බ්‍රාහ්මී අක්ෂර
![]() බ්‍රාහ්මී (/ˈbrɑːmi/; IAST: Brāhmī) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන භාරතීය අක්ෂර ක්‍රමයක් හැඳින්වීම උදෙසා භාවිතා වන නූතන නාමයකි.[2][3] බ්‍රාහ්මී ලේඛන ක්‍රමය හෙවත් අක්ෂර මාලාව අවම වශයෙන් ක්‍රි.පූ. තෙවන සියවස පමණ වනවිට මනාව වර්ධනය වී දකුණු ආසියාව තුළ සාර්වත්‍ර ලේඛන ක්‍රමයක් ලෙසින් භාවිතා වන්නට ඇති බව පෙනේ.[3] ක්‍රි.පූ. තෙවන සහස්‍රකයේ භාවිතා වූ ඉන්දු නිම්න අක්ෂර, ක්‍රි.පූ. සතරවන හෝ පස්වන සියවසේ වයඹදිග පාකිස්තානයේ සම්භවය වූ ඛරෝෂ්ඨී අක්ෂර,[4] මධ්‍යකාලීන යුගයේ සිට භාවිතයට පැමිණි පාරසික-අරාබි අක්ෂර සහ නූතන යුගයේ ලතින් අක්ෂර හැරුණුවිට දකුණු ආසියාව තුළ භාවිතා වන සෙසු සියලු අක්ෂර මාලා සම්භවය වී ඇත්තේ මෙම පොදු පූර්වජ අක්ෂර ක්‍රමයෙනි.[3] මෙම අක්ෂර ක්‍රමයෙන් සම්භවය වූ බ්‍රාහ්මීය අක්ෂර පවුලට අයත් අක්ෂර මාලා, දකුණු ආසියාවේ පමණක් නොව වර්තමානයෙහි අග්නිදිග ආසියාව තුළ ද භාවිතා වේ.[5][6][7] සටහන්ආශ්රේයයන්
වැඩිදුර කියවීමට
බාහිර සබැඳි![]() බ්‍රාහ්මී අක්ෂර හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
|
Portal di Ensiklopedia Dunia