"වාසුදේව" මෙතැනට යළියොමුවෙයි. කෘෂ්ණගේ පියා සඳහා,
වසුදේව බලන්න. වෛෂ්ණව ආගම සඳහා,
කෘෂ්ණ වාසුදේව බලන්න.
කෘෂ්ණ ශ්‍රී මාරිඅම්මාන් කෝවිලේ ඇති කෘෂ්ණ ප්‍රතිමාවක්,
සිංගප්පූරුව දේවනාගරී कृष्ण සංස්කෘත පරිවර්තනයKṛṣṇa අනුබැඳිය ස්වයං භගවාන් , පරමාත්මන් වාසභවනය ගෝලෝක වෘන්දාවනය , ගෝකුල , ද්වාරකා ආයුධය සුදර්ශන චක්‍රය කෞමෝදකී වල්ලභයා රාධා , රුක්මිණී , සත්‍යභාමා , ජම්බාවතී , කාලින්දි , මිත්‍රවින්දා , නග්නජිතී , භද්‍රා , ලක්ෂ්මණා සහ අනෙක් 16,000 හෝ 16,100ක් වූ කනිෂ්ඨ බිසෝවරු [ 1] දෙමාපියන් දේවකී සහ වසුදේව , යශෝධා (හදාගත් මව) සහ නන්ද බාබා (හදාගත් පියා)සොයුරු/සොයුරියන් බලරාම , සුභද්‍ර වාහනය ගරුඩා පාඨ ග්රන්ථ මහාභාරතය , භගවද් ගීතාව , විෂ්ණු පුරාණය , භගවත පුරාණය උත්සව කෘෂ්ණ ජන්මාෂ්ටමි , හෝලි
කෘෂ්ණ (/ ˈ k r ɪ ʃ n ə / ; සංස්කෘත : कृष्ण , Kṛṣṇa IAST වලින්, උච්චාරණය [ˈkr̩ʂɳə] ( අසන්න ) ) යනු විවිධ දෘෂ්ටිකෝණවලින් වන්දනාවට ලක්වන ප්‍රධාන හින්දු දෙවි කෙනෙකි . කෘෂ්ණ ඔහුගේ අයිතියෙන් ස්වයං භගවාන් හෙවත් විෂ්ණු දෙවියන්ගේ පූර්ණ/පරම උත්පත්තියක් ලෙසද ඊශ්වර ගේ පූර්ණ ප්‍රතිරූපයක් ලෙසින්ද සලකනු ලබයි. සියලු හින්දු දෙවිවරු න් අතුරින් වඩාත් වන්දනාවට ලක්වන සහ ප්‍රචලිත පරමාත්ම ස්වරූපයක් ලෙස කෘෂ්ණ හැඳින්විය හැක.[ 2] හින්දු දින දර්ශනය අනුව හින්දූහු කෘෂ්ණගේ උපන් දිනය සෑම වර්ෂයකම ශ්‍රාවණ මාසයේ කෘෂ්ණ පක්ෂ යේ (අඳුරු පක්ෂය) අටවන දිනයේ (අෂ්ටමි ) සමරති.[ 3]
කෘෂ්ණව ගෝවින්ද, මුකුන්ද, මධුසුධාන, සහ වාසුදේව යන නම්වලින් ද හඳුන්වනු ලබයි. ඔහුව නිතරම වෙඬරු කෑමට ප්‍රිය ළදරුවකු; භගවත පුරාණයේ සඳහන් පරිදි වස්දඬු වයන දරුවකු;[ 4] රාධා සමග සිටින තරුණයකු; ස්ත්‍රීන් පිරිවරා ගත් තරුණයකු; හෝ භගවද් ගීතාවේ දැක්වෙන පරිදි දිශාව සහ මඟපෙන්වීම සිදුකරන වැඩිමහල් පුද්ගලයකු ලෙස නිරූපණය කිරීම සිදුවේ.[ 5] කෘෂ්ණගේ කථාපුවත හින්දු දර්ශනය සහ සම්ප්‍රදායයන් තුළ පුළුල් විවිධත්වයකින් යුතුව දැකගත හැක.[ 6] ඔවුහු ක්‍රිෂ්ණව විවිධ දෘෂ්ටිකෝණවලින් නිරූපණය කරති: ළමා දෙවියකු, විසුළුකාරයකු, පරමාදර්ශී ප්‍රේමවන්තයකු, දිව්‍යමය වීරයකු, සහ පරම දේවතාවකු ලෙස දක්වා තිබේ.[ 7] කෘෂ්ණගේ කථාපුවත විස්තර කෙරෙන ප්‍රධාන මූලාශ්‍රයන් වන්නේ ශ්‍රීමද් භගවතම් , මහාභාරතය , හරිවංසය , භගවත පුරාණය , සහ විෂ්ණු පුරාණය යි. කෘෂ්ණ පිළිබඳ වෘත්තාන්ත සහ උපාඛ්‍යාන සාමාන්‍යයෙන් කෘෂ්ණ ලීලා ලෙස හැඳින්වේ.
කෘෂ්ණ දේව වන්දනාව කෘෂ්ණ දෙවියන්ගේ ස්වරූපයෙන් හෝ වාසුදේව , බාල කෘෂ්ණ හෝ ගෝපාල් වැනි ස්වරූපවලින් වන්දනාවට සාක්ෂි ක්‍රි.පූ. 4වන සියවස තරම් මුල් කාලයෙන් හමුවේ.[ 8] [ 9] ස්වයං භගවාන් ලෙස කෘෂ්ණ වන්දනාව හෝ කෘෂ්ණවාදය ලෙස කෘෂ්ණ පරම දේවතාවකු ලෙස වන්දනාමාන කිරීම මධ්‍යතන යුගයේ සිදුවූ අතර එය භක්ති ව්‍යාපාරය අනුව පෙනේ. ක්‍රි.ව. 10වන සියවසේ දී කෘෂ්ණ අභිවාහ්‍ය කලා සඳහා ජනප්‍රිය තේමාවක් බවට පත්වූ අතර, ප්‍රාදේශික ඇදහිලි සම්ප්‍රදායයන් ද වර්ධනය විය. මෙයට උදාහරණ ලෙස ඕඩිෂා වේ ජගන්නාථ , මහාරාෂ්ට්‍ර යේ විථෝබ සහ රාජස්ථානයේ ශ්‍රීනාත්ජී වැනි උදාහරණ දැක්විය හැක. 1960 දශකයේ සිට කෘෂ්ණ වන්දනාව බටහිර ලෝකය සහ අප්‍රිකාව වෙත ව්‍යාප්ත වූයේ ප්‍රධාන වශයෙන්ම කෘෂ්ණ සවිඥානකතාව සඳහා අන්තර්ජාතික සංගමය (ISKCON) දැරූ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙසයි.[ 10] ක්‍රිෂ්ණ වන්දනාවේ ප්‍රධාන යෝජකයකු ලෙස ගෞඩියා මැත් සැලකේ.
ඇතැම් ආගමික විද්වතුන් කෘෂ්ණගේ උපන්දිනය ගණනයට උත්සාහ දරා ඇත. "වාසුදේව ගෝවින්ද කෘෂ්ණ ශෞරි" යන නාමයෙන් කෘෂ්ණ වර්තමානයේ ගිලීගොස් ඇති ද්වාරකා දිවයිනේ (ඉන්දියාවේ ගුජරාටය ට නුදුරින්) ශූරසේනි සහ වෘෂ්ණි ගෝත්‍ර පාලනය කළේ යැයි විශ්වාස කරන ඇතැම්හු ඔහුගේ උපන්දිනය ක්‍රි.පූ. 3200 සහ 3100 අතර දිනයක් යැයි පවසති.[ 3]
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
ප්‍රභව
Doniger, Wendy (1993), Purana Perennis: Reciprocity and Transformation in Hindu and Jaina Texts , SUNY Press , , https://books.google.com/books?id=-kZFzHCuiFAC
Sangave, Vilas Adinath (2001), Facets of Jainology: Selected Research Papers on Jain Society, Religion, and Culture , Mumbai : Popular Prakashan , , https://books.google.com/books?id=QzEQJHWUwXQC
Singh, Upinder (2016), A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century , Pearson Education , , https://books.google.com/books?id=Pq2iCwAAQBAJ
Zimmer, Heinrich (1953), Campbell, Joseph, ed., Philosophies Of India , London , E.C. 4: Routledge & Kegan Paul Ltd, , https://archive.org/details/Philosophy.of.India.by.Heinrich.Zimmer
වැඩිදුර කියවීමට
Beck, Guy L. (1993). Sonic theology: Hinduism and sacred sound . Columbia, S.C: University of South Carolina Press . ISBN 0-87249-855-7 .
Bryant, Edwin F. (2004). Krishna: the beautiful legend of God; . Penguin. ISBN 0-14-044799-7 .
Bryant, Edwin F. (2007). Krishna: A Sourcebook . Oxford University Press, USA. ISBN 0-19-514891-6 .
The Mahabharata of Krishna-Dwaipayana Vyasa, translated by Kisari Mohan Ganguli , published between 1883 and 1896
The Vishnu-Purana , translated by H. H. Wilson, (1840)
The Srimad Bhagavatam , translated by A.C. Bhaktivedanta Swami Prabhupada , (1988) copyright Bhaktivedanta Book Trust
Knott, Kim (2000). Hinduism: A Very Short Introduction . Oxford University Press, USA. p. 160. ISBN 0-19-285387-2 .
The Jataka or Stories of the Buddha's Former Births , edited by E. B. Cowell, (1895)
Ekstrand, Maria (2004). Bryant, Edwin H. (ed.). The Hare Krishna movement: the postcharismatic fate of a religious transplant . New York: Columbia University Press . ISBN 0-231-12256-X .
Gaurangapada, Swami. "Sixty-four qualities of Sri Krishna" . Nitaaiveda . Nitaiiveda. සම්ප්‍රවේශය 2013-05-24 .
Goswami, S.D (1995). "The Qualities of Sri Krsna" . GNPress. ISBN 0-911233-64-4 . 2015-05-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-09-18 .
Garuda Pillar of Besnagar , Archaeological Survey of India, Annual Report (1908–1909). Calcutta: Superintendent of Government Printing, 1912, 129.
Flood, G.D. (1996). An Introduction to Hinduism . Cambridge University Press. ISBN 0-521-43878-0 .
Beck, Guy L. (Ed.) (2005). Alternative Krishnas: Regional and Vernacular Variations on a Hindu Deity . SUNY Press. ISBN 0-7914-6415-6 .
Rosen, Steven (2006). Essential Hinduism . New York: Praeger. ISBN 0-275-99006-0 .
Valpey, Kenneth R. (2006). Attending Kṛṣṇa 's image: Caitanya Vaiṣṇava mūrti-sevā as devotional truth . New York: Routledge. ISBN 0-415-38394-3 .
Sutton, Nicholas (2000). Religious doctrines in the Mahābhārata . Motilal Banarsidass Publ.,. p. 477. ISBN 81-208-1700-1 . {{cite book }}
: CS1 maint: extra punctuation (link )
History of Indian Theatre By M. L. Varadpande. Chapter Theatre of Krishna , pp. 231–94. Published 1991, Abhinav Publications, ISBN 81-7017-278-0 .
බාහිර සබැඳි
ස්වරූප වන්දනය පූජනීය අඩවි පාඨග්‍රන්ථ මේවාත් බලන්න
දශාවතාර වෙනත් අවතාර 1 දශාවතාර ලැයිස්තුව ප්‍රදේශ අනුව වෙනස් වේ. බලරාම, ක්‍රිෂ්ණ, බුදුන් වහන්සේ සහ රිෂාභනාථ විෂ්ණුගේ අවතාර ලෙස සැලකීමේ දී ආදේශ වීම් දෙකක් සිදු විය හැක. ක්‍රිෂ්ණා හැමවිටම පාහේ ඇතුළත් කෙරෙන අතර, එසේ නොවන අවස්ථාවන්හි ඔහු සියලු අවතාරවල ප්රභවය ලෙස සලකා ඇත.
සැකිල්ල:Caitanya sampradaya