පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3,072 කි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇත. සිතුවමක් වැනි මනරම් කලපුව නිසා පුත්තලම බොහෝ සේ ජනප්‍රියව පවතී. නොගැඹුරු මුහුදු තීරය ද මසුන් මරන්නන් හට පාරාදීසයක් ව පවතී. 'ලුණු ලේවාය' පුත්තලමේ ප්‍රසිද්ධියට හේතුවකි. සාපේක්ෂ පිහිටීමපුත්තලම දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය.
පුත්තලම දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ, ඉතිහාසයමෙම වියළි කලාපික දිස්ත්‍රික්කයේ ඉතිහාසය, වසර 2500 ට පෙර උතුරු ඉන්දියානු විජය කුමරු ඇතුළු පිරිස පුත්තලම නගරයට එපිටින් පිහිටි තම්මැන්නා පුරයට සම්ප්රාප්තවීම දක්වා දිවයයි. මෙය සිදුවූයේ ඔහුගේ නෞකාව තම්මැන්නා වෙරළට ගසාගෙන ඒම නිසාය. දිස්ත්‍රික්කයේ ඈතට වන්නට කුවේණියගේ ගම වන තෝනිගල පිහිටා ඇත. බුතාරම් යන නම පසු කලෙක පුත්තලම ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි සැලකේ. බුතාරම් යනු බෞද්ධ සිද්ධස්ථාන සඳහා රජතුමා විසින්පූජාකළ ගම්මාන සංකීර්ණය යන්න හැදින්වීම සඳහා භාවිතකරන ලද නාමයක් ලෙස විශ්වාස කරයි. මෙහි පිහිටා ඇති ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ලෙස, කල්පිටියේ ඉපැරණි ලන්දේසි කොටුව, තලවිල ශා.අන්තෝනි පල්ලිය, හලාවත මුන්නේශ්වරම් කෝවිල යනාදී ස්ථාන හදුන්වාදිය හැකිය. බෝග වගාවපොල් ත්‍රිකෝණයේ ඉහළින්ම පිහිටා තිබෙන පුත්තලම දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ දෙවෙනියට වැඩිම පොල් නිපදවන ප්‍රදේශය ලෙස සැලකේ. අක්කරයකට වැඩිම වී නිෂ්පාදනය කරන ප්‍රදේශය ලෙස තබ්බෝව කෘෂිකාර්මික වාර්තාවලට එකතුවී ඇත. ආශ්රිත ලිපිආශ්රිත
|
Portal di Ensiklopedia Dunia