එකතු වී පාළි වේ. මෙහි පහ යන්නෙහි අරුත නම් පංචස්කන්ධය යි.එළි යන්නෙහි අරුත සුද්ධ වීම යන්නයි. පංචස්කන්ධයෙහි නො ඇලීම පහ එළි වීම යි. පංචස්කන්ධය ට අමතර ව මනස ද තවත් ආයතනයකි. මෙම සළායතන සුද්ධ වීමෙන් හෙළ භාෂාව නිර්මණය වී ඇත. හය* එළි. හෙළ භාෂාව වේ. [1] රොබට් සීසර් චිල්ඩර්ස් තවදුරටත් පවසන්නේ පාලි බසෙහි සැබෑ නාමය මාගධි බවත් , ආදි බෞද්ධයින් පාලි යන්නේ වචනාර්ථය වන "රේඛාව , පේළිය, පාඨය" යන්නෙහි තේරුම දිග්කර "ග්‍රන්ථමාලාව" යන අරුත ගෙන ආ නිසා, පාලිභාසා යනු "පොත් පේලියේ බස " බවයි.[2] පාලි භාසාවේ අක්ෂරපාලි භාෂාව අක්ෂර 41කින් සමන්විතය. එහි ස්වර අක්ෂර 8ක් ද ව්‍යඤ්ජන අක්ෂර 33ක් ද ඇත. සරා (ස්වර) අ ආ ඉ ඊ උ ඌ එ ඔ බ්‍යඤ්ජන (ව්‍යඤ්ජන) ක් (ක) ඛ් (ඛ) ග් (ග) ඝ් (ඝ) ඞ් (ඞ) ච් (ච) ඡ් (ඡ) ජ් (ජ) ඣ් (ඣ) ඤ් (ඤ) ට් (ට) ඨ් (ඨ) ඩ් (ඩ) ඪ් (ඪ) ණ් (ණ) ත් (ත) ථ් (ථ) ද් (ද) ධ් (ධ) න් (න) ප් (ප) ඵ් (ඵ) බ් (බ) භ් (භ) ම් (ම) ය් (ය) ර් (ර) ල් (ල) ව් (ව) ස් (ස) හ් (හ) ළ් (ළ) (අං) ඉහත ස්වර අක්ෂර හ්‍රස්ව හා දීර්ඝ යැයි කොටස් දෙකකට බෙදනු ලැබේ.
එම අකුරු දෙක බැඳි අකුරුවලට මුලින් හෙවත් හල් කිරීම සහිත අකුරකට මුලින් යෙදී ඇති විට හ්‍රස්ව අකුරු ලෙස ගැනේ. උදා:- ඔක්කන්ති (මෙහි ඔ හ්‍රස්ව හෙවත් ඕ ලෙස ඇද ශබ්ද කිරීමක් නොකරයි. මෙලෙසම සොත්ථි, එත්තාවතා, ඛෙත්ත ආදිය ද වෙත්.) එ, ඔ අකුරු දෙකට පිටුපසින් බැඳි අකුරු නැත්නම් හෙවත් හල් අකුරක් නැත්නම් දීර්ඝ අකුරු ලෙස ගැනේ. උදා:- එවං (මෙය 'ඒ' ලෙස ඇද ශබ්ද කළ යුතුය.) ඔසද (මෙය 'ඕ' ලෙස ඇද ශබ්ද කළ යුතුය.) මෙලෙසම ඛෙම, සොම, ලොම ආදිය ද පිළිවෙලින් ඛේම, සෝම, ලෝම යනාදී ලෙස ශබ්ද කෙරේ. ඉහත ව්‍යඤ්ජන අක්ෂරවල ක සිට ම තෙක් ඇති අකුරු වර්ග 5කට බෙදනු ලැබේ. ඒවා නම් ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය.
ව්‍යඤ්ජන අකුරුවලින්,
කණ්ඨජ අක්ෂර:- "අකවග්ගහා කණ්ඨජා" අ , ආ යන්න ද , ක වර්ගයේ අකුරු පහ ද හ යන්නද මෙම කණ්ඨජ අකුරු වේ. අ, ආ, ක, ඛ, ග, ඝ, ඞ, හ තාලුජ අක්ෂර:- ඉ, ඊ, ච, ඡ, ජ, ඣ, ඤ, ය මුද්ධජ අක්ෂර:- ට, ඨ, ඩ, ඪ, ණ, ර, ළ දන්තජ අක්ෂර:- ත, ථ, ද, ධ, න, ල, ස ඔට්ඨජ අක්ෂර:- උ, ඌ, ප, ඵ, බ, භ, ම කණ්ඨතාලුජ:- එ කණ්ඨොට්ඨජ:- ඔ දන්තොට්ඨජ:- ව නාමපද සහ විභක්තිපාලි භාෂාවේ නාමපද ප්‍රධාන වශයෙන් පුරුෂ, ස්ත්‍රී හා නපුංසක ලෙස ලිඞ්ග 3කට බෙදේ. මෙහි විශේෂත්වය වන්නේ ජීවී දේවල් පමණක් නොව මුහුද, පොත යනාදී අජීවී වස්තූන් ද ශක්තිය, තණ්හාව, රස යනාදී නාම පද ද පවා ඉහත ලිඞ්ග තුනෙන් එකකට අයත් වීමය. උදාහරණයක් ලෙස අග්ගි (ගින්න) යන්න පුල්ලිඞ්ග (පුරුෂ ලිඞ්ග) වන අතර රත්ති (රාත්‍රිය) යන්න ඉත්ථී ලිඞ්ගික (ස්ත්‍රී ලිඞ්ගික) ලෙස ද අට්ඨි (අස්ථි) යන්න නපුංසක ලිඞ්ගික ලෙස ද ගැනේ. මෙනිසා පාලි භාසාව යම් පමණකට දුෂ්කර බසක් යැයි ද කෙනෙකුට සිතිය හැක. මෙවැනිම ලිඞ්ග භේදයක් ජර්මානු භාෂාවෙහි ද ඇත. මේ නාමපද අතිශය බොහෝමයක් (කීපයක් හැර) ඒක වචන හා බහු වචන ලෙස ද දැක්වෙත්. එමෙන්ම සෑම නාමපදයක්ම නැවතත් මූලික වශයෙන් විභත්ති 9කට (ආලපන හා කරණ විභත්තීන් ද ඇතුළත්ව) බෙදී විවිධ අර්ථ ප්‍රකාශ කරයි. එම අර්ථ පහත පරිදි දැක්විය හැක.
ඉහත විභත්ති බෙදීම ඇති වන්නේ නාම පදය අගට ඕ, ආ, ඒ ආදී ප්‍රත්‍යයන් එක් කිරීමෙනි. සිංහල භාෂාවේ දී නම් ට, ගේ, හි යන ප්‍රත්‍ය යෙදෙති. නමුත් සිංහල භාෂාවට වඩා පාලි භාෂාවේ ඇති වෙනස්කම් වන්නේ,
පුල්ලිඞ්ගික නාම පදපුල්ලිඞ්ග පදවල ප්‍රත්‍ය සමූහ 7ක් ඒ ඒ අන්ත ස්වරයට අනුකූලව ඇත. අකාරාන්ත පද ප්‍රත්‍ය
ඉකාරාන්ත පද ප්‍රත්‍ය
ඊකාරාන්ත පද මේ ප්‍රත්‍ය ද ඉකාරාන්ත පද ප්‍රත්‍යවලට බොහෝ දුරට සමානය.
උකාරාන්ත පද
ඌකාරාන්ත පද
ඉත්ථිලිඞ්ගික නාම පදආකාරාන්ත පද ප්‍රත්‍ය
ඉකාරාන්ත පද
ඊකාරාන්ත පද
උකාරාන්ත, ඌකාරාන්ත පදද මීට බොහෝ සමානය නපුංසකලිඞ්ගික නාම පදප්රත්ය
සබ්බනාම පදත (ඔහු/ඇය/එය/එම/එයා)
සබ්බ (සියල්ල)
සබ්බෝ, සබ්බේ (පඨමා) සබ්බං, සබ්බේ (දුතයා) සබ්බේන, සබ්බේහි/සබ්බේභි (තතියා/ කරණ) සබ්බස්ස, සබ්බේසං/සබ්බේසානං (චතුත්ථි/ ඡට්ඨී) සබ්බා/සබ්බම්හා/සබ්බස්මා, සබ්බේහි/ සබ්බේභි (පඤ්චමී) සබ්බම්හි/සබ්බස්මිං, සබ්බේසු (සත්තමී)
සබ්බා, සබ්බා/ සබ්බයෝ (පඨමා) සබ්බං, සබ්බා/සබ්බයෝ (දුතියා) සබ්බාය, සබ්බාහි/ සබ්බාභි (තතියා/ කරණ/ පඤ්චමී) සබ්බස්සා/සබ්බාය, සබ්බාසං/ සබ්බසානං (චතුත්ථි/ ඡට්ඨී) සබ්බස්සං/ සබ්බායං, සබ්බාසු (සත්තමී)
සබ්බං, සබ්බානි (පඨමා/ දුතියා) ඉතිරි විභත්ති පුල්ලිඞ්ගයෙහි මෙන් වර නැගේ. ය (යමෙක්/ යමක්)
යෝ, යේ (පඨමා) යං, යේ (දුතියා) යේන, යේහි/ යේභි (තතියා/ කරණ) යස්ස, යේසං/යේසානං (චතුත්ථි/ ඡට්ඨී) යම්හා/ යස්මා, යේහි/ යේභි (පඤ්චමී) යම්හි/ යස්මිං, යේසු (සත්තමී)
යා, යා/ යායෝ (පඨමා) යං, යා/ යායෝ (දුතියා) යාය, යාහි/ යාභි (තතියා/ කරණ/ පඤ්චමී) යස්සා/ යාය, යාසං/ යාසානං (චතුත්ථි/ ඡට්ඨී) යස්සං/ යායං, යාසු (සත්තමී)
යං, යේ/ යානි (පඨමා/ දුතියා) ඉතිරි විභත්ති පුල්ලිඞ්ග මෙන් වර නැගේ. තුම්හ (නුඹ)
ත්වං/ තුවං (පඨමා), තුම්හේ (බහු වචන) තං/ තවං/ ත්වං/ තුවං/ තේ (දුතියා), තුම්හාකං/ තුම්හේ/ වෝ (බහු) ත්වයා/ තයා (තතියා, කරණ, පඤ්චමී), තුම්හේහි/ තුම්හේභි (බහු) තව/ තුය්හං/ තුම්හං/ තේ (චතුත්ථි, ඡට්ඨී), තුම්හාකං/ තුම්හේ/ වෝ (බහු) ත්වයි/ තයි (සත්තමී), තුම්හේසු (බහු) අම්හ (මම)
අහං (පඨමා), මයං/ අම්හේ (අපි) මං/ මමං (දුතයා), අම්හාකං/ අම්හේ (බහු වචන) මයා (තතියා, කරණ, පඤ්චමී), අම්හේහි/ අම්හේභි (බහු) මම/ මය්හං/ අම්හං/ මමං/ මේ (චතුත්ථී, ඡට්ඨී), අම්හාකං/ අස්මාකං/ අම්හේ (බහු) මයි (සත්තමී), අම්හේසු (බහු) ඒත (අර/ අරයා/ අරක)
ඒසෝ (අරයා), ඒතේ (අරගොල්ලෝ) ඒතං (දුතියා), ඒතේ (බහු වචන) ඒතේන (තතියා, කරණ), ඒතේහි/ ඒතේභි (බහු) ඒතස්ස (චතුත්ථී, ඡට්ඨී), ඒතේසං/ ඒතේසානං (බහු) ඒතම්හා/ ඒතස්මා (අරයාගෙන්), ඒතේහි/ ඒතේභි (බහු) ඒතම්හි/ ඒතස්මිං (අරයා කෙරෙහි), ඒතේසු (අර අය කෙරෙහි)
ඒසා (පඨමා), ඒතා/ ඒතායෝ (බහු) ඒතං (දුතියා), ඒතා/ ඒතායෝ (බහු) ඒතාය (තතියා, කරණ), ඒතාහි/ ඒතාභි (බහු) ඒතිස්සාය/ ඒතිස්සා/ ඒතාය (චතුත්ථී, ඡට්ඨී), ඒතාසං/ ඒතාසානං (බහු) ඒතාය (පඤ්චමී), ඒතාහි/ ඒතාභි (බහු) ඒතිස්සං/ ඒතස්සං/ ඒතායං (සත්තමී), ඒතාසු (බහු)
ඒතං (පඨමා, දුතියා), ඒතේ/ ඒතානි (බහු) ඉතිරි විභක්ති පුල්ලිඞ්ගයෙහි මෙන් වර නැගේ. ඉම (මේ/ මෙයා/ මැය/ මෙය)
අයං (පඨමා), ඉමේ (බහු) ඉමං (දුතියා), ඉමේ (බහු) ඉමිනා/ අනේන (තතියා, කරණ), ඉමේහි/ ඉමේභි/ ඒහි/ ඒභි (බහු) අස්ස/ ඉමස්ස (චතුත්ථී, ඡට්ඨී), ඒසං/ ඒසානං/ ඉමේසං/ ඉමේසානං (බහු) ඉමස්මා/ අස්මා/ ඉමම්හා (පඤ්චමී), ඉමේහි/ ඉමේභි/ ඒහි/ ඒභි (බහු) ඉමස්මිං/ ඉමම්හි/ අස්මිං (සත්තමී), ඉමේසු/ ඒසු (බහු)
අයං (පඨමා), ඉමා/ ඉමායෝ (බහු) ඉමං (දුතියා), ඉමා/ ඉමායෝ (බහු) ඉමාය (තතියා, කරණ, පඤ්චමී), ඉමාහි/ ඉමාභි (බහු) ඉමිස්සා/ ඉමිස්සාය/ ඉමාය/ අස්සා/ අස්සාය (චතුත්ථී, ඡට්ඨී), ඉමාසං/ ඉමාසානං (බහු) ඉමස්සං/ ඉමායං/ අස්සං (සත්තමී), ඉමාසු (බහු)
ඉදං/ ඉමං (පඨමා, දුතියා), ඉමේ/ ඉමානි (බහු) ඉතිරි විභක්ති පුල්ලිඞ්ගයෙහි මෙන් වර නැගේ. අව්‍යය පදඋපසග්ගඅ අ + ධම්ම = අධම්ම (ධර්මයට විරුද්ධ / පටහැනි) අ + සඞ්ඛත = අසඞ්ඛත (හේතු ප්‍රත්‍යයන්ගෙන් නොසැකසුණු) අ + නිදස්සන = අනිදස්සන (නිදසුන් දැක්විය නොහැකි දේ / නිවන) අව අව + ඛිත්ත = අවක්ඛිත්ත (යට හෙළූ) අව + මුත්ත - ඔ + මුත්ත = ඔමුත්ත (ගැලවූ) අව + ගච්ඡති = අවගච්ඡති (දැන ගනී) අව + ජානන = අවජානන (පරිභව වන සේ දැන්වීම/ නින්දා කිරීම) අනු අනු + ඒති = අන්වේති (අනුව එයි) අනු + රත්තෝ = අනුරත්තෝ (ඒ අනුවම ඇළුණු) අනු + රූපං = අනුරූපං (ඒ රූපයට අනුව ඇති) අනු + මොග්ගල්ලානං = අනුමොග්ගල්ලානං (මුගලන් මහ රහතන් වහන්සේට වඩා අඩුය. උදා:- අනුමොග්ගල්ලානං ඉද්ධිමන්තෝ - මුගලන් තෙරුන් වහන්සේට වඩා ඍද්ධිමත් බවින් අඩුය) අනු + වසිතා = අන්වසිතා (යමක් ඇසුරු කොට වසන්නෝ) අභි අභි + මුඛ = අභිමුඛ (සමීපයේ) අභි + කන්ත = අභික්කන්ත (ඉතා කාන්තිමත්/ ප්‍රිය) අභි + කීළති = අභිකීළති (බොහෝ සේ ක්‍රීඩා කරයි) අභි + වන්දති = අභිවන්දති (මැනවින් වඳියි) ආ ආ + කඞ්ඛා = ආකඞ්ඛා (කැමත්ත) ආ + රාජං = ආරාජං (රජු තෙක්) ආ + ගඞ්ගා = ආගඞ්ගා (ගඟ දක්වා) ආ + ගත = ආගත (පැමිණි) අති අති + කම = අතික්කම (ඉක්මවීම) අති + ඛීණ = අතිඛීණ (ඉතා ක්‍ෂීණ වූ) අධි අධි + පඤ්ඤා = අධිපඤ්ඤා (අධික/උසස් ප්‍රඥාව) අධි + දේව = අධිදේව (ප්‍රධාන දෙවියා)
අධි + පද + ය + ති = අධිපජ්ජති (පැමිණෙයි) අප අප + කඩ්ඪති = අපකඩ්ඪති (ඉවතට අදී/ නෙරපයි) අප + චර = අපචර (සාවද්‍ය හැසිරීම) අප + චයති = අපචයති (පුදයි) උ උ + ඝෝස = උග්ඝෝස (උස්ව නැඟුණු ඝෝෂාව) උ + සජති = උස්සජති (ඉවත් කරයි/ හරියි) උ + භූත = උබ්භූත (පහළ විය) උප උප + නිවේසන = උපනිවේසන (සමීපව සේවනය කිරීම) උප + කප්පිත = උපකප්පිත (පූජාවට කැප කළ) උප + කෝසති = උපක්කෝසති (බොහෝ සේ නින්දා කරයි) උප + ආ + දාන = උපාදාන (දැඩිව අල්ලා ගැනීම) උප + පජ්ජති = උපපජ්ජති (උපදියි) දු දු + ඛ = දුක්ඛ (තෘප්තිමත් විය හැකි දෙයක් නැති හිස් බව දැනීම) දු + ජහ = දුජ්ජහ (අත් හැරීමට අපහසුව) නි නි + කමු + ති = නික්ඛමති (රැඳී නොසිට නික්ම යාම) නි + කඩ්ඨ + ති = නික්කඩ්ඪති (රඳවා නොගෙන පිටමං කිරීම/ නෙරපීම) නි + කඞ්ඛ = නික්කඞ්ඛ (නිසැක) නි + කුජ්ජේති = නික්කුජ්ජේති (යටිකුරු කරයි) නි + කන්තති = නිකන්තති (හාරා කපයි) නී නී + වරණ = නීවරණ (හොඳින් වැළකීම) නී + හරිත = නීහරිත (බැහැර කළ) ප ප + ඤා = පඤ්ඤා (ඇත්ත ඇති සැටියෙන්ම දනී) ප + නීත = පණීත (උතුම් බවට පැමිණි) ප + වාසී = පවාසී (වෙන්ව විසී) ප + භවති = පභවති (හොඳින් පහළ වේ) ප + නිධානං = පණිධානං (පැතීම) පරා පරා + භූත = පරාභූත (පිරිහුණු) පරා + ජේති = පරාජේති (පරදවයි) පරා + ආයන = අනුන් වෙත යෑම/ පිහිට/ ආධාරය) පරා + කමති = පරක්කමති (යමක් මුළුමනින්ම අවසන් කිරීමට උත්සාහ කිරීම) පරි පරි + ඉක්ඛති = පරික්ඛති (හාත්පස හොඳින් පරික්ෂා කරයි) පරි + කිරති = පරිකිරති (හාත්පස විසුරුවයි) පරි + කඩ්ඨති = පරිකඩ්ඨති (එහා මෙහා අදියි) පරි + ඛිපති = පරික්ඛිපති (හාත්පස වටකරයි) පරි + ඛණති = පරිඛණති (හාත්පස හාරයි) පති/ පටි පති + රූප = පතිරූප (සමාන රූපය/ ආකාරය) පති + ඨති = පතිට්ඨති (ප්‍රතිෂ්ඨාපනය කරයි) පති + ක්‍රියා = පතික්‍රියා (ප්‍රතික්‍රියාව) පටි + කමති = පටික්කමති (ආපසු යයි) වි වි + සුජ්ඣති = විසුජ්ඣති (විවිධ අයුරින් පිරිසිදු වෙයි) වි + කත = විකත (කළ දෙයට විරුද්ධ දෙයක් කර වෙනස් කරන ලද) වි + මුඛ = විමුඛ (ඉවතට හැරවූ මුහුණ) වි + රාග = විරාග (පහවූ රාගය) ස ස + භික්ඛු = සභික්ඛු (භික්ෂූන් සහිත) ස + සඞ්ඛාර = සසඞ්ඛාර (සඞ්ඛාර සහිත) සං සං + වද්ධන = සංවද්ධන (මැනවින් වැඩීම/ සංවර්ධනය) සං + කිලිස්සති = සංකිලිස්සති (අතිශයින් කිලිටි වෙයි) සං + ජානාති = සඤ්ජානාති (හඳුනා ගනියි) සං + සරති = සංසරති (යළි යළි සැරිසරයි) සු සු + ධම්ම = සුධම්ම (යහපත් ධර්මය) සු + ලභ = සුලභ (පහසුවෙන් ලැබිය හැකි) දු දු + භික්ඛ = දුබ්භික්ඛ (දුර්භික්ෂය) දු + ලභ = දුල්ලභ (පහසුවෙන් ලැබිය නොහැකි) නිපාතඅථ/අථෝ (ඉක්බිති) ඛෝ (වනාහි) ඛලු (ඒකාන්තයෙන්; ප්‍රතිෂෙධ, වාක්‍යාලඞ්කාර අවධාරණ, ප්‍රසිද්ධිය යන අර්ථ) නු (නේ, නෙව, නේද?) ඉති (මෙසේ; හේතු, ප්‍රකාර, ආද්‍යාර්ථ, අවධාරණ, නිදර්‍ශන, පදාර්ථ විපර්‍ය්‍යාස, පරිසමාප්ති යන අර්ථ) සෙය්‍යථාපි (යම් සේ) සහ (සමඟ) සද්ධිං (සමඟ) යදි (ඉතින්, ඉදින්) චේ (ඉතින්, ඉදින්) න (නො) නෝ (නො, නොවේද?) මා (එපා) ච (ද) වා (හෝ - හැර) පන (වනාහි,වූ කලී) විකල්පාර්ථයේදී (එහෙත්,නමුත්) අපි (ත්) සද්දං + අපි = සද්දම්පි (සද්දයකුත්) ජාති + අපි = ජාතිපි (ඉපදීමත්) ජරා + අපි = ජරාපි (දිරා යාමත්)
තෝ පඤ්චමී හෝ සත්තමී අර්ථය මෙම නිපාතය පදයක් අවසානයට යෙදීමෙන් ලැබේ. අග්ගි + තෝ = අග්ගිතෝ (අග්නියෙන්) රාජ + තෝ = රාජතෝ (රජු කෙරෙන්) ය + තෝ = යතෝ (යමකින්) ත + තෝ = තතෝ (එයින්) කු + තෝ = කුතෝ (කොයින්) ඒත + තෝ = ඒතතෝ/ අතතෝ (මෙයින්) පච්ඡ + තෝ = පච්ඡතෝ (පසුව) පුර + තෝ = පුරතෝ (ඉදිරියෙහි) ත්‍ර කිං + ත්‍ර = කු + ත්‍ර = කුත්‍ර (කොහි ද?, කොහේද?) ඒත + ත්‍ර = අත + ත්‍ර = අත්‍ර (මෙහි) ය + ත්‍ර = යත්‍ර (යම් තැනක) ත + ත්‍ර = තත්‍ර (එහි) අඤ්ඤ + ත්‍ර = අඤ්ඤත්‍ර (අන්‍යන්හි, අන්‍ය තැනෙක්හි, අන්‍යයෙක් කෙරෙහි) ථ කිං + ථ = කු + ථ = කුත්ථ (කොහිද?) ඒත + ථ = එත්ථ (මෙහි) ත + ථ = තත්ථ (එහි) ය + ථ = යත්ථ (යමෙක් කෙරෙහි, යම් තැනක) ථං ඉම + ථං = ඉ + ථං = ඉත්ථං (මෙසේ) කිං + ථං = ක + ථං = කථං (කෙසේ) දා සබ්බ + දා = සබ්බදා (සැමදා) ඒක + දා = ඒකදා (එක් දවසක) ය + දා = යදා (යම් දවසක) ධ ඉම + ධ = ඉ + ධ = ඉධ (මෙහි) ක්‍රියා පද (ආඛ්‍යාත)වත්තමානා, පඤ්චමී, සත්තමී, හීයන්තනී, පරොක්ඛා, අජ්ජතනී, භවිස්සන්තී, කාලාතිපත්ති යනුවෙන් ආඛ්‍යාත විභත්ති කාල 8කි. එම එක් එක් ආඛ්‍යාත විභත්තිය පඨම, මජ්ඣිම, උත්තම ලෙස පුරිස 3කට ද පරස්ස පද හා අත්තනෝ පද ලෙස වර්ග 2කට ද කත්තූ, කම්ම හා භාව සාධන යන කාරක 3කට ද බෙදේ. ක්‍රියාවේ ඵලය ලැබෙන්නේ අන් අයට නම් එය පරස්ස පද ලෙස ද ක්‍රියාවේ ඵලය ලැබෙන්නේ එය සිදු කරන්නාටම නම් එය අත්තනෝ පද ලෙස ද තබයි. කත්තු උක්ත වන වාක්‍ය කත්තු කාරක ලෙස ද කම්මය උක්ත වන වාක්‍ය කම්ම කාරක වාක්‍ය ලෙස ද හැඳින් වේ. භාව සාධන වාක්‍ය මඟින් සිදු වීම් මාත්‍රය පමණක් ප්‍රකාශ කෙරේ. සබ්බ ධාතුක ඉහත විභත්ති 8න් වත්තමානා, පඤ්චමී, සත්තමී, හීයන්තනී යන විභතතිවල සියළුම ධාතූන් වර නැගේ. එනිසා ඒ විභත්තිවලට සබ්බ ධාතුක විභත්ති යැයි කියනු ලැබේ. අසබ්බ ධාතුක පරොක්ඛා, අජ්ජතනී, භවිස්සන්තී, කාලාතිපත්ති යන විභත්තිවල ඇතැම් ධාතූන් වර නොනැගෙන නිසා ඒවා අසබ්බ ධාතුක විභත්ති යැයි කියනු ලැබේ. මෙම විභත්තීන්හි ධාතූන් වර නැගෙන විට ධාතුව සහ විභත්ති ප්‍රත්‍යය අතර ඉකාරයක් ආගමනය වේ. උදා:- පච + ඉ + ස්සති = පචිස්සති යම් කිසි ක්‍රියා පදයක් සෑදෙන්නේ ධාතුවට අදාළ ආඛ්‍යාත විභත්ති ප්‍රත්‍ය යෙදීමෙනි. එම ධාතු සකම්මක, අකම්මක හා ද්වීකම්මක ලෙස බෙදේ. සකම්මක ධාතු මේ ධාතුවලින් සෑදෙන ක්‍රියා පදවලට කම්මයක් තිබිය යුතුය. උදාහරණ ලෙස 'භික්ඛු ධම්මං පස්සති (භික්ෂුව ධර්මය දකියි)' යන්නෙහි ධම්මං යනු කම්මයයි. එයින් භික්ෂුව දකින්නේ කුමක් ද යන්න කියැවේ. අකම්මක ධාතු මේ ක්‍රියා පදවලට කම්මයක් නැත. උදා:- සා සංසරති (ඇය සැරිසරයි) ද්වී කම්මක ධාතු කම්මයන් දෙකක් ඇති කිරිය පද මෙලෙස හැඳින්වේ. උදා:- සෝ පුරිසං පඤ්හං පුච්ඡති (ඔහු පුරිසයාගෙන් පැණයක් අසයි) ධාතු ගණ ධාතූන් ගණ 7ට බෙදේ. ධාතූන්ගෙන් කත්තු කාරකයෙහි කිරිය පද සෑදීමේ දී ධාතුව සහ විභත්ති ප්‍රත්‍යය අතරට විකරණ ප්‍රත්‍යයක් යොදනු ලැබේ. ඒ ඒ ධාතු ගණයට අනන්‍ය වූ විකරණ ප්‍රත්‍යයක් හෝ විකරණ ප්‍රත්‍ය කීපයක් ඇත. 1. භුවාදී ගණය - විකරණ ප්‍රත්‍යය 'අ/ ඒ' 2. රුධාදී ගණය - විකරණ ප්‍රත්‍යය අ සහ ධාතුවේ අග අකුරට කලින් බින්දුව හෝ අග අකුරට අනුරූප නාසික්‍යය යෙදේ. උදා:- රුධ+ අ+ ති = රු+ න්+ ධ+ ති= රුන්ධති 3. දිවාදී ගණය - ය විකරණ ප්‍රත්‍යය (බොහෝ විට ධාතුවේ අන්ත ස්වරය ලොප් වේ). උදා:- දිව+ ය+ ති= දිව්+ ය+ ති= දිව්‍යති 4. ස්වාදී ගණය- විකරණ ප්‍රත්‍ය 'ණු/ උණා/ ණා' 5. කියාදී ගණය- විකරණ ප්‍රත්‍ය 'නා/ ණා' 6. තනාදී ගණය- විකරණ ප්‍රත්‍ය 'ඕ, යිර' 7. චුරාදී ගණය- විකරණ ප්‍රත්‍ය 'ණේ/ණය'. මෙහි ණ් තිබෙන්නේ ධාතුවේ මුල අකුර වෘද්ධි වීමටය. එවිට 'ඒ/ අය' යන ප්‍රත්‍ය ඉතිරි වේ. උදා:- චුර+ ණේ+ ති= ච්+ උ+ ර+ ණ්+ ඒ+ ති= ච්+ ඕ+ ර+ ඒ+ ති= චෝරේති කම්ම කාරක පද මේවා සකම්මක ධාතූන්ගෙන් සෑදේ. මෙහිදී ධාතුව හා විභත්ති ප්‍රත්‍යය අතරට ය කාරයක් ආගමනය වේ. එවිට ධාතුවේ අග අකුරේ අන්ත ස්වරය ලොප් වීම හෝ ධාතුවේ අන්තයට හෙවත් ය කාරයට පෙර ඊ කාරයක් ආගමනය වීම හෝ සිදු වේ. එමෙන්ම කත්තු කාරකයේ දී යෙදූ ධාතු ගණයට අදාළ විකරණ ප්‍රත්‍යය නො යෙදේ. බොහෝ විට මෙහිදී අත්තනෝ පදය යොදා ගැනේ. උදා:- පච+ ය+ ති = පච්+ ය+ ති = පච්+ ච + ති = පච්චති වත්තමාන විභත්තිය
උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + ති = ඉච්ඡ + ති = ඉච්ඡති (කැමති වෙයි) + තේ = ඉච්ඡතේ (කැමති වේ) පඨම පුරිස බහු වචන - ඉසු + අ + අන්ති = ඉච්ඡන්ති (කැමති වෙති) + අන්තේ = ඉච්ඡන්තේ (කැමති වෙති) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + සි = ඉච්ඡසි (කැමති වෙහි) + සේ = ඉච්ඡසේ (කැමති වෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + ථ = ඉච්ඡථ (කැමති වෙහු) + ව්හේ = ඉච්ඡව්හේ (කැමති වෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + මි = ඉච්ඡාමි (කැමති වෙමි) + ඒ = ඉච්ඡේ (කැමති වෙමි) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + ම = ඉච්ඡාම (කැමති වෙමු) + ම්හේ = ඉච්ඡාම්හේ (කැමති වෙමු) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + තේ = ඉච්ඡීයතේ (කැමති වනු ලැබේ) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + අන්තේ = ඉච්ඡීයන්තේ (කැමති වනු ලැබෙත්) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + සේ = ඉච්ඡීයසේ (කැමති වනු ලැබෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ව්හේ = ඉච්ඡීයව්හේ (කැමති වනු ලැබෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඒ = ඉච්ඡීයේ (කැමති වනු ලැබෙමි) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ම්හේ = ඉච්ඡීයම්හේ (කැමති වනු ලැබෙමු) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡින්දි + අ + ති = ඡින්දති (සිඳියි) ඡින්දි + අ + අන්ති = ඡින්දන්ති (සිඳති) ඡින්දි + අ + සි = ඡින්දසි (සිඳහි) ඡින්දි + අ + ථ = ඡින්දථ (සිඳහු) ඡින්දි + අ + මි = ඡින්දාමි (සිඳිමි) ඡින්දි + අ + ම = ඡින්දාම (සිඳිමු) කම්ම කාරකය ඡිදි + ය + තේ = ඡිජ්ජතේ (සිඳනු ලැබේ) ඡිදි + ය + අන්තේ = ඡිජ්ජන්තේ (සිඳිනු ලැබෙති) ඡිදි + ය + සේ = ඡිජ්ජසේ (සිඳිනු ලැබෙහි) ඡිදි + ය + ව්හේ = ඡිජ්ජව්හේ (සිඳිනු ලැබෙහු) ඡිදි + ය + ඒ = ඡිජ්ජේ (සිඳිනු ලැබෙමි) ඡිදි + ය + ම්හේ = ඡිජ්ජම්හේ (සිඳිනු ලැබෙමු) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ය + ති = යුජ්ඣති (යුද්ධ කරයි) යුධ + ය + අන්ති = යුජ්ඣන්ති (යුද්ධ කරති) යුධ + ය + සි = යුජ්ඣසි (යුද්ධ කරහි) යුධ + ය + ථ = යුජ්ඣථ (යුද්ධ කරහු) යුධ + ය + මි = යුජ්ඣාමි (යුද්ධ කරමි) යුධ + ය + ම = යුජ්ඣාම (යුද්ධ කරමු) පඤ්චමී විභත්තිය
යන අර්ථ පඤ්චමී විභත්තිය මඟින් ලබා දේ. උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + තු = ඉච්ඡ + තු = ඉච්ඡතු (කැමති වෙන්න/ කැමති වනු) + තං = ඉච්ඡතං (කැමති වන්න) පඨම පුරිස බහු වචන - ඉසු + අ + අන්තු = ඉච්ඡන්තු (කැමති වෙත්වා) + අන්තං = ඉච්ඡන්තං (කැමති වෙත්වා) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + ආහි/ අ = ඉච්ඡාහි/ ඉච්ඡ (කැමති වෙහි) + ස්සු = ඉච්ඡස්සු (කැමති වෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + ථ = ඉච්ඡථ (කැමති වෙහු) + ව්හෝ = ඉච්ඡව්හෝ (කැමති වෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + මි = ඉච්ඡාමි (කැමති වෙම්වා) + ඒ = ඉච්ඡේ (කැමති වෙම්වා) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + ම = ඉච්ඡාම (කැමති වෙමුවා) + ආමසේ = ඉච්ඡාමසේ (කැමති වෙමුවා) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + තං = ඉච්ඡීයතං (කැමති වනු ලැබේවා) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + අන්තං = ඉච්ඡීයන්තං (කැමති වනු ලැබෙත්වා) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ස්සු = ඉච්ඡීයස්සු (කැමති වනු ලැබෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ව්හෝ = ඉච්ඡීයව්හෝ (කැමති වනු ලැබෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඒ = ඉච්ඡීයේ (කැමති වනු ලැබෙම්වා) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ආමසේ = ඉච්ඡීයාමසේ (කැමති වනු ලැබෙමු) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡින්දි + අ + තු = ඡින්දතු (සිඳිනු) ඡින්දි + අ + අන්තු = ඡින්දන්තු (සිඳිව්) ඡින්දි + අ + ආහි/ අ = ඡින්දාහි/ ඡින්ද (සිඳහි) ඡින්දි + අ + ථ = ඡින්දථ (සිඳහු) ඡින්දි + අ + මි = ඡින්දාමි (සිඳිම්වා) ඡින්දි + අ + ම = ඡින්දාම (සිඳිමුවා) කම්ම කාරකය ඡිදි + ය + තේ = ඡිජ්ජතං (සිඳනු ලැබේවා) ඡිදි + ය + අන්තං = ඡිජ්ජන්තේ (සිඳිනු ලැබෙත්වා) ඡිදි + ය + ස්සු = ඡිජ්ජස්සු (සිඳිනු ලැබෙහිවා) ඡිදි + ය + ව්හෝ = ඡිජ්ජව්හෝ (සිඳිනු ලැබෙහු) ඡිදි + ය + ඒ = ඡිජ්ජේ (සිඳිනු ලැබෙම්වා) ඡිදි + ය + ආමසේ = ඡිජ්ජාමසේ (සිඳිනු ලැබෙමුවා) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ය + තු = යුජ්ඣතු (යුද්ධ කරනු) යුධ + ය + අන්තු = යුජ්ඣන්තු (යුද්ධ කරව්) යුධ + ය + ආහි/ අ = යුජ්ඣාහි/ යුජ්ඣ (යුද්ධ කරහි) යුධ + ය + ථ = යුජ්ඣථ (යුද්ධ කරහු) යුධ + ය + මි = යුජ්ඣාමි (යුද්ධ කරම්වා) යුධ + ය + ම = යුජ්ඣාම (යුද්ධ කරමුවා) සත්තමී විභත්තිය
යන අර්ථ සත්තමී විභත්තිය මඟින් ලබා දේ. උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + එය්‍ය = ඉච්ඡ + එය්‍ය = ඉච්ඡෙය්‍ය (කැමති වෙයි ද?) පඨම පුරිස බහු වචන - ඉසු + අ + එය්‍යුං = ඉච්ඡෙය්‍යුං (කැමති වෙත් ද?) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + එය්‍යාසි = ඉච්ඡෙය්‍යාසි (කැමති වෙහි ද?) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + එය්‍යාථ = ඉච්ඡෙය්‍යාථ (කැමති වෙහු ද?) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + එය්‍යාමි = ඉච්ඡෙය්‍යාමි (කැමති වෙම් ද?) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + එය්‍යාම = ඉච්ඡෙය්‍යාම (කැමති වෙමු ද?) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ය + ඒථ = ඉච්ඡේථ (කැමති වනු ලැබේ ද?) පඨම පුරිස බහු වචන - ඉසු + ය + ඒරං = ඉච්ඡේරං (කැමති වනු ලැබෙත් ද?) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ය + ඒථෝ = ඉච්ඡේථෝ (කැමති වනු ලැබෙහි ද?) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ය + එය්‍යව්හෝ = ඉච්ඡෙය්‍යව්හෝ (කැමති වනු ලැබෙහු ද?) උත්තම පුරිස ඒක වචන - ඉසු + ය + එය්‍යං = ඉච්ඡෙය්‍යං (කැමති වනු ලැබෙම් ද?) උත්තම පුරිස බහු වචන - ඉසු + ය + එය්‍යාම්හේ = ඉච්ඡෙය්‍යාම්හේ (කැමති වනු ලැබෙමු ද?) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡින්දි + අ + ඒ = ඡින්දේ (සිඳියි ද?) ඡින්දි + අ + උං = ඡින්දුං (සිඳති ද?) ඡින්දි + අ + ඒ = ඡින්දේ (සිඳහි ද?) ඡින්දි + අ + එය්‍යාථ = ඡින්දෙය්‍යාථ (සිඳහු ද?) ඡින්දි + අ + ඒ = ඡින්දේ (සිඳිම් ද?) ඡින්දි + අ + එය්‍යාම = ඡින්දෙය්‍යාම (සිඳිමු) කම්ම කාරකය ඡිදි + ය + ඒථ = ඡිජ්ජේථ (සිඳනු ලැබේ ද?) ඡිදි + ය + ඒරං = ඡිජ්ජේරං (සිඳිනු ලැබෙත් ද?) ඡිදි + ය + ඒථෝ = ඡිජ්ජේථෝ (සිඳිනු ලැබෙහි ද?) ඡිදි + ය + එය්‍යව්හෝ = ඡිජ්ජෙය්‍යව්හෝ (සිඳිනු ලැබෙහු ද?) ඡිදි + ය + එය්‍යං = ඡිජ්ජෙය්‍යං (සිඳිනු ලැබෙම් ද?) ඡිදි + ය + එය්‍යාම්හේ = ඡිජ්ජෙය්‍යාම්හේ (සිඳිනු ලැබෙමු ද?) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ය + එය්‍ය = යුජ්ඣෙය්‍ය (යුද්ධ කරයි ද?) යුධ + ය + එය්‍යුං = යුජ්ඣෙය්‍යුං (යුද්ධ කරති ද?) යුධ + ය + එය්‍යාසි = යුජ්ඣෙය්‍යාසි (යුද්ධ කරහි ද?) යුධ + ය + එය්‍යාථ = යුජ්ඣෙය්‍යාථ (යුද්ධ කරහු ද?) යුධ + ය + එය්‍යාමි = යුජ්ඣෙය්‍යාමි (යුද්ධ කරම් ද?) යුධ + ය + එය්‍යාම = යුජ්ඣෙය්‍යාම (යුද්ධ කරමු ද?) හීයත්තනී විභත්තියබොහෝ විට ක්‍රියා පදයේ මුලට අ කාරයක් යෙදේ.
උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + ආ = ඉච්ඡ + ආ = ඉච්ඡා (කැමති විය) පඨම පුරිස බහු වචන - ඉසු + අ + උ = ඉච්ඡූ (කැමති වූහ) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + ඕ = ඉච්ඡෝ (කැමති වූවෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + ත්ථ = ඉච්ඡත්ථ (කැමති වූවෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + අ = ඉච්ඡ (කැමති වීමි) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + ම්හා = ඉච්ඡම්හා (කැමති වීමු) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ත්ථ = ඉච්ඡීයත්ථ (කැමති වනු ලැබිණි) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ත්ථුං = ඉච්ඡීයත්ථුං (කැමති වනු ලැබූහ) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + සේ = ඉච්ඡීයසේ (කැමති වනු ලැබූවෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ව්හං = ඉච්ඡීයව්හං (කැමති වනු ලැබූවෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉං = ඉච්ඡීයිං (කැමති වනු ලැබූවෙමි) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ම්හසේ = ඉච්ඡීයම්හසේ (කැමති වනු ලැබූවෙමු) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය අ + ඡින්දි + අ + ආ = අඡින්දා (සිඳුවේය) අ + ඡින්දි + අ + ඌ = අඡින්දූ (සිඳූහ) අ + ඡින්දි + අ + ඕ = අඡින්දෝ (සිඳූවෙහි) අ + ඡින්දි + අ + ත්ථ = අඡින්දත්ථ (සිඳූවෙහු) අ + ඡින්දි + අ + අං = අඡින්දං (සිඳුවෙමි) අ + ඡින්දි + අ + ම්හා = අඡින්දම්හා (සිඳුවෙමු) කම්ම කාරකය අ + ඡිදි + ය + ත්ථ = අඡිජ්ජත්ථ (සිඳනු ලැබිණි) අ + ඡිදි + ය + ත්ථුං = අඡිජ්ජත්ථුං (සිඳිනු ලැබූහ) අ + ඡිදි + ය + සේ = අඡිජ්ජසේ (සිඳිනු ලැබූවෙහි) අ + ඡිදි + ය + ව්හං = අඡිජ්ජව්හං (සිඳිනු ලැබූවෙහු) අ + ඡිදි + ය + ඉං = අඡිජ්ජිං (සිඳිනු ලැබීමි) අ + ඡිදි + ය + ම්හසේ = අඡිජ්ජම්හසේ (සිඳිනු ලැබීමු) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය අ + යුධ + ය + ආ = අයුජ්ඣා (යුද්ධ කළේය) අ + යුධ + ය + ඌ = අයුජ්ඣූ (යුද්ධ කළෝය) අ + යුධ + ය + ඕ = අයුජ්ඣෝ (යුද්ධ කළෙහි) අ + යුධ + ය + ත්ථ = අයුජ්ඣත්ථ (යුද්ධ කළෙහු) අ + යුධ + ය + අ = අයුජ්ඣ (යුද්ධ කළෙමි) අ + යුධ + ය + ම්හා = අයුජ්ඣම්හා (යුද්ධ කළෙමු) පරොක්ඛා විභත්තිය
පරස්ස පද ප්‍රත්‍ය පඨම පුරිස - අ (ඒක වචන), උ (බහු වචන) මජ්ඣිම පුරිස - ඒ (ඒක), ත්ථ (බහු) උත්තම පුරිස - අ (ඒක), ම්හ (බහු) අත්තනෝ පද ප්‍රත්‍ය පඨම - ත්ථ (ඒක), රේ (බහු) මජ්ඣිම - ත්ථෝ (ඒක), ව්හෝ (බහු) උත්තම - ඉ (ඒක), ම්හේ (බහු)
උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + අ = ඉච්ඡ (කැමති වෙලාලු) පඨම පුරිස බහු වචන - ඉසු + අ + උ = ඉච්ඡු (කැමති වෙලා) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + ඒ = ඉච්ඡේ (කැමති වෙලා) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ත්ථ = ඉච්ඡිත්ථ (කැමති වෙලාලු) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + අ = ඉච්ඡ (කැමති වීලා) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ම්හ = ඉච්ඡිම්හ (කැමති වෙලා) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ත්ථ = ඉච්ඡීයිත්ථ (කැමති වනු ලැබීලා) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + රේ = ඉච්ඡීයිරේ (කැමති වනු ලැබිලා) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ත්ථෝ = ඉච්ඡීයිත්ථෝ (කැමති වනු ලැබිලාලු) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ව්හෝ = ඉච්ඡීයිව්හෝ (කැමති වනු ලැබිලා) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ = ඉච්ඡීයි (කැමති වනු ලැබිල) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ම්හේ = ඉච්ඡීයිම්හේ (කැමති වනු ලැබිලාලු) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡින්දි + අ + අ = චඡින්ද (සිඳල) ඡින්දි + අ + උ = චඡින්දු (සිඳලා) ඡින්දි + අ + ඒ = ඡින්දේ (සිඳලාලු) ඡින්දි + අ + ඉ + ත්ථ = ඡින්දිත්ථ (සිඳල) ඡින්දි + අ + අ = ඡින්ද (සිඳල) ඡින්දි + අ + ඉ + ම්හ = ඡින්දිම්හ (සිඳලාලු) කම්ම කාරකය ඡිදි + ය + ඉ +ත්ථ = චඡිජ්ජිත්ථ (සිඳනු ලැබිල) ඡිදි + ය + ඉ + රේ = චඡිජ්ජිරේ (සිඳිනු ලැබිලා) ඡිදි + ය + ඉ + ත්ථෝ = චඡිජ්ජිත්ථෝ (සිඳිනු ලැබිලා) ඡිදි + ය + ඉ + ව්හෝ = චඡිජ්ජිව්හෝ (සිඳිනු ලැබිල) ඡිදි + ය + ඉ = චඡිජ්ජි (සිඳිනු ලැබෙමි) ඡිදි + ය + ඉ + ම්හේ = චඡිජ්ජිම්හේ (සිඳිනු ලැබෙමු) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ය + අ = යයුජ්ඣ (යුද්ධ කරල) යුධ + ය + උ = යයුජ්ඣු (යුද්ධ කරල) යුධ + ය + ඒ = යයුජ්ඣේ (යුද්ධ කරහි) යුධ + ය + ඉ + ත්ථ = යයුජ්ඣිත්ථ (යුද්ධ කරලාලු) යුධ + ය + අ = යයුජ්ඣ (යුද්ධ කරල) යුධ + ය + ඉ + ම්හ = යුජ්ඣිම්හ (යුද්ධ කරල) අජ්ජතනී විභත්තිය
පරස්ස පද ප්‍රත්‍ය පඨම පුරිස - ඊ/ ඌ/ සි/ ඉ (ඒක වචන), උං/ ඉංසු (බහු වචන) මජ්ඣිම පුරිස - ඕ (ඒක), ත්ථ (බහු) උත්තම පුරිස - ඉං (ඒක), ම්හා/ ම්හ/ ම්හි (බහු) අත්තනෝ පද ප්‍රත්‍ය පඨම - ආ/ ත්ථ (ඒක), ඌ (බහු) මජ්ඣිම - සේ (ඒක), ව්හං (බහු) උත්තම - අ/ අං (ඒක), ම්හේ (බහු)
උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + ඊ = ඉච්ඡී (කැමති විය) පඨම පුරිස බහු වචන - ඉසු + අ + ඉංසු = ඉච්ඡිංසු (කැමති වූහ) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + ඕ = ඉච්ඡෝ (කැමති වීහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ත්ථ = ඉච්ඡිත්ථ (කැමති වීහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + ඉං = ඉච්ඡිං (කැමති වුණෙමි) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ම්හා = ඉච්ඡිම්හා (කැමති වෙමු) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ආ = ඉච්ඡීයා (කැමති වනු ලැබිණි) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඌ = ඉච්ඡීයූ (කැමති වනු ලැබුණෝය) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + සේ = ඉච්ඡීයිසේ (කැමති වනු ලැබීහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ව්හං = ඉච්ඡීයිව්හං (කැමති වනු ලැබීහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + අ = ඉච්ඡීය (කැමති වනු ලැබීමි) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ම්හේ = ඉච්ඡීයිම්හේ (කැමති වනු ලැබුණෙමු) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡින්දි + අ + ඉ + සි = අඡින්දිසි (සිඳුවේය) ඡින්දි + අ + උං = අඡින්දුං (සිඳුවෝය) ඡින්දි + අ + ඕ = අඡින්දෝ (සිඳුවෙහි) ඡින්දි + අ + ඉ + ත්ථ = අඡින්දිත්ථ (සිඳුවෙහු) ඡින්දි + අ + ඉං = අඡින්දිං (සිඳුවෙමි) ඡින්දි + අ + ඉ + ම්හ = අඡින්දිම්හ (සිඳුවෙමු) කම්ම කාරකය ඡිදි + ය + ඉ + ත්ථ = අඡිජ්ජිත්ථ (සිඳනු ලැබිණි) ඡිදි + ය + ඌ = අඡිජ්ජූ (සිඳිනු ලැබූහ) ඡිදි + ය + ඉ + සේ = අඡිජ්ජිසේ (සිඳිනු ලැබුවෙහි) ඡිදි + ය + ඉ + ව්හං = අඡිජ්ජිව්හං (සිඳිනු ලැබුවෙහු) ඡිදි + ය + අං = අඡිජ්ජං (සිඳිනු ලැබීමි) ඡිදි + ය + ඉ + ම්හේ = අඡිජ්ජිම්හේ (සිඳිනු ලැබීමු) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ය + ඊ = අයුජ්ඣී (යුද්ධ කළේය) යුධ + ය + උං = අයුජ්ඣුං (යුද්ධ කළහ) යුධ + ය + ඕ = අයුජ්ඣෝ (යුද්ධ කළෙහි) යුධ + ය + ඉ + ත්ථ = අයුජ්ඣිත්ථ (යුද්ධ කළෙහු) යුධ + ය + ඉං = අයුජ්ඣිං (යුද්ධ කළෙමි) යුධ + ය + ඉ + ම්හා = අයුජ්ඣිම්හා (යුද්ධ කළෙමු) භවිස්සන්තී විභත්තිය
පරස්ස පද ප්‍රත්‍ය පඨම පුරිස - ස්සති (ඒක වචන), ස්සන්ති (බහු වචන) මජ්ඣිම පුරිස - ස්සසි (ඒක), ස්සථ (බහු) උත්තම පුරිස - ස්සාමි (ඒක), ස්සාම (බහු) අත්තනෝ පද ප්‍රත්‍ය පඨම - ස්සතේ (ඒක), ස්සන්තේ (බහු) මජ්ඣිම - ස්සසේ (ඒක), ස්සව්හේ (බහු) උත්තම - ස්සං (ඒක), ස්සාම්හේ (බහු)
උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + ඉ + ස්සති = ඉච්ඡිස්සති (කැමති වන්නේය) පඨම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ස්සන්ති = ඉච්ඡිස්සන්ති (කැමති වන්නෝය) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + ඉ + සි = ඉච්ඡිස්සසි (කැමති වන්නෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ස්සථ = ඉච්ඡිස්සථ (කැමති වන්නෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + ඉ + ස්සාමි = ඉච්ඡිස්සාමි (කැමති වන්නෙමි) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ම = ඉච්ඡිස්සාම (කැමති වන්නෙමු) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සතේ = ඉච්ඡීයිස්සතේ (කැමති වනු ලැබෙන්නේය) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + සන්තේ = ඉච්ඡීයිස්සන්තේ (කැමති වනු ලැබෙන්නෝය) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සසේ = ඉච්ඡීයිස්සසේ (කැමති වනු ලැබෙන්නෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සව්හේ = ඉච්ඡීයිස්සව්හේ (කැමති වනු ලැබෙන්නෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සං = ඉච්ඡීයිස්සං (කැමති වනු ලැබෙන්නෙමි) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සාම්හේ = ඉච්ඡීයිස්සාම්හේ (කැමති වනු ලැබෙන්නෙමු) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡින්දි + අ + ඉ + ස්සති = ඡින්දිස්සති (සිඳින්නේය) ඡින්දි + අ + ඉ + ස්සන්ති = ඡින්දිස්සන්ති (සිඳන්නෝය) ඡින්දි + අ + ඉ + ස්සසි = ඡින්දිස්සසි (සිඳින්නෙහි) ඡින්දි + අ + ඉ + ස්සථ = ඡින්දිස්සථ (සිඳින්නෙහු) ඡින්දි + අ + ඉ + ස්සාමි = ඡින්දිස්සාමි (සිඳින්නෙමි) ඡින්දි + අ + ඉ + ස්සාම = ඡින්දිස්සාම (සිඳින්නෙමු) කම්ම කාරකය ඡිදි + ය + ඉ + ස්සතේ = ඡිජ්ජිස්සතේ (සිඳනු ලැබෙන්නේය) ඡිදි + ය + ඉ + ස්සන්තේ = ඡිජ්ජිස්සන්තේ (සිඳිනු ලැබෙන්නෝය) ඡිදි + ය + ඉ + ස්සසේ = ඡිජ්ජිස්සසේ (සිඳිනු ලැබෙන්නෙහි) ඡිදි + ය + ඉ + ස්සව්හේ = ඡිජ්ජිස්සව්හේ (සිඳිනු ලැබෙන්නෙහු) ඡිදි + ය + ඉ + ස්සං = ඡිජ්ජිස්සං (සිඳිනු ලැබෙන්නෙමි) ඡිදි + ය + ඉ + ස්සාම්හේ = ඡිජ්ජිස්සාම්හේ (සිඳිනු ලැබෙන්නෙමු) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ය + ඉ + ස්සති = යුජ්ඣිස්සති (යුද්ධ කරන්නේය) යුධ + ය + ඉ + ස්සන්ති = යුජ්ඣිස්සන්ති (යුද්ධ කරන්නෝය) යුධ + ය + ඉ + ස්සසි = යුජ්ඣිස්සසි (යුද්ධ කරන්නෙහි) යුධ + ය + ඉ + ස්සථ = යුජ්ඣිස්සථ (යුද්ධ කරන්නෙහු) යුධ + ය + ඉ + ස්සාමි = යුජ්ඣිස්සාමි (යුද්ධ කරන්නෙමි) යුධ + ය + ඉ + ස්සාම = යුජ්ඣිස්සාම (යුද්ධ කරන්නෙමු) කාලාතිපත්ති විභත්තිය
පරස්ස පද ප්‍රත්‍ය පඨම පුරිස - ස්සා/ ස්ස (ඒක වචන), ස්සංසු (බහු වචන) මජ්ඣිම පුරිස - ස්සේ (ඒක), ස්සථ (බහු) උත්තම පුරිස - ස්සං (ඒක), ස්සම්හා (බහු) අත්තනෝ පද ප්‍රත්‍ය පඨම - ස්සථ (ඒක), ස්සිංසු (බහු) මජ්ඣිම - ස්සසේ (ඒක), ස්සව්හේ (බහු) උත්තම - ස්සං (ඒක), ස්සාම්හේ (බහු)
උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + අ + ඉ + ස්ස = ඉච්ඡිස්ස (කැමති වූයේ නම්) පඨම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ස්සංසු = ඉච්ඡිස්සංසු (කැමති වූයේ නම්) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + අ + ඉ + ස්සේ = ඉච්ඡිස්සේ (කැමති වූයෙහි නම්) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ස්සථ = ඉච්ඡිස්සථ (කැමති වූයෙහු නම්) උත්තම පුරිස ඒක වචන - ඉසු + අ + ඉ + ස්සං = ඉච්ඡිස්සං (කැමති වූයෙම් නම්) උත්තම පුරිස බහු වචන - ඉසු + අ + ඉ + ස්සම්හා = ඉච්ඡිස්සම්හා (කැමති වූයෙමු නම්) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සථ = ඉච්ඡීයිස්සථ (කැමති වනු ලැබිණි නම්) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සිංසු = ඉච්ඡීයිස්සිංසු (කැමති වනු ලැබිණි නම්) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සසේ = ඉච්ඡීයිස්සසේ (කැමති වනු ලැබූයෙහි නම්) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සව්හේ = ඉච්ඡීයිස්සව්හේ (කැමති වනු ලැබූයෙහු නම්) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සං = ඉච්ඡීයිස්සං (කැමති වනු ලැබූයෙම් නම්) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ඉ + ස්සාම්හේ = ඉච්ඡීයිස්සාම්හේ (කැමති වනු ලැබූයෙමු නම්) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡින්දි + අ + ඉ + ස්සා = අඡින්දිස්සා (සිඳුවේ නම්) ඡින්දි + අ + ඉ + ස්සංසු = අඡින්දිස්සංසු (සිඳුවේ නම්) ඡින්දි + අ + ඉ + ස්සේ = අඡින්දිස්සේ (සිඳූයෙහි නම්) ඡින්දි + අ + ඉ + ස්සථ = අඡින්දිස්සථ (සිඳූයෙහු නම්) ඡින්දි + අ + ඉ + ස්සං = අඡින්දිස්සං (සිඳූයෙම් නම්) ඡින්දි + අ + ඉ + ස්සම්හා = ඡින්දිස්සම්හා (සිඳූයෙමු නම්) කම්ම කාරකය ඡිදි + ය + ඉ + ස්සථ = අඡිජ්ජිස්සථ (සිඳනු ලැබිණි නම්) ඡිදි + ය + ඉ + ස්සිංසු = අඡිජ්ජිස්සිංසු (සිඳිනු ලැබිණි නම්) ඡිදි + ය + ඉ + ස්සසේ = අඡිජ්ජිස්සසේ (සිඳිනු ලැබූයෙහි නම්) ඡිදි + ය + ඉ + ස්සව්හේ = අඡිජ්ජිස්සව්හේ (සිඳිනු ලැබූයෙහු නම්) ඡිදි + ය + ඉ + ස්සං = අඡිජ්ජිස්සං (සිඳිනු ලැබූයෙම් නම්) ඡිදි + ය + ඉ + ස්සාම්හේ = ඡිජ්ජිස්සාම්හේ (සිඳිනු ලැබූයෙමු නම්) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ය + ඉ + ස්සා = අයුජ්ඣිස්සා (යුද්ධ කළේ නම්) යුධ + ය + ඉ + ස්සංසු = අයුජ්ඣිස්සංසු (යුද්ධ කළෝ නම්) යුධ + ය + ඉ + ස්සේ = අයුජ්ඣිස්සේ (යුද්ධ කළෙහි නම්) යුධ + ය + ඉ + ස්සථ = අයුජ්ඣිස්සථ (යුද්ධ කළෙහු නම්) යුධ + ය + ඉ + ස්සං = අයුජ්ඣිස්සං (යුද්ධ කළෙම් නම්) යුධ + ය + ඉ + ස්සම්හා = අයුජ්ඣිස්සම්හා (යුද්ධ කළෙමු නම්) ප්‍රයෝජ්‍ය ක්‍රියා (හෙත්වර්ථ ක්‍රියා)
වර්තමාන කාල විභක්ති ප්‍රයෝජ්‍ය ක්‍රියා උදාහරණ: ඉසු ධාතුව කත්තු කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ණේ + ති = ඉච්ඡ + ඒ + ති = ඉච්ඡේති (කැමති කරවයි) පඨම පුරිස බහු වචන - ඉසු + ණය + අන්ති = ඉච්ඡයන්ති (කැමති කරවති) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ණාපේ + සි = ඉච්ඡාපේසි (කැමති කරවහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ණාපය + ථ = ඉච්ඡාපයථ (කැමති කරවහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + ණේ + මි = ඉච්ඡේමි (කැමති කරවමි) උත්තම පුරිස බහු වචන - ඉසු + ණය + ම = ඉච්ඡයම (කැමති කරවමු) කම්ම කාරකය පඨම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ණාපේ + තේ = ඉච්ඡීයාපේතේ (කැමති කරවනු ලැබේ) පඨම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ණාපය + අන්තේ = ඉච්ඡීයාපයන්තේ (කැමති කරවනු ලැබෙත්) මජ්ඣිම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ණේ + සේ = ඉච්ඡීයේසේ (කැමති කරවනු ලැබෙහි) මජ්ඣිම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ණය + ව්හේ = ඉච්ඡීයායව්හේ (කැමති කරවනු ලැබෙහු) උත්තම පුරිස ඒක වචන - ඉසු + ඊ + ය + ණාපේ + ඒ = ඉච්ඡීයාපේ (කැමති කරවනු ලැබෙමි) උත්තම පුරිස බහු වචන - ඉසු + ඊ + ය + ණාපය + ම්හේ = ඉච්ඡීයාපයම්හේ (කැමති කරවනු ලැබෙමු) උදාහරණ: ඡිදි ධාතුව කත්තු කාරකය ඡිදි + ණේ + ති = ඡේදේති (සිඳවයි) ඡිදි + ණය + අන්ති = ඡේදයන්ති (සිඳවති) ඡිදි + ණාපේ + සි = ඡේදාපේසි (සිඳවහි) ඡිදි + ණාපය + ථ = ඡේදාපයථ (සිඳවහු) ඡිදි + ණේ + මි = ඡේදේමි (සිඳවමි) ඡිදි + ණේ + ම = ඡේදේම (සිඳවමු) කම්ම කාරකය ඡිදි + ය + ණය + තේ = ඡිජ්ජයතේ (සිඳවනු ලැබේ) ඡිදි + ය + ණය + අන්තේ = ඡිජ්ජයන්තේ (සිඳිවනු ලැබෙති) ඡිදි + ය + ණාපේ + සේ = ඡිජ්ජාපේසේ (සිඳිවනු ලැබෙහි) ඡිදි + ය + ණාපේ + ව්හේ = ඡිජ්ජාපෙව්හේ (සිඳිවනු ලැබෙහු) ඡිදි + ය + ණාපය + ඒ = ඡිජ්ජාපයේ (සිඳිවනු ලැබෙමි) ඡිදි + ය + ණාපය + ම්හේ = ඡිජ්ජාපයම්හේ (සිඳිවනු ලැබෙමු) උදාහරණ: යුධ ධාතුව කත්තු කාරකය යුධ + ණාපය + ති = යෝධාපයති (යුද්ධ කරවයි) යුධ + ණාපය + අන්ති = යෝධාපයන්ති (යුද්ධ කරවති) යුධ + ණේ + සි = යෝධේසි (යුද්ධ කරවහි) යුධ + ණේ + ථ = යෝධේථ (යුද්ධ කරවහු) යුධ + ණය + මි = යෝධයාමි (යුද්ධ කරවමි) යුධ + ණය + ම = යෝධයාම (යුද්ධ කරවමු)
උදා:- රාජා පුරිසේන රුක්ඛං ඡේදේති (රජු පුරුෂයා ලවා වෘක්‍ෂය කප්පවයි). සුවිශේෂී ක්‍රියා පද (ව්‍යාතිරේක)අස ධාතුව වර්තමාන විභක්තිය පඨම පුරිස ඒක වචන - අත්ථි/ සති (ඇත) පඨම පුරිස බහු වචන - සන්ති (වෙති) මධ්‍යම පුරිස, ඒක වචන - අසි (වෙහි) බහු වචන - අත්ථ (වෙහු) උත්තම පුරිස, ඒක වචන - අම්හි/ අස්මි (වෙමි) බහු වචන - අම්හ/ අස්ම (වෙමු) පඤ්චමී විභක්තිය පඨම පුරිස, ඒක වචන - අත්ථු (ඇත) බහු වචන - සන්තු (වෙති) මධ්‍යම පුරිස, ඒක වචන - ආභි (වෙහි) බහු වචන - අත්ථ (වෙහු) උත්තම පුරිස, ඒක වචන - අස්මි (වෙමි) බහු වචන - අස්ම (වෙමු) සත්තමී විභක්තිය පඨම පුරිස, ඒක වචන - සියා/ අස්ස (ඇත් නම්) බහු වචන - සියුං/ අස්සු (වෙත් නම්) මධ්‍යම පුරිස, ඒක වචන - අස්ස (වෙහි නම්) බහු වචන - අසිසථ (වෙහු නම්) උත්තම පුරිස, ඒක වචන - අස්සං (වෙම් නම්) බහු වචන - අස්සාම (වෙමු නම්) අජ්ජතනී විභක්තිය පඨම පුරිස, ඒක වචන - ආසි (විය) බහු වචන - ආසිංසු/ ආසු (වූහ) මධ්‍යම පුරිස, ඒක වචන - ආසි (වූවෙහි) බහු වචන - ආසත්ථ (වූවෙහු) උත්තම පුරිස, ඒක වචන - ආසිං (වීමි) බහු වචන - ආසිම්හා (වීමු) විභක්ති භේදයපාලි භාෂාවේ දී නාම විශේෂණ පද ද සෑම විටම පාහේ නාම පදයට අයත් විභක්තියෙන්ම සිටියි. පඨමා විභත්තිය (කර්තෘ කාරකය)
දුතියා විභත්තිය (කර්ම කාරකය)
කර්ම කාරකය, 1. කාලය 2. දුර, මාර්ගය යන අදහස් ප්‍රකාශ කරයි. උදා:- උපාසකෝ මාසං බුද්ධං වන්දති (උපාසකයා මාසයක් බුදුන් වඳියි) උදා:- යෝජනං දීඝෝ මග්ගෝ (යොදුනක් දිග මාර්ගය) දුතියා විභක්තිය මඟින්, තතියා සම්පදාන පඤ්චමී ඡට්ඨී සත්තමී යන අර්ථ ද ප්‍රකාශ වේ. උදා:- සෝ නිවේසනං පවිසති (ඔහු නිවසට පිවිසෙයි) උදා:- යාචකෝ සෙට්ඨිං කහාපණං යාචතේ (යාචකයා සිටුවරයාගෙන් කහවණු ඉල්ලයි) උදා:- රාජං කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ (රජුගේ කීර්තේ ඝෝෂාව ඉහළ නගින ලදී)
උදා:- සෙට්ඨි පාසාදං අධිවසති (සිටුවරයා ප්‍රාසාදයෙහි අධිපතිව වාසය කරයි) උදා:- කඤ්ඤා ගාමං අධිතිට්ඨති (ගැහැණු ළමයා ගමෙහි සිටියි)
උදා:- සුඛං සුපති (සුවසේ නිදයි) තතියා විභත්තිය (කරණ කාරකය)ක්‍රියාව සිදු වීමට උපකාර වීම කරණ කාරකය මඟින් සිදු වේ. විසින්, කරණ කොට, හේතු කොට, නිසා, ලවා, වශයෙන්, ...යෙන්, ...ගෙන්, ....හි, වෙනුවෙන්, දී, ලෙස, හෙයකින් යනාදී අර්ථ මින් නිරූපණය වේ. උදා:- මාසේන පුබ්බෝ (මසකින් වැඩිමාලුය)
පඨමා විභක්ති දුතියා විභක්තිය පඤ්චමී විභක්තිය සත්තමී විභක්තිය (තේන ඛෝ පන සමයේන = එසමයෙහි වනාහි)
උදා:- භික්ඛු සඞ්ඝේන සද්ධිං (භික්ෂු සඞ්ඝයා සමඟ) උදා:- න නෝ සමං අත්ථි තථාගතේන (තථාගතයන් වහන්සේ හා සමාන කෙනෙක් නැත නෙව) චතුත්ථි විභත්තිය (සම්ප්‍රදාන කාරකය)...ට, උදෙසා, සඳහා, පිණිස යනාදී අර්ථ චතුත්ථී විභක්තියෙන් නිරූපණය වේ.
පඤ්චමී විභත්තිය (අපදාන කාරකය)...ගෙන්, ...+එන්, ...+ඉන්, දක්වා, කෙරෙන්, මඟින්, තෙක් යනාදී අර්ථ පඤ්චමී විභක්තියෙන් නිරූපණය වේ.
උදා:- අඤ්ඤත්‍ර දුක්ඛා න සම්භෝති (දුක හැර හට ගැනීමක් නැත)
උදා:- නරා අපසාලාය ආයන්ති (මිනිස්සු සාලාව හැර එති) උදා:- ආමග්ගා ඛෙත්තං (මාර්ගය දක්වා කුඹුරය)
උදා:- නිබ්බාණා රිතේ සුඛං කුතෝ (නිවන හැර සුවයක් කොයින් ද) උදා:- නානා කුලා (කුලයෙන් වෙන්වූ) උදා:- විනා සද්ධම්මස්මා (සද්ධර්මය හැර) උදා:- යාව බ්‍රහ්ම ලෝකා (බඹ ලොව තෙක්) ඡට්ඨී විභත්තිය (සම්බන්ධ විභක්තිය)සත්තමී විභත්තිය (ආධාර කාරකය)සන්ධිස්වර සන්ධියව්යඤ්ජන සන්ධියනිග්ගහීත සන්ධියවොමිස්සක සන්ධියපකති සාධනයසමාසතද්ධිතධාතුකිතකකිසියම් අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා ධාතුවකට පසුව ප්‍රත්‍යයක් එකතු කොට සාදා ගන්නා පද 'කිතක' (කෘදන්ත) නමින් හැඳින්වේ. තද්ධිත සෑදෙන්නේ නාමයකට පසුව ප්‍රත්‍යයක් එක් කිරීමෙනි. මේ අනුව තද්ධිත කිතක දෙකේ වෙනස දත යුතුය. ආඛ්‍යාත පද සෑදෙන්නේ ද ධාතු කෙරෙන් ප්‍රත්‍ය එක් කිරීමෙනි. එසේ සෑදෙන ආඛ්‍යාත වනාහි පුරුෂත්‍රයෙහි හා කාරකත්‍රයෙහි වන අලිංගික පද විශේෂයකි. කිතක පද නාම පද මෙන් නාම විභක්තිවල වරනැගෙන අතර ලිංග භජනය කරන, කාරක වැඩි ගණනක යෙදෙන පද විශේෂයකි. තවද පුරුෂ භේදයක් මෙයට අදාළ නොවේ. මෙලෙස සාදා ගන්නා කිතක පද නාම පද වශයෙන් ද නාම විශේෂණ වශයෙන් ද භාවිත කෙරේ. උදා :- නාම පද වශයෙන් * අහං ධාවන්තං පස්සිං * ගච්ඡන්තා මං පහරිංසු නාම විශේෂණ වශයෙන් * ගච්ඡන්තා මනුස්සා * විකසිතානි පුප්ඵානි කිතක ප්‍රත්‍යයෝ කිච්ච හා කිත් යනුවෙන් කොටස් දෙකකි. ධාතූන්ගේ අන්තයට හා ප්‍රත්‍යයට පෙර ඉකාරයක් ආගම වේ. කිච්ච ප්‍රත්‍යයයෝ
මේවායින් 'යුතුය' යන අර්ථය ප්‍රකාශ වේ. මේවා කර්ම කාරකයෙහි යෙදීමේ දී ලිඞ්ගත්‍රයෙහිම සෑදෙයි. නමුත් භාව කාරකයේ දී නපුංසක ලිඞ්ග ඒක වචනයෙන් පමණක් තැබේ.
උදා:- පුල්ලිඞ්ග - වාණිජේන චෝරෝ අභිභවිතබ්බෝ (වෙළෙන්දා විසින් සොරා මැඩලිය යුතුය). ඉත්ථිලිඞ්ග - වාණිජේන තණ්හා අභිභවිතබ්බා (වෙළෙන්දා විසින් තණ්හාව මැඩලිය යුතුය). නපුංසක ලිඞ්ග - වාණිජේන ලෝභනං අභිභවිතබ්බං (වෙළෙන්දා විසින් ලෝභ කිරීම මැඩලිය යුතුය). මේවාත් බලන්නපාලි විකිපීඩියාව W:pi:पालि Pāli External links
![]() විකිපීඩියා, නිදහස් විශ්වකෝෂයේ පාලි භාෂා සංස්කරණය ![]() පාලි , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. |
Portal di Ensiklopedia Dunia