සේනානායක සමුද්‍රය
ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් මත 1949 වර්ෂයේ නිමා කරන ලද ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ 1953 අගෝස්තු මස 28 වැනි දින සේනානායක සමුද්‍රය විවෘත කරන ලදී. ඉඟිනියාගල පිහිටි සුවිසල් කඳු යුගලයක් යා කරමින් සේනානායක සමුද්‍රය බිහි විය. විශිෂ්ට කළමණාකාරිත්වයකින් යුතුව මනා තත්ත්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමේ දීර්ඝකාලීන ප්‍රතිලාභ පිළිබඳව කදිම නිදසුනක් ලෙස මෙම ඉදිකිරීම වර්තමානයටද ආදර්ශයක් සපයයි. දේශීය අරමුදල්වලින් මෙම දැවැන්ත බහුකාර්ය යෝජනා ක්‍රමය ඉදි කරනු ලැබුවේ ඇමෙරිකාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝහි සිමාසහිත මොරිසන් නුඞ්සන් ඉන්ටර්නැෂනල් සමාගමයි. මූලික සැලසුමගල්ඔය ව්‍යාපාරය යටතේ ඉදිකෙරුණු සේනානායක සමුද්‍රය පිළිබඳව මූලික සැලසුම් 1937 ඞී. එස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමැති වශයෙන් සිටිය දී සකස් කර ඇත. ආරම්භයේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වය යටතේ ආරම්භ කොට පසුව, 1949 අංක 51 දරණ පනතින් යෝජනා වූ "ගල්ඔය සංවර්ධන මණ්ඩලය" 1949 නොවැම්බර් 24 වැනි දින සංස්ථාපනය කර ඇත. ජල ධාරිතාවවර්ග සැතපුම් 384 ක ජල පෝෂක ප්‍රදේශයකින් යුතු සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි හත් ලක්ෂ හැත්තෑදාහකි. මෙය ලංකාවේ වැඩිම ජල ධාරිතාවක් ඇති ජලාශයයි. බැම්මේ දිග අඩි තිස් හය දහසකි. වැවට යට වෙන ප්‍රදේශය අක්කර 19250කි. වම් ඉවුර ප්‍රධාන ඇල මාර්ගය සැතපුම් 32 ක් දිග වන අතර දකුණු ඉවුර ඇල මාර්ගය සැතපුම් 22 ක් පමණ දිග වේ. මෙමගින් අක්කර එක් ලක්ෂ විසිදහසක පමණ වගා බිම්වලට ජලය සැපයිය හැකිය. අමතර සේවාසේනානායක සමුද්‍රය මඟින් වාරි ජල සැපයුම සහ ජල විදුලි බල ජනනයට අමතරව තවත් සේවා රැසක් ඉටු වේ. ගල්ඔය නිම්නයේ ගං වතුර පාලනය මිරිදිය මත්ස්‍ය වගාව, අම්පාර නගරයේ ජල අවශ්‍යතාව සපුරාලීමට අවැසි ජලය සැපයීම මෙන්ම සංචාරක ව්‍යාපාරයද ඒ අතර වේ. ජල විදුලි බලාගාරයගල්ඔය ව්‍යාපාරය බහුකාර්ය යෝජනා ක්‍රමයක් ලෙස ජල විදුලි බලය ද ජනනය කරයි. විදුලි බලාගාරයේ අඩි 714 දිග අඩි 13 ක විශ්කම්භයකින් යුතු 'පෙන්ස්ටොක්' නල යොදා සකසා තිබෙන විදුලි ජනක 4 මඟින් නිපදවිය හැකි විදුලි බල ප්‍රමාණය මෙගා වොට් 11.25කි. මිරිදිය මත්ස්‍ය වගාවඅමතරව සේවාවක් ලෙස ඇති මිරිදිය මත්ස්‍ය වගාව යටතේ කොරළි, ගුරාමි වැනි මසුන් අභිජනනය කොට සමුද්‍රයට මුදා හැරීම මෙන්ම ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට මත්ස්‍ය පැටවුන් ලබාදීමද සිදුවේ. බාහිර සබැඳි |
Portal di Ensiklopedia Dunia