ගණේමුල්ල
ගණේමුල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි, මධ්‍යම ප්‍රමාණයක විශාලත්වයෙන් යුතු නගරයකි. ගණේමුල්ල නගරයේ ආසන්නතම නගරය ගම්පහ වන අතර, එය කිලෝ මීටර 5 ක් පමණ දුරින් පිහිටයි. ගණේමුල්ල වට කරමින් පවතින අවට නගර වන්නේ කඩවත, ගම්පහ, ජා ඇල සහ කඳාන වේ. නගරයේ වෙසෙන බහුතරයක් සිංහල බෞද්ධාගමිකයන් වන අතර, සුළු ප්‍රමාණයක කතෝලික ප්‍රජාවක්ද මෙහි වාසය කරන කරයි.[1] ශ්‍රී ලංකා හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව පිහිටුවා තිබෙන්නේද ගණේමුල්ල තුලයි. ගණේමුල්ල එකමුතුව සමාජ සත්කාර පදනම පිහිටා තිබෙන්නේද ගණේමුල්ලේ වන අතර එය ගණේමුල්ල ප්‍රදේශයේ වෙසෙන ප්‍රදේශවාසීන් හා ප්‍රදේශය වෙනුවෙන් මහත් වූ සේවාවන් රැසක් සිදුකරන ස්වෙච්ඡා සාමාජ සේවා සංවිධානයකි. පුරාවස්තුමෑතකදී ගණේමුල්ල දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයකින් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ජලය බැසයන අගල් පද්ධතියක් සොයාගැණුනු අතර, එය 18වන සියවසේදී පමණ ඉදිකරන ලද්දක් බව විශ්වාස කෙරෙයි. කෙසේ නමුදු ක්‍රමවත් පරික්ෂාවක් සහ සංරක්ෂණයක් සිදු නොවීම නිසා වර්ථමානයේ එය අබලන් තත්වයක පවතියි. ගමනාගමනයකොළඹ-පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ, කොළඹ-කොටුව දුම්රිය ස්ථානයේ සිට 13 වැනියට පිහිටුවා තිබෙන්නේ ගණේමුල්ල දුම්රිය ස්ථානයයි.
මූලාශ්‍ර
භාහිර සබැදි |
Portal di Ensiklopedia Dunia