ලංකා විදුලිබල මණ්ඩලයලංකා විදුලිබල මණ්ඩලය යනු 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කරන ලද රාජ්‍යය ආයතනයකි. විදුලි බලය ජනනය කිරීම; සම්ප්‍රේශණය කිරීම සහ බෙදා හැරීම සඳහා ඒකාධිකාරී බලයක් (බොහෝ දුරට)ලැබී ඇති මෙම ආයතනය දිවයින(ශ්‍රී ලංකාව) පුරා විහිදී පවතින විශාලතම රාජ්‍ය අයතනවලින් එකකි. මේ වන විට දල වශයෙන් දිනකට ඒකක 28000000 ක පරිභෝගික ඉල්ලුම සඳහා අවශ්‍ය සැපයුම ලංවිම විසින් සපයනු ලැබේ. එම ඒකකවලින් යම් ප්‍රමාණයක් පෞද්ගලික නිශ්පදකයන් විසින් සපයනු ලබන අතර එම ප්‍රමාණය හා වැස්ස අතර පරස්පර සම්බන්ධතාවයක් පවතී. පෞද්ගලික නිශ්පදකයන්ගෙන් මිලදී ගනු ලබන ඒකක සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නිසාත් ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේදී අධික වියදමක් දැරීමට සිදුවන නිසාත් මේ වන විට ලංවිම වෙත අධික නය බරක් පැටවී ඇත. 2009 අංක 20 දරන විදුලිබල පනත මගින් විදුලි බලය ජනනය කිරීම; සම්ප්‍රේශණය කිරීම සහ බෙදා හැරීම සඳහා නියාමන බලය මහජන උපයෝගීතා කොමිශන් සභාව වෙත පවරා ඇත. ඒ අනුව විදුලිබල මණ්ඩලය වෙතද මේ වන විට තාවකාලික බලපත්රහ නිකුත් කර ඇති අතර ඒ සඳහා අදාල අයකිරීම් මහජන උපයෝගීතා කොමිශන් සභාව වෙත ගෙවිය යුතු වේ. මේ වන විට විදුලිබල මණ්ඩලය විසින් ව්යාාපෘති ගණනාවක් ආරම්භ කර ඇති අතර ඒවා අතරින් කීපයක් පහත දක්වා ඇත.
External links |
Portal di Ensiklopedia Dunia