ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ
ටූටන්ඛාමූන්ගේ වෙස්මුහුණ හෙවත් ටූටන්ඛාමූන්ගේ අවමංගල වෙස්මුහුණ යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ, 18වන රාජවංශයේ පාරාවෝවරයකු වූ ටූටන්ඛාමූන්ගේ (රාජ්‍ය සමය. ක්‍රි.පූ. 1332–1323) මරණ වෙස්මුහුණයි. මෙය සොයාගන්නා ලද්දේ 1925දී හොවාඩ් කාටර් විසිනි. KV62 සොහොන්ගැබෙන් හමුවූ මෙම වෙස්මුහුණ වර්තමානයේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත.[3] මෙම වෙස්මුහුණු ලොව වඩාත් සුප්‍රකට කලා නිර්මාණවලින් එකක් ලෙස සැලකෙයි.[4] ඊජිප්තුවේදියකු වන නිකොලස් රීවස් අනුව "මෙම වෙස්මුහුණ ටූටන්ඛාමූන්ගේ සොහොන්ගැබෙන් හමුවූ අනර්ඝතම නිර්මාණය පමණක් නොව, පුරාතන ඊජිප්තුවෙන් හමුවූ වඩාත් සුප්‍රකටම වස්තුව වේ".[4] 2001 සිට, පර්යේෂණ අනුව යෝජනා වී ඇත්තේ මෙම වෙස්මුහුණ මුලින් නිර්මාණය කොට ඇත්තේ නෙෆර්නෙෆරුආටන් රැජින වෙනුවෙන් බවයි;[5] මෙම වෙස්මුහුණ ඇතුළත තිබී එම රැජිනගේ රාජකීය නාමය (අන්ඛ්ඛෙපෙරුරේ) සහිත අර්ධව මකාදැමූ කාර්ටුෂයක් හමුවිය.[6] අනාවරණයටූටන්ඛාමූන්ගේ භූමදාන කුටිය සොයාගන්නා ලස්සේ 1922දී තීබානු සුසානභූමියේ රජුන්ගේ නිම්නය තුළිනි. එය විවෘත කෙරුණේ ඉන් වසරකට පසුවයි. ටූටන්ඛාමූන්ගේ මමිය අන්තර්ගත බරැති මිනීපෙට්ටිය විවෘත කිරීමට ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයකු වූ හොවාඩ් කාටර්ගේ මූලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමට තවත් වසර දෙකක් ගතවිය. 1925 ඔක්තෝබර් 28 දින ඔවුහු මිනීපෙට්ටි තුන විවෘත කරමින් අභ්‍යන්තරයේ වූ රන් වෙස්මුහුණ අනාවරණය කරගත්හ. මෙය ආසන්න වශයෙන් වසර 3,250කට පමණ පසුවයි, මිනිසාගේ නෙත ගැටුණේ. කාටර් සිය දිනපොතෙහි මෙසේ ලියා ඇත:
1925 දෙසැම්බරයේ දී, වෙස්මුහුණ සොහොන්ගැබෙන් ඉවත් කරන ලදී. එය ඇසුරුමක බහා කිලෝමීටර 635 (සැත. 395) ඈතින් පිහිටි කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරය වෙත ගෙන යන ලදී. වර්තමානයේ එය එම ස්ථානයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. විස්තරයවෙස්මුහුණ 54 cm (අඟල් 21) උසැති ය. එහි පළල 39.3 cm (අඟල් 15.5) වන අතර ගැඹුර 49 cm (අඟල් 19) කි. මෙය ඉහළ-කැරට් ගණනකින් යුත් රත්රන් ස්තර දෙකක් ලෙස හැඩගන්වා තිබේ. එහි ඝනකම 1.5–3 mm (අඟල් 0.059-0.118) අතර පරාසයක විචලනය වන අතර, බර 10.23 kg කි.[8] X-කිරණ ස්ඵටික විද්‍යාව අනුව අනාවරණය වී ඇත්තේ වෙස්මුහුණ රත්රන්වල මිශ්‍ර ලෝහ දෙකකින් තනා ඇති බවයි: එහි දී මුහුණේ සහ ගෙලේ සැහැල්ලු කැරට් 18.4ක ප්‍රමාණයකුත්, සහ වෙස්මුහුණේ ඉතිරි පෙදෙසේ කැරට් 22.5ක රන් ප්‍රමාණයකුත් අන්තර්ගත ය.[9] මෙහි මුහුණ මගින් සම්මත පාරාවෝ රුව නිරූපණය වේ. එම රුවම පර්යේෂකයන්හට සොහොන්ගැබේ සෑම තැනකම හමුවූ අතර, විශේෂයෙන්ම ආරක්ෂක ප්‍රතිමා ඒ අතර විය.[9] ඔහු නෙමෙස් නැමැති ශිර්ෂ වස්ත්‍රයත්, එහි මුදුනේ රාජකීය නාග (වැඩ්ජෙට්) සහ ගිජුලිහිණි (නෙඛ්බෙට්) ලාංඡනයත් පැළඳ සිටියි. ඉහත නාග සහ ගිජුලිහිණි ලාංඡනය ඉහළ සහ පහළ ඊජිප්තුවේ ටූටන්ඛාමූන්ගේ පාලනය සංකේතවත් කරයි. වෙස්මුහුණේ දෙකන් කර්ණාභාරණ පැළඳීම පිණිස සිදුරුකොට තිබේ. මෙම ලක්ෂණය බොහෝ පුරාතන ඊජිප්තු කලා නිර්මාණවල රැජිනියන් සහ දරුවන් නිරූපණය කිරීමේ දී යොදාගත් ලක්ෂණයකි.[6] වෙස්මුහුණ වර්ණවත් වීදුරු සහ මැණික් ඔබ්බවා අලංකාර කොට ඇත. මේ අතරට ලැපිස් ලැසුලි (ඇස්වටා දාර සහ ඇස්බැමි), ක්වාර්ට්ස් (ඇස්), ඔබ්සිඩියන් (කළු ඉංගිරියාව), කාර්නේලියන්, ෆෙල්ඩ්ස්පාර්, නිල් මැණික්, ඇමසොනයිට්, ෆෙයාන්ස් සහ සෙසු පාෂාණ (පළලු කරපටියේ ඔබ්බවා ඇති) අයත් වේ.[2][10] රැවුල1925දී මෙය සොයාගන්නා විට, 2.5 kg (රාත්තල් 5.5)[11] බරැති, ලැපිස් ලැසුලි එබ්බවූ ගෙතූ ආකාරයක් ගත් පටු රන් රැවුල වෙස්මුහුණෙන් වෙන්වී තිබිණි. නමුත් 1944දී ලී පිරිද්දුම් ඇණය්ක භාවිතයෙන් එය නිකටට යළි සවිකෙරිණි.[12]
2014 අගෝස්තු මස, පිරිසිදු කිරීම පිණිස වෙස්මුහුණ ප්‍රදර්ශන ආවරකයෙන් ඉවතට ගෙන යාමේ දී රැවුල ගැලවී වැටිණි. වගකිව යුතු කෞතුකාගාර සේවකයින් විසින් වහා-වියළෙනසුලු ඉපොක්සි දුම්මල විශේෂයක් මගින් එය සවි කිරීමට තැත් කළ ද, රැවුල හරිමැද සවිනොවිණි. 2015 ජනවාරි මස මෙම හානිය නිවේදනය කෙරිණි. ජර්මානු-ඊජිප්තු කණ්ඩායමක් විසින් එය පුරාතන ඊජිප්තුවරුන් භාවිත කළ ස්වාභාවික අමුද්‍රව්‍යයක් වන මී ඉටි ආධාරයෙන් එය යළි සවිකොට තිබේ.[13] 2016 ජනවාරි මස නිවේදනය කෙරුණේ, ප්‍රතිසංස්කරණය කිරීමේ දී විද්‍යාත්මක සහ වෘත්තීයමය දැනුවත්භාවයකින් තොරව කටයුතු කොට වෙස්මුහුණ නිත්‍ය හානියක් සිදුකළ ඊජිප්තු කෞතුකාගාර සේවකයින් අටදෙනකු විත්තකරුවන් ලෙස නම්කොට ඇති බවයි. ඉහත චෝදනාවට ලක්වූවන් අතර කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂකවරයකු ද වේ.[14] අභිලේඛනයවෙස්මුහුණේ පසුපස සහ උරහිස් පෙදෙස්වල සිරස් පේළි දහයකින් සහ තිරස් පේළි දෙකකින් යුතුව ඊජිප්තු රූපාක්ෂරවලින් ලියන ලද ආරක්ෂක මන්ත්‍රයක් සඳහන් වේ.[9] මෙම අභිලේඛනය මළවුන්ගේ පුස්තකයේ 151වන පරිච්ඡේදයට අයත් එකකි. මෙම පාඨය මුලින්ම හමුවන්නේ ටූටන්ඛාමූන් රජසමයට වර්ෂ 500කට පමණ පෙර මධ්‍ය රාජධානි යුගයේ ය.[15]
ඔසිරිස් යනු මරණින් මතු දිවියට අධිපති ඊජිප්තු දෙවියා ය. පබළු මාලයවෙස්මුහුණ ප්‍රදර්ශනයට තැබීමේ දී ඉවත් කොට තිබුණ ද, මුලින් එය සතුව දාම තුනකින් යුත් මාලයක් පැවතිණි. රන් සහ නිල් පැහැ ෆෙයාන්ස් පබළුවලින් තැනි එය, නෙළුම් මල් අන්තයකින් සහ යුරේයස් ගාංචුවලින් සමන්විත වේ.[17] ගැලරිය
මේවාත් බලන්නමූලාශ්ර
ග්‍රන්ථාවලිය
බාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia