වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: வன்னி தேர்தல் மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. උතුරු පළාතේ පිහිටි මන්නාරම, මුලතිව්, සහ වවුනියාව යන පරිපාලන දිස්ත්‍රික්කයන් වෙතින් මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමන්විත වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 6 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2012 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 219,196 සිටියහ. [1] මැතිවරණ ප්‍රතිඵල1982 ජනාධිපතිවරණය1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැති 1වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[4]
1988 පළාත් සභා මැතිවරණය1988 නොවැම්බර් 19 දිනදී පැවැත්වුනු 1වන උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය : මන්නාරම දිස්ත්‍රික්කය - ඊළාම් ජනතා විප්ලවකාරි විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5] මුලතිව් දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 5 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5] වවුනියා දිස්ත්‍රික්කය - ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ විසින් සියළු ආසන 4 නිතරගයෙන් දිනා ගන්නා ලදි.[5] 1988 ජනාධිපතිවරණය1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුනු 2වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[6]
ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia