තමන්නා (රූපවාහිනී කතාමාලාව)
තමන්නා (සිංහල: දිවියේ අරමුණ) යනු 2016 පෙබරවාරි 1 සිට ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ ප.ව. 10:00ට IST (UTC+5:30) ලොවපුරා විකාශය වූ හින්දි-භාෂා ඉන්දියානු රූපවාහිනී සෝප් ඔපෙරාවකි. මෙය ප්‍රකට ප්‍රහසන කතාමාලාවක් වූ සුමිත් සම්භාල් ලේගා විස්ථාපනය කරමින් විකාශය විය. මෙම කථාවට පසුබිම් වී ඇත්තේ ගුජරාටයේ, ජාම්නගර් වුවද, එය රූගත කෙරුණේ මුම්බායිහි ය. සාරාංශයතමන්නා මගින් නිරූපණය වන්නේ ධාරා (අනූජා සාථේ විසින් නිරූපණය කරයි) නම් ක්‍රිකට් ක්‍රීඩිකාවගේ කථා පුවතයි. ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවක වීමට සිදුකරන කැපකිරීම් මෙමගින් නිරූපණය වේ. ධාරාට ඇගේ පියා සහාය වන අතර ඇගේ මිත්තණියට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පැහැදිලි කර දෙයි. මනාව ක්‍රීඩා කරන ඇයගේ අනාගතය දීප්තිමත් බැව් පෙනේ. නමුත් ඇගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීමත් සමග ඇයට මිහිර් සමග විවාහ වීමට එකඟ වන්නට සිදුවේ. මුලින් සතුටට පත්වන ඇය ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්නොහරියි. නමුත් මඳ කලකින්ම ඇය ඔහුගේ දැඩි පුරුෂෝත්කර්ෂවාදී පැත්ත වටහා ගනියි. ධාරාට සිරකරුවකු මෙන් සලකන ඔහු ඇයව පාලනය කරන්නට තැත් කරයි. ඇගේ චරිතය පවා සැක කරන ඔහු තමන්ට දාව ධාරාට උපන් දියණිය වන ශුභංගි සිය ප්‍රධානියා වන දිවාකර්ගේ යැයි සිතන්නට පෙළඹෙයි. මිහිර්ගේ දැඩි සහ අපවාදාත්මක ක්‍රියාකලාපය හේතුවෙන් ධාරා ඔහුගෙන් දික්කසාද වන්නට සැරසෙයි. මිහිර් එය ලබා දීම ප්‍රතික්ෂේප කරයි. ධාරා විසින් යෝග්‍ය සාක්ෂි ඉදිරිපත් කරීමෙන් පසුව, මිහිර් සමග සේවය කරන තැනැත්තස්ගේ සාක්ෂිය ආධාරයෙන් කෙසේ හෝ ඇය දික්කසාදය ලබා ගනියි. අනතුරුව ඇය එම්. එන්. රෝයි ධාරාට මීරුට්හි පාසලක ක්‍රිකට් පුහුණුකාරිණියක ලෙස රැකියාවක් සොයාගනියි. මීරුට් වෙත පැමිණෙන ඇය කෝලාහල පිළිබඳ දැනගනියි. ඇඳිරි නීතියෙන් පසුව ඇය පුහුණු කිරීම් අරඹයි. හින්දු සහ මුස්ලිම් සිසුන් අතර ඇති නොසන්සුන් බව දකින ඇය පළමුව තනි කණඩායමක් තැනීමට තීරණය කරයි. ඉන් ඇය සාර්ථක වුවද, ක්‍රීඩකයන් දෙදෙනකු අතර ඇතිවන විරසකය හේතුවෙන් බුලාන්ද්ගන්ජ්හි නැවත කලබල ඇති වෙයි. ඇය ඉල්ලා අස්වීමට තීරණය කළ ද ශිෂ්‍යයන් ඇගෙන් සමාව ගන්නා අතර ඇය නැවත පුහුණු කිරීම් අරඹයි. බුලාන්ද්ගන්ජ් වෙත පැමිණෙන මිහිර් ධාරා වගකීම් විරහිත මවක බවත්, ඇය ශුභංගිගේ ළමාවිය ඇයට ලබා නොදෙන බව පෙන්වීමට සාක්ෂි රැස් කරයි. ඔහු ශුභංගිගේ භාරකාරීත්වය හිමි කරගනියි. චරිත නිරූපණය
සම්මාන
අන්තර්ජාතික විකාශය
බාහිර සබැඳි
ආශ්‍රේයයන් |
Portal di Ensiklopedia Dunia