රාම
රාම (සංස්කෘත:राम) යනු හින්දු ආගමේ උත්තරීතර දෙවියන් වන ශ්‍රී කෘෂ්ණ දෙවිඳුන්ගේම ප්‍රතිරූපයකි. විෂ්ණු දෙවිඳුන්ගේ 7වන අවතාරය ලෙස සැලකෙන එතුමා රාවණා රජු සංහාරය කිරීම සඳහා මනු ලොව ප්‍රකට විය. කෘෂ්ණ අවතාරයට පසුව වඩාත් ප්‍රචලිත මෙන්ම රාමායණය තුළ ප්‍රධාන චරිතය වන්නේද එතුමාය. ජෛන ලියවිලි වලද ශලාකපුරුෂයන් 63 දෙනාගෙන් අටවන බලභද්‍ර ලෙස රාම කුමරුන් සඳහන් කර ඇත.[4][5][6] රාම කුමරු උපත ලැබුවේ කෝසල රාජධානියේ පාලකයා වූ අයෝධ්‍යාවේ කෞශල්‍යා සහ සූර්‍ය වංශී දශරතට දාවය. ඔහුගේ සොහොයුරන් වන්නේ ලක්ෂ්මණ, භරත සහ ශතෘගණයි. පතිනිය සීතා දේවියයි. රාජකීය පවුලක උපත ලැබූ ඔවුන්ගේ ජීවිතය හින්දු ග්‍රන්ථවල විස්තර කර ඇත්තේ දුගී හා දුෂ්කර තත්වයන්ට පත් වීම, පිටුවහල් කිරීම, සදාචාරාත්මක ප්‍රශ්න සහ සදාචාරාත්මක උභතෝකෝටික වැනි අනපේක්ෂිත වෙනස්කම් මගින් අභියෝගයට ලක් වූ එකක් ලෙස ය.[7] ඔවුන්ගේ සියලු දුක් කම්කටොලු අතරින් වඩාත්ම කැපී පෙනෙන කාරණය නම් සීතා රාවණ නම් රාක්ෂස රජු විසින් පැහැරගෙන යාමයි. ඉන්පසු රාම සහ ලක්ෂ්මන් විසින් ඇයව නිදහස් කරගැනීමත්, කුරිරු රාවණ විනාශ කිරීමෙත් දැඩි අධිෂ්ඨානය පිළිබඳව රාමායණය තුළ විස්තර කරයි. රාම, සීතා සහ ඔවුන්ගේ සගයන්ගේ සමස්ත ජීවිත කතාවම පුද්ගලයෙකුගේ යුතුකම්, අයිතිවාසිකම් සහ සමාජ වගකීම් ගැන උපමානුසාරයෙන් කතා කරයි. හින්දු ධර්මයේ වෛෂ්ණව නිකාය තුල රාමචන්ද්‍ර චරිතය වැදගත් ස්ථානයක් ලබා ගනී. දකුණු ආසියාව තුල ඉතා ප්‍රචලිත වීර කාව්‍යක් වන රාමායණය තුළ එන මුඛය චරිතයයි. රාමචන්ද්‍රගේ ජිවිත කතාව භාශා අලංකාර විවරණ සහ සාහිත්‍ය අතින් ඉතා උත්කෘෂ්ට ස්ථානයක් අත් කරගනි. [8][9][10] නිරුක්තිය සහ නාමකරණය"රාම" යනු සන්දර්භීය අර්ථ දෙකක් සහිත වෛදික සංස්කෘත වචනයකි. අථර්ව වේදයට අනුව "අඳුරු, තද පැහැති, කළු" සහ එය රාත්‍රිය යන අර්ථය ඇති "රාත්‍රි" යන යෙදුමට සම්බන්ධ වේ. වෙනත් වෛදික ග්‍රන්ථවල දක්නට ලැබෙන තවත් සන්දර්භයක මෙම වචනයේ තේරුම “ප්‍රසන්න, ප්‍රීතිමත්, ආකර්ශනීය, ලස්සන, සුන්දර” යන්න ලෙස සඳහන්ව ඇත.[11][12] මෙම වචනය සමහර විට විවිධ ඉන්දියානු භාෂාවන්හි සහ ආගම්වල උපසර්ගයක් ලෙස භාවිතා වේ, උදාහරණයක් ලෙස බෞද්ධ පාලි ග්‍රන්ථවල “රාම” සංයුක්ත වචනයට “මනස සුන්දර ලෙස ප්‍රසන්න කිරිම” යන හැඟීම එක් කරයි.[13]රාම නම් විෂ්ණු අවතාරය රාමචන්ද්‍ර (සුන්දර වූ), දශරති (දශරත රජුගේ පුත්‍රයා) සහ රාඝව (රඝු එනම් සූර්‍ය වංශයෙන් පැවතෙන්නා) ආදී වෙනත් නම් වලින් ද හැඳින්වේ. උපතසූර්ය/රඝු වංශයේ දශරත රජු සහ කෞශල්‍යා දේවියට දාව චෛත්‍ර මාසයේ නමවන දිනයේදීය. එම දිනය භාරතයේ රාම් නවමි ලෙසින් සමරනු ලබයි. දසරථ රජු කෝසල රාජධානියේ රජුයි. කොසල රාජධානිය බෞද්ධ හා ජෛන ග්‍රන්ථවල ද සඳහන් වේ.[14][15] රාමායණයේ ජෛන අනුවාදයක් වන විමලසුරි විසින් රචිත පෞම්චරියේද රාමගේ මුල් ජීවිතය පිළිබඳ විස්තර සඳහන් කරයි. බාල කාලය, පවුල සහ මිතුරන්රාමායණයේ බාල කන්ධයට අනුව රාම කුමරුන්ට ලක්ෂ්මණ, භරත සහ ශතෘගණ සොහොයුරන් තිදෙනෙක් විය. [16] වර්තමානයේ දැනට ශේෂව පවතින අත්පිටපත්වල තරුණ කුමාරවරු ලෙස ඔවුන්ගේ අධ්‍යාපනය හා පුහුණුව විස්තර කෙරේ.රාම නිරූපණය කරන්නේ ආචාරශීලී, ආත්ම දමනය සහිත, ගුණවත් තරුණයෙක් ලෙසයි.ඔහුගේ අධ්‍යාපනයට වේද, වෙදාංග මෙන්ම සටන් කලාවන්ද ඇතුළත් විය.[17] රාම හැදී වැඩුණු වර්ශයන් පිළිබඳව තුල්සිදාස් විසින් රචිත "රාමාවලි" වැනි පසුකාලීන හින්දු ග්‍රන්ථ මගින් වඩාත් විස්තරාත්මකව විස්තර කෙරේ. නමුත් තුල්සිදාස්ගේ කවි වල, කෘෂ්ණගේ විහිළු සහගත සෙල්ලම් කරන බාහිර පෞරුෂයට වඩා රාම මෘදු හා යහපත් පෞරුෂයක් ඇත්තෙකි. සීතා සහ රාම මුණගැසෙන ජනක රජු විසින් සංවිධානය කරන ලද දුනු විදීමේ ස්වයම් වරයක් ගැන “රාමායණය” තුළ සඳහන් කරයි. රාම කුමරු තරඟයෙන් ජය ගන්නා අතර, සීතා සහ රාමගේ විවාහයට ජනක රජු එකඟ වේ. සීතා දේවිය රාම කුමරු සමඟ දශරත රජුගේ අගනුවර වෙත පිටත් වී යයි.
|
Portal di Ensiklopedia Dunia