ආරම්භ්: කහානි දේව්සේනා කි යනු රෝස් ඕඩියෝ විෂුවල්ස් වෙතින් නිෂ්පාදිත ඉන්දියානු රෙතිහාසික ප්‍රබන්ධ සීමිත රූපවාහිනී කතාමාලාවකි. 2017 ජූනි 24 සිට 2017 සැප්තැම්බර් 10 දක්වා මෙය ස්ටාර් ප්ලස් නාළිකාවෙන් සති අන්තවල විකාශය විය. මෙම කථාව ගෙතී ඇත්තේ ද්රවිඩියානුවන් සහ ආර්යයන් අතර ඇති සතුරුභාවය තේමා කරගනිමිනි. මෙම කතාමාලාව රචනා කරන ලද්දේ කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් විසිනි.[1][2][3][4][5]
කථාපුවත
පුරාතන ඉන්දියාවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පරිහානිය සහ වෛදික යුගයේ ආරම්භය පසුබිම් වී ඇති මෙමගින් ද්රවිඩියානුවන් සහ ආර්යයන් අතර ඇතිවන යුද්ධය තේමා කොටගෙන ඇත.
චරිත නිරූපණය
- ආර්යයන්
- රාජ්නියේෂ් දග්ගල්, වරුන්දේව් ලෙස; ආර්ය ප්‍රධානියෙකි. පක්ෂපාතී සහ ද්කෂ සෙන්පතියෙකි. ඔහු ජල්දේව්/ශිව්ගාම් ලෙස නැවත උපත ලබන අතර ද්රාවචලන ශක්තිය හිමි ය. දේවසේනාව මරාදැමීමේ මෙහෙයුහට ඔහුව පත්කෙරේ.
- විපුල් ගුප්තා, වීර් අභෲක් ලෙස; ආර්ය ප්‍රධානියෙකි. වෙස්වලාගැනීමේ ප්රවීණයෙකි. මුලින් වරුන්දේව්ට ඊර්ෂ්‍යා කරන මොහු පසුව ඔහුගේ මිත්‍රයකු බවට පත්වන්නේ මොහුය රැකගැනීමට වරුන්දේව්ගේ පියා දිවි පිදීමත් සමගයි.
- තේජ් සප්රු, ආර්යයන්ගේ ප්‍රධාන පුරෝහිත අග්නිමිත්‍ර ලෙස; ආර්යයන් මෙහෙයවන මොහු ඉන්ද්‍රගේ අනුගාමිකයෙකි.
- ආරව් චෞධරි, පුරෝහිත ඉන්ද්‍රමිත්‍ර ලෙස; අග්නිමිත්රගෙන් පැවනෙන්නෙකි. ආර්ය ප්‍රධානියකු වන මොහුට ද අග්නිමිත්රට සේම දිව්‍යමය බලයන් හිමි ය. ඔහුගේ එකම අරමුණ ද්‍රවිඩයන් සහ ඔවුනගේ කුමරිය වන දේවසේනාව විනාශ කිරීමයි.
- සල්මාන් ෂෙයික්, සිවාන් ලෙස; වරුන්දේව්ගේ හොඳම මිතුරායි. ආර්යයන්ගේ මගපෙන්වන්නායි. දේව්සේනාට පෙම් කිරීමට මොහු වරුන්දේව්ව පොළඹවයි.
- නිශාන්ත් තන්වාර්, මහීෂ ලෙස; දෛවෝපගත දරුවෙකි. මොහුව දේව්සේනා සමග විවාහය තීන්දු කොට ඇත. දේව්සේනාගේ පියාව පැහැරගැනීමට සාල්යා රැජින විසින් මොහුව පිටත් කරයි. මොහුට අග්නි මෙහෙයවීමේ හැකියාවක් ඇත.
- තරුන් ඛන්නා, වීර කායාස්ථ ලෙස; ආර්ය ප්‍රධානියෙකි. වරුන්දේව් විසින් මොහුව නිම්චවරුන්ගෙන් බේරාගනියි. නමුත් දැඩිසේ තුවාල වන මොහු මියයයි.
- ෂාහ්බාස් ඛාන්, ජල්දේව්ගේ පියා ලෙස
- ඩොලී සෝහි, ජල්දේව්ගේ මව ලෙස
- කුණාල් භාටියා, මණිකර්ණිකා ලෙස; මහීෂි දේවී දෙවොලේ සංක්‍රාන්තිලිංගික පූජකවරියකි. මැයට පොළොව හැසිරවීමේ හැකියාව ඇත.
- ද්රවිඩියානුවන්
- කාර්තිකා නායිර්, දේවසේනා ලෙස; ද්‍රවිඩියානු සිහසුනේ රැජින වීමට සිටින කුමරියයි. රූමත්, නිර්භීත සහ පක්ෂපාතී තැනැත්තියකි. සිය රාජවංශය වෙනුවෙන් ඇය දිවි පුදයි. වසර 200කට පසු, ඇය නැවත උපත ලබන අතර දේවසේනා නමින්ම නම් කෙරේ. දෛවෝපගත තැනැත්තියක වන මැය ද්‍රවිඩයන්ට අහිමි වූ භූමිය නැවත ලබාගැනීමට සටන් කරයි. දක්ෂ සහ බුද්ධිමත් සෙබලියකි. මැයට හිමායන හැකියාවක් ඇත.
- තනූජා, හාහුමා ලෙස; ද්‍රවිඩ සිහසුනේ ආරක්ෂිකාව සහ ශාස්ත්රකාරිණියයි. ඇය නොයෙකුත් සර්පයින් පිරිවරා සිටියි. වසර 400කට අධික කාලයක් ජීවත් වන ඇය ද්‍රවිඩයන් මෙහෙයවයි. දිවැස් ඇත්තියක වුව ද, ඇය එම සිදුවීම් පැහැදිළිව වටහා ගැනීමට අපොහොසත් ය.
- ජෝයි සේන්ගුප්තා, ආර්වමුදන් ලෙස; දේව්සේනාගේ පියායි. ඇයගේ පුහුණුකරුවා මොහු ය. සටනේ ධී වරුන්දේව් විසින් මොහුව බේරාගනියි. ද්‍රවිඩියානු නීතිය අනුව, සතුරකු විසින් මොහුව බේරාලූ නිසා අවඡාවට පත්කොට හිස ගසා දැමීමට නියම වේ. නමුත් දේවසේනා මෙය අනුමත නොකරයි. සිය පියාට ගෞරවනීය මරණයක් ලබාදීමට රැජින ලෙස කිරුළු පළඳින ඇය සිය පියාව මරාදමයි.
- ඌෂා ජාදව්, තංගම් ලෙස; ද්රවිඩියානුව්නගේ ප්‍රධාන ආදිපාදවරියයි. කෲර සෙන්පතිනියකි.
- හාංසා සිං, දයාලිනී ලෙස; දේවසේනාගේ නැන්දිණිය වන මැයි ඇගේ ආරක්ෂිකාවකි. මැයි කපටි කෲර තැනැත්තියකි. බලලෝභී තැනැත්තියක වන මැය හැමවිටම දේවසේනාව මරාදමා රාජ්‍යයේ රැජින වීමට සැලසුම් කරයි.
- මධූ, සම්භවීජා රැජින සහ සම්භාව් ප්‍රදේශයේ පද්මවීජා ලෙස; සම නිවුන් සොයුරියන් ය. සම්භවීජා පක්ෂපාතී නිර්භීත රැජිනකි. ඇය දේවසේනාගේ මවයි. නමුත් ඇගේ කෲර සොයුරිය විසින් මායා කැඩපතක ආධාරයේන ඇයව සිරගත කරයි. පද්මවීජා යනු සම්භවීජාගේ කෲර සොයුරියයි. ඇය මායාකර්මයේ කෙල පැමිණියෙකි. ඇය සිය සොයුරියගේ සැමියාට ආකර්ෂණය වන අතර, සිය සොයුරිය සිරගත කරයි. දේවසේනාව මරාදැමීමට ඇය සැලසුම් කරයි. ඇය මහීෂට ආකර්ෂණය වේ. මෙම නිවුන් සොයුරිය්න දෙදෙනාගේ දිවිය සහ මරණය ද එකට බැඳී ඇත.
- පරාස් ඡබ්රා, කාල් කේතු ලෙස; වේශය වෙනස් කිරීමෙහි සමත් මිනිසෙකි. දේවසේනාව මැරීමට මොහුව පත්කොට ඇත. දේවසේනා විසින් මොහුව ගල්කොට විනාශ කරනු ලබයි.
- යශශ්රී මසුර්කාර්, මේඛලා කුමරිය; පද්මවීජාගේ දියණියයි. ඇය සෙල්ලක්කාර රූමත් තැනැත්තියනි. ඇය ජල්දේව්ට පෙම් කරයි. ඇය සහ ඇගේ සොයුරිය දේවසේනා අතර විශේෂිත මිත්‍රත්වයක් ඇත.
- සෝනි සිං, ස්යාලා රැජින ලෙස; ද්‍රවිඩියානු භූමියේ පාලිකාවකි. අවිවාහක තැනැත්තියක වන මැය සිලම්භන්ට ප්‍රිය කරයි. සම්භවීජාව මරාදැමීමට සැලසුම් කරන මැයි සිලම්භන්ව පැහැර ගනියි.
- වකාර් ෂෙයික්, සිලම්භන් ලෙස; සම්භවීජාගේ සැමියායි. පක්ෂපාතී සැමියකු වන මොහු සිය භාර්යාව වන සම්භවීජාගේ තීරණයන්ට සහාය පළකරයි.
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
|
---|
විකාශය වෙමින් පවතින | ප්‍රධාන සෝප් ඔපෙරා | |
---|
දිවා සෝප් ඔපෙරා | |
---|
ඓතිහාසික ප්‍රබන්ධ | |
---|
සතිඅන්ත | |
---|
|
---|