අන්ඛෙසෙනමුන්
අන්ඛෙසෙනමුන් (ˁnḫ-s-n-imn, "ඇගේ දිවිය අමුන්ගේ ය"; ක්‍රි.පූ. 1348 පමණ – 1322 පසුව) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ රැජිනකි. අන්ඛෙසෙන්පාටන් ලෙස උපන් ඇය, පාරාවෝ අක්නාටන්ගේ සහ ඔහුගේ මහා රාජකීය බිරිඳ වූ නෙෆර්ටිටිගේ දියණියන් සය දෙනා අතුරින් තුන්වැන්නිය වූවා ය. ඇය සිය අර්ධ-සොයුරා වූ ටූටන්ඛාමූන්ගේ මහා රාජකීය බිරිඳ බවට පත්වූවා ය.[1] ඇගේ පියාගේ මරණින් පසු පුරාතන ඊජිප්තු ආගමේ සිදු වූ වෙනස්වීම්වලට අනුකූලව ඇගේ නාමය ද පසුකලෙක වෙනස් විය. ඇගේ දෙමව්පියන්ගේ සමයට අයත් පුරාතන කැටයම් සහ සිතුවම්වල ඇගේ යොවුන් විය සවිස්තරව නිරූපණය කර තිබේ. ටූටන්ඛාමූන් සහ අන්ඛෙසෙනමුන්ගේ පියා එකම තැනැත්තකු වූව ද, මෑතකාලීන ජාන විද්‍යාත්මක සාක්ෂි අනුව පෙනීගොස් ඇත්තේ ටූටන්ඛාමූන්ගේ මව අක්නාටන්ගේ සොයුරියක, එනම් IIIවන අමෙන්හොටෙප්ගේ හඳුනානොගත් දියණියක බවයි. ඇය බොහෝවිට අක්නාටන්ගේ රාජ්‍ය සමයේ 4වන වර්ෂයේ උපත ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇගේ පියාගේ 12වන වර්ෂයේ දී ඇය සමග ඇගේ බාල සොයුරියන් තිදෙනා නිරූපණය කොට තිබේ. ඇගේ පියා විසින් සිය භාර්යාව (නෙෆර්ටිටි) සම-අනුරාජ පදවියට පතකර ඇති බව පෙනේ. ඔහුගේ පවුල තාත්වික ස්වරූපයෙන් සියලු නිල කලා නිර්මාණවල නිරූපණය කොට තිබේ. නිසැකවම අන්ඛෙසෙනමුන් එක් රජකුටවත් විවාහ කර දී ඇත. ඇය පාරාවෝ ටූටන්ඛාමූන්ගේ මහා රාජකීය භාර්යාව වූවා ය. ඇයව කෙටි කාලීනව ටූටන්ඛාමූන්ගේ අනුප්‍රාප්තිකයා වූ ආයිට ද විවාහ කරදුන්නා විය හැක. ඇතැමුන් විශ්වාස කරන්නේ ආයි ඇගේ මාතෘ පාර්ශ්වීය මුත්තණුවන් බවයි.[2] ඇය ඇතැම්විට ඇගේ මවගේ මරණින් පසු අක්නාටන්ගේ හෝ ඔහුගේ සම-අනුරාජයා වූ ස්මෙන්ඛ්කරේගේ මහා රාජකීය භාර්යාව වී යැයි ඇතැම්හු පවසති. 2010 පෙබරවාරි මස ප්‍රකාශිත මෑතකාලීන DNA පරීක්ෂාවක් අනුව, යෝජනා වී ඇත්තේ KV21 සොහොන්ගැබේ භූමදානය කළ 18වන රාජවංශයේ රැජිනියන් දෙදෙනාගේ මමීවලින් එකක් ඇගේ විය හැකි බවයි. DNA අනුව, මෙම මමී දෙකම රාජකීය සාමාජිකයන්ගේ බව පෙනේ.[3] මුල්කාලීන දිවියඅන්ඛෙසෙන්පාටන් උපත ලැබූයේ ඊජිප්තුව පෙර නොපැවැති ආගමික විප්ලවයක (ක්‍රි.පූ. 1348 පමණ) පසුවූ යුගයකයි. ඇගේ පියා විසින් හිරුමඬල මගින් සංකේතවත් කෙරුණු හිරු දෙවියන්ගේ සුළු ස්වරූපයක් වූ ආටන් වන්දනාව ප්‍රචලිත කිරීමේ අරමුණින් පැරණි දෙවිවරුන් ඇදහීම තහනම් කළේ ය. ඇය වැසෙට් (වර්තමාන තීබ්ස්) ප්‍රදේශයේ උපත ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. බොහෝවිට ඇය හැදී වැඩෙන්නට ඇත්තේ නව අගනුවර වූ අක්ටාටන් (වර්තමාන අමර්ණ) හි විය හැක. වැඩිමහල් දියණියන් තිදෙනා වූ මෙරිටාටන්, මෙකෙටාටන් සහ අන්ඛෙසෙන්පාටන් "ජ්‍යෙෂ්ඨ කුමරියන්" ලෙස රජයේ සහ ආගමික කටයුතු සඳහා දායක වූහ. ඇගේ උපන් දිනය නොදනී. පසුකාලීන දිවියපළමුව ඇයව ඇගේ පියා විසින්ම විවාහ කරගැනුණු බව විශ්වාස කෙරේ.[4] මෙය ඊජිප්තු රාජකීය පවුල් සඳහා අයෝග්‍ය යැයි පිළිනොගැනිණි. ඇය ඇගේ දොළොස්වන වියේ දී, අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් (ඇගේ පියාට හෝ ස්මෙන්ඛ්කරේටා දාව) කුමරිය බිහි කරන්නට ඇත. නමුත් එම දරුවාගේ දෙමාපියන් පැහැදිළි නැත.[1]
ඇගේ පියාගේ මරණින් අනතුරුව, ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන්ගේ කෙටි රාජ්‍ය සමයයන්ගෙන් පසු, ඇය ටූටන්ඛාටන්ගේ භාර්යාව බවට පත්වූවා ය.[5] විවාහයෙන් පසුව, යුවළ ප්‍රතිෂ්ඨාපිත ආගමේ දෙවිවරුන්ට ගෞරව වශයෙන් සිය නම් ටූටන්ඛාමූන් සහ අන්ඛෙසෙනමුන් ලෙස වෙනස් කරගත්හ.[6] මෙම යුවළට මළදරු බිළිඳියන් දෙදෙනකු වූ බව පෙනේ.[6] ටූටන්ඛාමූන්ගේ හඳුනාගැනුණු එකම භාර්යාව අන්ඛෙසෙනමුන් හෙයින් ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ භ්‍රෑණ ද්විත්වය ඔහුගේ දියණියන්ගේ විය හැක. සිය නවවන රාජ්‍ය වර්ෂයේ, දහඅටවන වියේ පමණ පසුවූ ටූටන්ඛාමූන් හදිසියේම මියගියේ උරුමකරුවකු නොමැතිව ය. මේ වන විට අන්ඛෙසෙනමුන්ට වයස අවුරුදු විසි එකක් පමණ විය.[6] සොයාගැනුණු මුදුවක සඳහන් වන්නේ අන්ඛෙසෙනමුන් පිළිබඳ වාර්තා ඉතිහාසයෙන් අවසන් වීමට මඳ කලකට පෙර ඇය ආයි සමග විවාහ වූ බවයි. නමුත් ඇය රාජකීය බිසව වූ බවට කිසිදු ස්මාරකයක් හමු නොවේ.[7] ආයිගේ සොහොන්ගැබේ රැජින ලෙස දැක්වෙන්නේ අන්ඛෙසෙනමුන් නොව ටෙයි (ආයිගේ ජ්‍යෙෂ්ඨ බිරිඳ) නැමැත්තියයි. ඇතැම්විට ඇය ඔහුගේ රාජ්‍ය සමයේ හෝ රාජ්‍ය සමයට මඳ කලකට පසු මිය යන්නට ඇත. ඇය වෙනුවෙන් කිසිදු භූමදානයක් හමු වී නැත. හිටයිට් ලිපිහිටයිට් අගනුවර වූ හැට්ටුසාවලින් අමර්ණ යුගයට අයත් යැයි කාල නිර්ණය කළ ලේඛනයක් හමුවී ඇත. මෙය Iවන සුපිලුලියුමාගේ "ක්‍රියාවන්" යනුවෙන් ප්‍රකට ය. කර්කෙමිෂ්හි වටලෑමක් අතරතුර හිටයිට් පාලකයාට ඊජිප්තු රැජිනකගෙන් ලිපියක් ලැබෙයි. එම ලිපියේ මෙසේ දැක්වෙයි:
මෙම ලේඛනය සුවිශේෂී යැයි සැලකේ. ඊජිප්තුවරුන් සම්ප්‍රදායිකව විදේශිකයන් පහත් යැයි සලකා තිබේ. මින් විස්මයට පත් Iවන සුපිලුලියුමා සිය රාජ සභිකයනට මෙසේ පවසා තිබේ:
පෙනෙන ආකාරයට මේ පිළිබඳ විමර්ශනශීලී වූ ඔහු මේ පිළිබඳ සොයාබැලීමට දූතයකු පිටත් කර හැරියේ ය. නමුත් මෙසේ සිදු කිරීමෙන් ඔහු සිය අධිරාජ්‍යය ඊජිප්තුව කරා ව්‍යාප්ත කිරීමට තිබූ අවස්ථාව අහිමි කරගත්තේ ය. පසුව ඔහු සිය පුත්‍රයකු වූ සනන්සාව පිටත් කර හැරි මුත්, ගමන අතරතුර කුමරු මියගියේ ය. ඇතැම්විට මෙය මිනීමැරුමක් වන්නට ඇත.[9] මෙම ලිපිය ලියූ රැජිනගේ අනන්‍යතාවය නොදනී. හිටයිට් වාර්ෂික වාර්තාවල ඇයව දඛමුන්සු ලෙස හඳුන්වා තිබේ. මෙය ඇතැම්විට ටහෙමෙට්නෙසු (රජුගේ භාර්යාව) යන ඊජිප්තු පදවි නාමයෙහි පරිවර්තනයක් විය හැක.[10][සත්‍යාපනය අසමත්] මෙම තැනැත්තිය සඳහා යෝජනා වී ඇති නම් අතර, නෙෆර්ටිටි, මෙරිටාටන්,[2] සහ අන්ඛෙසෙනමුන් ද වේ. මින් අන්ඛෙසෙනමුන් වඩාත් යෝග්‍ය යැයි සැලකෙන්නේ ඇගේ සැමියා වූ ටූටන්ඛාමූන් මියයන විට ඔහුට උරුමකරුවකු නොසිටීම නිසායි. නමුත් අක්නාටන් සතුව අවම වශයෙන් නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයින් දෙදෙනකුවත් විය.[5] නමුත් මෙය පාදක කරගෙන ඇත්තේ 18වන රාජවංශයේ අවසන් පාරාවෝවරයා වූ හොරෙම්හෙබ්ගේ රාජ්‍ය සමය වර්ෂ 27ක් ලෙස සලකා ය. නමුත් වර්තමානයේ පිළිගැනෙන්නේ ඔහුගේ රාජ්‍ය සමය වර්ෂ 14ක් වැනි කෙටි කාලයක් බවයි. මෙම සාධකය නිසා මියගිය පාරාවෝ ලෙස ටූටන්ඛාමූන්ට වඩා අක්නාටන් සැලකීමට සිදු වේ. 'මාගේ යටත් වැසියකු' (ඇතැමුන් විසින් 'සේවකයින්' ලෙස පරිවර්තනය කොට තිබේ) සමග විවාහ වීම යන යෙදුමෙන් ප්‍රධාන අමාත්‍ය ආයි හෝ ඊජිප්තු රාජකීය පවුල් පෙළපතේ ද්විතීයික සාමාජිකයකු අදහස් කළා වන්නට පුළුවන. ඊජිප්තුවේ සතුරන්ට දඬුවම් පමුණුවන නෙෆර්ටිටි ඇගේ සැමියාට සමානව බලවත් අයුරින් ස්මාරකවල නිරූපණය කර ඇති හෙයින්, නිකොලස් රීවස් විශ්වාස කරන්නේ අමර්ණ ලිපි හුවමාරුවේ දැක්වෙන දඛමුන්සු නෙෆර්ටිටි බවයි.[11] ඊජිප්තුවේ සිහසුනට සිය අයිතිය තහවුරු කරගැනීම පිණිස ආයි විසින් තමන්ව විවාහ කරග්නනා මෙන් අන්ඛෙසෙනමුන්ට බල කරන්නට ඇත.[12] මෙම අදහස මගින් ඇය 'බියෙන්' පසුවීමට හේතුව ද පැහැදිළි කළ හැක. විශේෂයෙන්ම ආයි ඇගේ සැමියාගේ මරණයට දායක වී ය යන ජනප්‍රිය (නමුත් පුළුල්ව පිළිනොගැනේ) වන මතය ද ඇතැම්හු මෙයට සම්බන්ධ කර දක්වති.[13] 2005දී ටූටන්ඛාමූන්ගේ මමිය පිළිබඳ සිදුකළ CT පරිලෝකනයකින් පෙනීගියේ ඔහුගේ මරණයට මඳ කලකට පෙර පාදය දරුණු ලෙස බිඳීමට ලක්ව ඇති බවත්, පාදය ආසාදනය වී ඇති බවත් ය. 2010දී සිදුකළ DNA විශ්ලේෂණයකින් ඔහුගේ සිරුර තුළ මැලේරියා පරපෝෂිතයින් හමු විය. වර්තමානයේ විශ්වාස කෙරනේනේ මැලේරියාව සහ ලයියොමයෝමේටා යන තත්ත්වයන්ගේ සම්මිශ්‍රණයෙන් ඔහුගේ මරණය සිදුවූ බවයි.[14] කෙසේනමුත්, සිය වල්ලභයා විදේශ රාජ්‍යයකින් තෝරා ගැනීමට අන්ඛෙසෙනමුන්, නෙෆර්ටිටි තරම් බලවත් තැනැත්තියක ද නොවී ය. KV21A මමිය2010 පෙබරවාරි මස ප්‍රකාශිත DNA පරීක්ෂාව අනුව, අනුමාන කෙරුණේ ඇගේ මමිය රජුන්ගේ නිම්නයේ KV21 සොහොන්ගැබෙන් හමුවූ 18වන රාජවංශයේ රැජිනියන් දෙදෙනාගේ මඹී ද්විත්වය අතුරින් එකක් බවයි.[3] ටූටන්ඛාමූන් සමග භූමදානය කොට තිබූ භ්‍රෑන ද්විත්වය ටූටන්ඛාමූන්ගේ දරුවන්ට අයත් යැයි සනාථ වී තිබේ. වර්තමාන මතය නම් ඇන්ඛෙසෙනමුන් ඔවුන්ගේ මෑණියන් බවයි. මෙම රැජිනියන්ගේ අනන්‍යතාව පිළිබඳ ධනාත්මක අදහසක් ඇති කරගැනීමට ප්‍රමාණවත් තරම් DNA KV21 මමීවලින් ලැබුණේ නැත. ප්‍රමාණවත් DNA අනුව යෝජනා වී ඇත්තේ KV21a මමිය ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ භ්‍රෑණ ද්විත්වයේ මව වියැ හැකි බවයි.[3] එම තැනැත්තිය අන්ඛෙසෙනමුන් විය හැකි යැයි යෝජනා වී ඇත්තේ ඓතිහාසික වාර්තාවල ටූටන්ඛාමූන්ගේ භාර්යාව ලෙස හමුවන්නේ ඇගේ නාමය පමණක් බැවිනි. නමුත් මෙම අනාවරණය පිළිබඳ එක් ගැටලුවක් ඇත: KV21a මමිය අන්ඛෙසෙනමුන්ගේ නම්, KV55 මමිය ඓතිහාසික වාර්තාවල සඳහන් ඇගේ පියා වන අක්නාටන්ගේ විය නොහැක. KV21a මමියේ DNA භ්‍රෑණවල මව ලෙස ගැලපුණු නමුත්, KV55ගේ දියණිය ලෙස නොගැළපිණි. එම නිසා:
කෙසේනමුත් KV21a මමියේ DNA, 18වන රාජවංශයේ රාජකීය පෙළපත සමග ගැළපෙන හෙයින් එය තුත්මොසීය පාලන නිවසේ සාමාජිකාවකගේ විය හැක. KV63KV63 සොහොන්ගැබේ කැනීම්වලින් පසු යෝජනා වී ඇත්තේ එය අන්ඛෙසෙනමුන් වෙනුවෙන් ඉදිවූවක් බවයි. එයට හේතුව මෙය ටූටන්ඛාමූන්ගේ KV62 සොහොන්ගැබට යාබදව පැවතීමයි.[තහවුරු කර නොමැත] මෙම සොහොන්ගැබේ තිබී මිනීපෙට්ටි (ඉන් එකක කාන්තාවකගේ මුද්‍රාවක් පැවතිණි), කාන්තා වස්ත්‍ර, ආභරණ සහ නේට්‍රන් ද හමු විය. පාටන් යන නාම කොටස සහිත මැටි බඳුන්වල කොටස් ද මෙහි තිබී හමු විය. මෙම නාමය සහිත එකම රාජකීය පුද්ගලයා අන්ඛෙසෙනමුන් ය. ඇගේ සැබෑ නාමය අන්ඛෙසෙන්පාටන් ය. කෙසේනමුත් KV63 සොහොන්ගැබෙන් කිසිදු මමියක් හමු නොවිණි. නූතන මාධ්‍ය තුළඅන්ඛෙසෙන්පාටන්/අන්ඛෙසෙනමුන් ප්‍රබන්ධ චරිතයක් ලෙස පහත කෘතිවල දක්නට ලැබේ:
පෙළපත සහ පවුලමූලාශ්ර
වැඩිදුර කියවීමට
|
Portal di Ensiklopedia Dunia