නෙක්සස් 5
නෙක්සස් 5 (Nexus 5) (කේත නාමය Hammerhead) ස්මාර්ට් ජංගම දුරකතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන අතර ගූගල් සහ LG Electronics යන ආයතන මගින් සම සංවර්ධනය වේ. මෙම උපකරණය, ගූගල් නෙක්සස් මාලවේ 5 වන ස්මාර්ට් ජංගම දුරකතනය වේ. ඇන්ඩ්‍රොයිඩ් පාරිභොගික උපාංග පවුලේ අලෙවි කටයුතු Google ආයතනය සහ මුලු උපකරණ නිෂ්පාදකයා සහයෝගිතාකරු LG Electronics විය. නෙක්සස් 5 ස්මාර්ට් ජංගම දුරකතනය 2013 වර්ශයේ ඔක්තෝබර් මස 31 වන දින එළිදැක් වු අතර කළු සහ සුදු වර්ණයන්ගෙන් එම කාලයේ දී Google Play ඔස්සේ තෝරාගත් රටවල් ප්‍රමාණයකට Online මිලදී ගැනීමට හැකි විය. නෙක්සස් 5 හී දෘඩාංග LG G2 ස්මාර්ට් ජංගම දුරකතනයට සමාන විය. එහි Snapdragon (ස්නැප්ඩ්‍රැගන්) 800 ප්‍රධාන චිපයක් සහ 1080p සංදර්ශකය සමග අඟල් 4.95 තිරයක් අඩංගු විය. ඇන්ඩ්‍රොයිඩ් අනුවාදය 4.4 ඇතුලත් කල පළමු ජංගම දුරකතනය නෙක්සස් 5 විය. නිකුත් කිරීමනෙක්සස් 5 මුලින්ම 2013 වර්ශයේ ඔක්තෝබර් මස 31 වන දින 16GB සහ 32GB ප්‍රභේදයන් වලින් ගූගල් ප්ලේ ප්‍රදර්ශනාගාර වෙත නිකුත් කරන ලදි. නෙක්සස් 5 ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳ පොළ වෙත නිකුත් කරන විට, 32GB මාදිලියේ මිල ඇමරිකානු ඩොලර් 399ක් සහ 16GB මාදිලිය ඇමරිකානු ඩොලර් 349 විය.මෙය ඇමරිකානු ඩොලර් 649 ක් ස්මාර්ට් ජංගම දුරකතනයක් හා සැසදූ විට බෙහෙවින් අඩු අගයක් විය. කෙසේ වුවද 2015 වර්ශයේ මාර්තු මස 11 වන දින වන විට නෙක්සස් 5 දුරකතනය ගූගල් ප්ලේ ප්‍රදර්ශනාගාර වෙතින් ඉවත් කර ඇත. සම්පූර්ණ විස්තරයනෙක්සස් 5 හි බාහිර කවරය පොලිකාබනේට් වලින් නිමවා ඇති අතර එය නෙක්සස් 7 (2013 මාදිලිය) හා සමාන කමක් දක්වයි. කළු, සුදු සහ රතු වර්ණ වලින් ලබා ගත හැකි විය. එහි දෘඩාංග LG G2 ස්මාර්ට් දුරකතනය හා සමාන කමක් දක්වයි. එය quad-core ස්නැප්ඩ්‍රැගන් 2.26 GHz , 2GB RAM , 16 නැතහොත් 32GB අභ්‍යන්තර මතක සහ 2300mah බැටරියකින් බලගැන්වෙයි. තවද අඟල් 4.95 (අඟල් 5 ක් ලෙස අලෙවි) 445 PPI 1080p ISP තිරයක්, 8 මෙගාපික්සල් පිටිපස කැමරාවක්, 1.3 මෙගාපික්සල් ඉදිරිපස කැමරාවක් ද එයට ඇතුලත් වී තිබිණි. නෙක්සස් 4 නිල නොවන වශයෙන් LTE පහසුකම සැගවුනු මෘදුකාංග විකල්ප මගින් භාවිතා කල හැකි වුවද නෙක්සස් 5 නිළ වශයෙන් LTE ජාල පහසුකම ලබා දී තිබුණි. නෙක්සස් 5 ප්‍රභේදයන් දෙකක් ඇත. ඉන් එකක් උතුරු ඇමරිකවට (LG-D820) විශේෂිත වන අතර අනෙක් ප්‍රභේදය අනෙක් සෙසු රට වල් වල භාවිතයට (LG-D821) නිර්මාණය කර තිබිණ. ප්‍රභේද 2 කෙහි වෙනස්කම වුයේ වෙනත් දුරකතන සංඛ්‍යාත සදහා සහය දැක්වීමයි. නෙක්සස් කලින් උපාංග මෙන් නෙක්සස් 5 හි භාහිර මතක චීපයක් භාවිතා කල නොහැක. එහෙත් එහි බහු-වර්ණ නිවේදක LED බල්බයක් තිබිණි. එහි පහල දාරයේ දැල් සහිත කවුලු දෙකක් ඇත. එහි එක් කවුලුවක් ඇතුලත ප්‍රධාන මයික්‍රෆෝනය ද අනෙක් කවුලුව ඇතුලත speaker ය ඇතුලත් වී තිබේ. තවද නව සංයුක්ත සංවේදක 2 ක් ඇතුලත් වී තිබිණ. එකක් පියවර අනාවරකයක් වූ අතර අනෙකෙන් පියවර ගණනය කල හැකි වේ. මෙම නව සංවේදක, පාරිශීලකයා ඇවිදීමේදී, දිවීමේදී හෝ පඩි පෙළ තරණය කරනවිට තබන පියවර පහසුවෙන් නිරීක්ෂණය කිරීමට මෘදුකාංග වලට ඉඩ ලබා දෙයි. සංවේදක දෙකම අඩු ශක්ති පරිභෝජනය කරන ලෙස දෘඩාංගය තුල ක්‍රියාත්මක මෘදුකාංගඇන්ඩ්රොයිඩ් සංස්කරණය 4.4 (කිට් කැට්) පළමුව නිකුත් කිරීම සිදුකරනු ලැබුවේ නෙක්සස් 5 ස්මාර්ට් දුරකථනය සදහාය. උසස් ලෙස නිමවා තිබූ අතුරු මහුණත, ක්‍රියාකාරීත්වයේ වැඩි දියුණු කිරීමක් කර තිබීම, NFC තාක්ෂණයේ වැඩි දියුණු කිරීමක් කර තිබීම ( ස්මාර්ට් කාඩ් අනුකරණය කිරීමේ හැකියාව ) යන දෑ මෘදුකාංග අතින් විශේෂත්වයක් ගෙන තිබිණි. තවද HDR+ පිංතූර ලබා ගැනීමට හැකියාව, මුද්‍රණ යන්ත්‍ර සමග සම්බන්ධ කිරීමේ හැකියාවද එක්කර තිබිණ. මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia