ලංකාදීප (පුවත්පත)
ලංකාදීප යනු, විජය පුවත්පත් සමාගමට අයත් දිනපතා ශ්‍රී ලාංකික සිංහල භාෂා පුවත්පතකි. මෙම සංවිධානයෙහි සභාපතිවරයා වන්නේ රංජිත් විජේවර්ධන මහතා වන අතර, ඔහු ඩී. ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයා වෙයි.[1] ඉරිදා දිනවලදී, ඉරිදා ලංකාදීප නම්වූ සතිඅන්ත පුවත්පත ප්‍රකාශයට පත් කෙරෙයි. මේවා සංස්ථාපනය කෙරුණේ 1991 වසරෙහිදීය.[2] පුවත්පත විසින් ආවරණය කරන ක්ෂේත්‍ර අතරට දේශපාලනය, ක්‍රීඩාව, විනෝදය සහ හමුදාමය කටයුතු අඩංගු වෙයි. ඉරිදා ලංකාදීප පුවත්පත 2006-2007 සහ 2008-2010 වසර සඳහා ස්ලිම් නීල්සන් ජනතා ප්‍රදානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ මහත් ජනප්‍රිය සතිඅන්ත පුවත්පත ලෙසිනි. එහි බුහුනණි පුවත්පත් වන්නේ ද සන්ඩේ ටයිම්ස්, ද ඩේලි මිරර් සහ ටැමිල් මිරර් වෙති.[3] දිනපතා ලංකාදීප සතුව 150,000 ප්‍රමාණයක සාමාන්‍ය සංසරණයක් සතු වන අතර එමි ඉරිදා සංස්කරණය සතුව 350,000 ප්‍රමාණයක සංසරණයක් වෙයි. [4] මෙයද බලන්නආශ්රිත
බාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia