අමර්ණ අනුප්රාප්තියපුරාතන ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ අවසන් සමයේ රජුන්ගේ අනුප්‍රාප්තිය මහත් විවාදයට සහ අවුල් සහගත තත්ත්වයට පත්වූ කරුණකි. අමර්ණ යුගයේ ස්වභාවය සහ අක්නාටන්ගේ හා ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ සහ සම-අනුරාජයන්ගේ රාජ්‍ය සමයයන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි විශ්වසනීය මූලාශ්‍ර ඇත්තේ ස්වල්පයකි. අක්නාටන් විසින් වර්ෂ දාහතක් රාජ්‍ය පාලනය සිදු කොට ඇති බව අනාවරණය වී ඇත. මුලින් විශ්වාස කෙරුණේ ඔහුගේ අවසන් වර්ෂ 3 හෝ 4 තුළ, ඔහුට සම-අනුරාජවරුන් දෙදෙනකු සිටි බවයි. එනම්: ඔහුගේ සොහොයුරකු හෝ පුත්‍රයකු විය හැකි ස්මෙන්ඛ්කරේ සහ ඔහුගේ දියණියක හෝ ඔහුගේ මහා රාජකීය භාර්යාව වූ නෙෆර්ටිටි විය හැකි යැයි සැකකෙරෙන නෙෆර්නෙෆරුආටන් ය. ඔවුන් රාජ්‍යත්වයට පත් අනුපිළිවෙල හෝ කාලසීමා නොදනී. එසේම ටූටන්ඛාමූන් අක්නාටන්ගේ මරණයෙන් මඳ කලකට පසුව සිහසුනට පත් විය. අක්නාටන් සහ අමර්ණ පවුලේ අවසන් දින නිර්ණිත නිරූපණය IIවන මෙරිරේගේ සොහොන්ගැබෙන් හමු වේ. එය ඔහුගේ 12වන වර්ෂයේ දෙවන මාසයට අයත් ය.[1] මෙම ඓතිහාසික වාර්තාවෙන් පසු ඉතිහාසය අපැහැදිළි ය. තරමක් හෝ පැහැදිළි වන්නේ ටූටන්ඛාමූන්ගේ අනුප්‍රාප්තිය අවට සමයයි. කෙසේනමුත්, 2012 දෙසැම්බර් මස අක්නාටන්ගේ වර්ෂය 16 III අඛෙට් දිනය 15 ට අයත් ශිලා ලේඛනයක් හමුවීම හේතුවෙන් හවුල් පාලනයක් පිළිබඳ මතය ප්‍රතික්ෂේප විය. මෙහිම තෙවන පේළියේ නෙෆර්ටිටි රැජින නැතහොත් "මහා රාජකීය බිරිඳ, ඔහුගේ ප්‍රියාදර, භූමි ද්විත්වයේ ආර්යාව, නෙෆර්නෙෆරුආටන් නෙෆර්ටිටි" ජීවත්ව සිටි බවට සාධක ලැබේ.[2] කියවීමට ඉතා අපහසු පේළි පහකින් යුත් මෙම ශිලා ලේඛනය හමුවූයේ ඩේර් එල්-බර්ෂාහි හුනුගල් වැඩපළකිනි. මෙහි සඳහන් වන්නේ "අමර්ණහි ඉදිකිරීම් ව්‍යාපෘතියක් පිළිබඳව" ය. අමර්ණ අක්නාටන්ගේ සමයේ ඊජිප්තුවේ දේශපාලන අගනුවර විය. මෙම ශිලා ලේඛනය කියව අර්ථ කථනය කරන ලද්දේ ඇතීනා වැන් ඩර් පෙරී විසිනි..[3] මින් පැහැදිළි වන්නේ පාරාවෝගේ 16වන වර්ෂයේ (අවසන් වර්ෂයට පෙර වර්ෂය) දීත්, නෙෆර්ටිටි අක්නාටන්ගේ ජීවත්ව සිටි භාර්යාව බවයි. එම නිසා අමර්ණ පාරාවෝවරුන් වූ ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන් සිහසුනට පත්වූයේ යැයි සිතිය හැක්කේ අක්නාටන්ගේ 16වන වර්ෂයේ වන අතර, කෙටි මාස 9ක හවුල් පාලන සමයක් හෝ රජුගේ මරණින් පසු වර්ෂ 2ක් පැවති ස්වාධීන පාලන සමයක් පවතින්නට ඇත. ටූටන්ඛාමූන්ගෙන් පසු රාජවංශයේ පෙළපත අභාවයට ගියේ ය. ඔහුගේ සොහොන්ගැබෙන් හමුවූ මළ භ්‍රෑණ ද්විත්වය ඔහුගේ නිවුන් දියණියන් දෙදෙනාගේ විය හැකි යැයි 2008 පරීක්ෂණයක් අනුව යෝජනා වී ඇත.[4] ප්රභවඅමර්ණ සොහොන්ගැබකින් හමුවූ සමරාජ්‍යාධිකාරී ශිලා ස්තම්භය අනුව පෙනීයන්නේ අක්නාටන්ගේ භාර්යාව වූ නෙෆර්ටිටි රැජින ඔහු සමග හවුල් පාලනයක් ගෙන යන්නට ඇති බවයි. මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia