බ්‍රිතාන්‍ය ලංකාවේ, ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුර දැරූවන් මෙහි දැක්වේ.1947 දී ලංකා අගමැති තනතුර ඇති කිරීමේ සිට මෙ දක්වා ශ්‍රී ලංකාවේ ( 1948 දක්වා ලංකා යටත්විජිතයේ අගමැති, 1972 දක්වා ලංකාවේ අගමැති නමිනුත් ) අග්‍රාමාත්‍යවරු 13 දෙනෙකු පත්වී ඇත. 1978 දක්වා ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ අග්‍රාමාත්‍යවරයායි.
1972 දී රට නිදහස් ස්වයිරී ස්වාධීන ජනරජයක් ලෙස හැදින්වූ අතර මෙතැන් සිට මෙම තනතුර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස හදුන්වන ලදී.වෙළද සහ රාජයය ආරක්ෂාව පිළිබද අමාතය ධූරයද 1977 දක්වා අග්‍රාමාත්‍යවරයා විසින් උසුලන ලදී.ජේ.ආර්.ජයවර්ධන බලයට පත්වීමත් සමග මෙම අමාතය ධූරය ආරක්ෂක අමාතය ධූරය සහ විදේශ කටයුතු අමාතය ධූරය ලෙස වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කරන ලදී.
1978 දී ජේ ආර් ජයවර්ධන අග්‍රාමාත්‍යවරයා විසින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන ලදී.මෙහිදී විධායක ජනාධිපති ධූරය හදුන්වා දුන් අතර අග්‍රාමාත්‍යවරයාට පවති බලතල අඩු විය.ඉන්පසුව රජයේ ප්‍රධානියා විධායක ජනාධිපතිවරයා වූ අතර අග්‍රාමාත්‍ය ධූරය සාමානය තනතුරක් බවට පත් විය.
ශ්‍රී ලංකාවේ නව විවස්තාධායකය යටතේ අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අතර නියෝජය ජනාධිපති ධූරයද හොබවන ලදී.ජනාධිපතිවරයා තනතුරේ රැදී සිටියදී මිය ගියහොත් නව ජනාධිපතිවරයෙක් පත් කිරීම සදහා නැවත ජනමත විචාරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍යවරයා ජනපති ධූරයේ වගකීම හොබවනු ලබයි.1993 දී ජනාධිපති ව සිටි රණසිංහ ප්‍රේමදාස හදිසියේම ඝාතනය කල අතර ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරය සදහා පත් විය.
1947 න් පසුව නිල දැරූ අග්‍රමාත්ය වරු 14 දෙනාගෙන් දෙදෙනකු අවස්ථා තුනකදී නිල තල දරන ලද අතර දෙදෙනකු දෙවරක් නිල තල දරන ලදී.මින් අග්‍රාමාත්‍යවරු පස් දෙනෙකු ජනාධිපති ධූරය ලබා ගැනීම සදහා ඉදිරිපත් විය. 2015 ජනවාරි 9 සිට ශ්‍රී ලංකාවේ වර්ථමාන අග්‍රාමාත්‍ය ධූරය දරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි.
බ්‍රිතාන්‍ය ලංකාවේ අග්‍රාමාත්‍ය (1947–1948)
#
|
නම
|
ආලේඛ්‍යය
|
නිලය දැරීම ඇරඹුම
|
නිලයෙන් ඉවත්වීම
|
පාර්ලිමේන්තුව
|
දේශපාලන පක්ෂය
|
සංගණ්‍ය සිද්ධි සහ මස්තකප්‍රාප්ති
|
1
|
දොන් ස්ටීවන් සේනානායක (1884–1952)
|
|
24 සැප්තැම්බර් 1947
|
1948 පෙබරවාරි 04
|
පළමු පාර්ලිමේන්තුව1
|
එක්සත් ජාතික පක්ෂය
|
|
ඩී. එස්. සේනානායක යනු බ්‍රිතාන්‍ය ලංකාවේ එකම අග්‍රාමාත්‍යවරයාය. මහා බ්‍රිතාන්‍යය වෙතින් යටත් විජාතය නිදහස ලැබීම සමග ඔහුගේ තනතුර ලංකාවේ අග්‍රාමාත්‍ය බවට වෙනස්විය
|
ලංකාවේ අග්‍රාමාත්‍යවරු (1948–1972)
- පක්ෂ
එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සංධාන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සංධාන
#
|
නම
|
ආලේඛ්‍යය
|
නිලය දැරීම ඇරඹුම
|
නිලයෙන් ඉවත්වීම
|
පාර්ලිමේන්තුව
|
දේශපාලන පක්ෂය
|
සංගණ්‍ය සිද්ධි සහ මස්තකප්‍රාප්ති
|
1
|
දොන් ස්ටීවන් සේනානායක (1884–1952)
|
|
1948 පෙබරවාරි 04
|
22 මාර්තු 1952
|
පළමු පාර්ලිමේන්තුව1
|
එක්සත් ජාතික පක්ෂය
|
|
ඩී. එස්. සේනානායක යනු ස්වෛරීය ලංකාවේද ප්‍රථම අග්‍රාමාත්‍යවරයාය.
|
2
|
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (1911–1973) (පළමු වාරය)
|
|
26 මාර්තු 1952
|
12 ඔක්තොම්බර්1953
|
පළමු පාර්ලිමේන්තුව, දෙවන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
|
ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ ඔහුගේ පියා වන ඩී. එස්. සේනානායකගේ මරණයට පසුවය. 1952 ජූනි මසදී පැවැත්වුනු මහ මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ජයගත් අතර, යළි-පත්කිරීමක් නොමැතිවම ඔහු නිලයේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන ගියේය. ඩඩ්ලි සේනානායක 1953 දී ඉල්ලා අස්විය.[1]
|
3
|
ජනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල (1897–1980)
|
|
12 ඔක්තොම්බර 1953
|
12 අප්‍රේල් 1956
|
දෙවන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
|
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වූයේ කොකලාවල මහතාගේ නායකත්වය යටතේය.[2]
|
4
|
සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (1899–1959)
|
|
12 අප්‍රේල් 1956
|
26 සැප්තැම්බර් 1959
|
තෙවන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
|
|
රටෙහි නිල භාෂාව ඉංග්‍රීසි සිට සිංහල භාෂාව බවට බණ්ඩාරනායක මහතා විසින් වෙනස් කෙරිණි. ඔහුගේ නිල කාලය නිමවීමට පෙර ඔහු ඝාතනය කෙරිණි.[3]
|
5
|
විජයානන්ද දහනායක (1902–1997)
|
|
26 සැප්තැම්බර් 1959
|
20 මාර්තු 1960
|
තෙවන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
|
|
බණ්ඩාරනායක මහතාගේ ඝාතනයට අනතුරුව දහනායක මහතා පත් කෙරිණි. කෙසේවෙතත්, ඔහුගේ රජයේ හා පක්ෂයේ මන්ත්‍රීවරුන් හා සමග ඇති කර ගත් අසම්මතීන් නිසා පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ඔහුට බල කෙරිණි.[4]
|
(2)
|
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (1911–1973) (2nd term)
|
|
21 මාර්තු 1960
|
21 ජූලි 1960
|
සතරවන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
|
සේනානායක මහතාගේ රජය මසක් ඇතුලත පරාජයට පත් විය. 1960 ජූලි 21 දක්වා සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සේවය කලේය.
|
6
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1916–2000) (1st term)
|
|
21 ජූලි 1960
|
25 මාර්තු 1965
|
පස්වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
|
|
සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූවාය.[5] නිලයට පත් වෙද්දී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවූ අතර, 1960 අගෝස්තු 2 දිනදී සෙනෙට් සභාවේ සාමාජිකාවක් ලෙසින් පත් කෙරිණි.
|
(2)
|
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (1911–1973) (3rd term)
|
|
25 මාර්තු 1965
|
29 මැයි 1970
|
හයවන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
|
කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබා නොදුන් මැතිවරණයකට පසුව, ඔහුගේ පක්ෂය තවත් පක්ෂ හයක සහාය ඇතිව රජයක් පිහිටුවීම නිසා, සේනානායක මහතා තුන්වන වතාවට අග්‍රාමාත්‍යවරයා ලෙසින් තේරී පත්විය. ඔහුගේ නිල කාලය අතරතුර කෘෂිකර්ම අංශයට උසස් ප්‍රමුඛත්වයක් ලබා දෙන ලදි.[6]
|
(6)
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1916–2000) (2nd term)
|
|
29 මැයි 1970
|
22 මැයි 1972
|
සත්වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
|
|
සිරිමාවෝ බණ්ඩාරනායක විසින් රට ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, එහි නම ලංකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වෙනස් කෙරිණි.[5]
|
ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරු
1972–වර්තමානය
නම
|
ඡායාරූපය
|
නිලලත් දිනය
|
නිල කාලය අවසන් වූ දිනය
|
පාර්ලිමේන්තුව
|
දේශපාලන පක්ෂය
|
සැලකිය යුතු සිදුවීම් සහ ජයග්‍රහන
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1916–2000) (2 වන වර)
|
|
1972 මැයි 22
|
1977 ජූලි 23
|
1 වන ජාතික රාජ්‍ය සභාව 2
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
|
සිරිමාවෝ බණ්ඩාරනායක බොහෝ වැවිලි සමාගම් ආණ්ඩුවේ පාලනයට පවරා ගන්නා ලද අතර සමහර ආනයන සදහාද නීති පැනවීය.මේ හේතුවෙන් රටෙහි ආර්ථිකය පහල වැටුණු අතර 1977 දී පැවති මැතිවරණයෙන් ඇය පරාජයට පත්වූයේ ඇයව පසුව පාර්ලිමේණ්තුවෙන් නෙරපීමට හේතු වූ අල්ලස් ගැනීමේ දෝෂාරෝපණයක් ද සමගිණි..[5]
|
ජුනිස් රිචර්ඩ් ජයවර්ධන (1906–1996)
|
|
1977 ජූලි 23
|
1978 පෙබරවාරි 4
|
2 වන ජාතික රාජ්‍ය සභාව
|
එක්සත් ජාතික පක්ෂය
|
1978 දී ජේ ආර් ජයවර්ධන අග්‍රමාත්‍යවරයා විසින් විධායක ජනාධිපති ධූරය හදුන්වා දීමෙන් පසුව විධායක ජනාධිපතිවරයා බවට පත් විය..[7]
|
රණසිංහ ප්‍රේමදාස (1924–1993)
|
|
1978 පෙබරවාරි 6
|
1989 ජනවාරි 2
|
2 වන ජාතික රාජ්‍ය සභාව , ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1 වන පාර්ලිමේන්තුව3
|
එක්සත් ජාතික පක්ෂය
|
විවස්තා සංශෝදනයක් කරීමෙන් පසුව පත්වූ පළමු අග්‍රමාත්‍යවරයා රණසිංහ ප්‍රේමදාස විය.[8]
|
ඩිංගිරි බණ්ඩා විජේතුංග (1916–2008)
|
|
1989 මාර්තු 6
|
1993 මැයි 7
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2 වන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස හදිසියෙන්ම විජේතුංගව පත්කරන ලදී.ඔහු 1990 මාර්තු 28 වන දින ඉවත්වූ අතර දින 2 කට පසුව 1990 මාර්තු 30 වන දින නැවත පත් කරන ලදී.
|
රනිල් වික්‍රමසිංහ (1949–) (1වන වර)
|
|
1993 මැයි 7
|
1994 අගෝස්තු 19
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2 වනපාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පසුව විජේතුංග ශ්‍රී ලංකාවේ ජනපති ධූරය දරා සිටි කාලයේ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍ය[9] ධූරය සදහා පත් කරන ලදී.
|
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (1945–)
|
|
1994 අගෝස්තු 19
|
1994 නොවැම්බර් 14
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 3 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොදු පෙරමුණ)
|
කෙටි කාලයකට චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය ධූරයට පත් විය.[10]
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1916–2000) (3වන වර)
|
|
1994 නොවැම්බර් 14
|
2000 අගෝස්තු 9
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 3 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොදු පෙරමුණ)
|
චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිව සිටි කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රමාත්‍ය ධූරයට පත්වූ අතර 2000 දී ඉවත් වනු ලැබුවා.[5]
|
රත්නසිරි වික්‍රමනායක (1933–) (1වන වර)
|
|
2000 අගෝස්තු 10
|
2001 දෙසැම්බර් 9
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 3 වනපාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොදු පෙරමුණ)
|
සිරිමාවෝ බණ්ඩාරනායක ඉල්ලා අස්වීමෙන් පසුව වික්‍රමනායක අග්‍රමාත්‍ය ධූරය සදහා පත් කරන ලදී.
|
රනිල් වික්‍රමසිංහ (1949–) (2වන වර)
|
|
2001 දෙසැම්බර් 9
|
2004 අප්‍රේල් 6
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 4 වන පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
චන්ද්‍රිකා කුමාරතුංග රජය විසුරුවා මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍ය ධූරය සදහා පත් විය.[11]
|
මහින්ද රාජපක්ෂ (1945–)
|
|
2004 අප්‍රේල් 6
|
2005 නොවැම්බර් 19
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
|
චන්ද්‍රිකා කුමාරතුංග රජය මගින් පැවති මැතිවරණයෙදී වික්‍රමසිංහගේ රජය පැරදවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ පත් විය .[12]
|
රත්නසිරි වික්‍රමනායක (1933–) (2වන වර)
|
|
2005 නොවැම්බර් 19
|
2010 අප්‍රේල් 21
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
|
රාජපක්ෂ ජනපති වූ පසු වික්‍රමනායක නැවත වරක් ධූරය සදහා පත් විය.
|
දිසානායක මුදියන්සේලාගේ ජයරත්න (1931–)
|
|
2010 අප්‍රේල් 21
|
2015 ජනවාරි 9
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
|
2010 අප්‍රේල් මස පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගැනීමෙන් පහුව ජයරත්න අග්‍රමාත්‍ය ධූරය සදහා පත් කරන ලදී.
|
රනිල් වික්‍රමසිංහ (1949–) (3වන වර)
|
|
2015 ජනවාරි 9
|
වත්මන්
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුව,
|
එක්සත් ජාතික පක්ෂය
|
2015 ජනවාරි 9 ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරය සදහා පත් කරන ලදී. 2015 අගෝස්තු මස පැවති මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරය සදහා පත් කරන ලදී.
|
ජීවත්ව සිටින හිටපු අග්‍රමාත්‍යවරු
2008 සැප්තම්බර් 21 දී වයස අවුරුදු 92 වූ ඩිංගිරි බණ්ඩා විජේතුංගගේ(1989 - 1993) අභාවප්‍රාප්ත විමෙන් පසු ඉතාම ආසන්න අග්‍රාමාත්‍ය වරයකුගේ මරණය වූයේ රත්නසිරි වික්‍රමනායක 27 දෙසැම්බර් 2016 දි ( වයස 83 දි) මිය යැමයි.
සටහන්
- 1947 - 1972 දක්වා කාලයේදී පාර්ලිමේන්තුව "නියෝජිත නිවස" ලෙස හදුන්වන ලදී. [තහවුරු කර නොමැත]
- 1972 දී රට ස්වෛරී නිදහස් සමූහාන්ඩු ශ්‍රී ලංකා ජනරජයක් ලෙස හදුන්වන ලද පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව නම් විය.
ආශ්‍රිත ලිපි
යොමුව
- General
- Specific
සැකිල්ල:Parliament of Sri Lanka