යජුර්වේද
![]()
මෙම යජුර්වේද ( සංස්කෘත: यजुर्वेद , yajurveda යජුර් යන්නෙන් "නමස්කාරය" යන අර්ථය ගෙන දේ, වේද යන්නෙන් "දැනුම" යන අර්ථය ගෙන දේ) මූලික වශයෙන් පූජා කටයුතු සඳහා අවශ්‍ය මන්ත්‍ර සඳහන් වන වේදය වේ. [3] පුරාණ වෛදික සංස්කෘත ග්‍රන්ථයක් වන මෙහි පූජකවරයකු විසින් කියනු ලබන චාරිත්‍රානුකූල පූජා සූත්‍ර සම්පාදනය කරන අතර පුද්ගලයෙකු යාග අග්නියට පෙර වැනි චාරිත්‍රානුකූල ක්‍රියාවන් සිදු කරන ආකාරය පැහැදිලි කරයි. [3] යජුර්වේදය යනු වේද හතරෙන් එකක් වන අතර හින්දු ආගමේ එක් ගමුඛ්‍ය ලියවිල්ලකි. යජුර්වේදයේ සංයුතියේ නිශ්චිත සියවස නොදන්නා අතර විට්සෙල් විසින් ක්‍රි.පූ. 1200 ත් 800 ත් අතර යැයි ගණන් බලා ඇත. එය සාමවේදය හා අතර්වවේදය සමඟ සමකාලීන වේ. [4] යජුර්වේදය පුළුල් ලෙස කොටස් දෙකකට බෙදී ඇත - “කළු” හෝ “අඳුරු” ( ක්‍රිෂ්ණ ) යජුර්වේදය සහ “සුදු” හෝ “දීප්තිමත්” ( ශුක්ල ) යජුර්වේදය ලෙසිනි. “කළු” යන යෙදුමෙන් අදහස් කෙරෙන්නේ, “පිළිවෙලට නොසැකසූ'', ''අපැහැදිලි” යන්නයි. “සුදු” යන්නට වෙනස්ව, යජුර්වේදයෙහි සැකසූ, ''පැහැදිලි'', ''පිළිවෙලින් සැකසූ''. ක්‍රිෂ්ණ යජුර්වේදය සංශෝධන හතරකින් ගලවා ගත් අතර ශුක්ල යජුර්වේදය සංශෝධිත දෙකක් ඔස්සේ නූතන යුගය දක්වා නොනැසී පවතී. [5] ආශ්‍රේයයන්
|
Portal di Ensiklopedia Dunia