සොරබොර වැව
සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි.[1] අතීතයේදී මෙම වැව බින්තැන්නේ මූද ලෙස හඳුන්වා ඇත.[2] ![]() දියවන්නා ඔය හරස් කොට මීටර 485ක පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිර්මාණය කොට තිබේ.[3] වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනයකරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්රයෙන් නිර්මාණය කොට තිබේ.[4] මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.[5] තාක්ෂණික විස්තරවැව් බැම්මේ පළල අඩි 20 ක් වන අතර දිග අඩි 150 ක් වේ. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800 කි. අක්කර 3,000 ක බිමක් වගා කිරීම ජලය සැපයිය හැකිය. වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 1 දම්වැල් 32.5 කි. දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 3 දම්වැල් 20 ක් වේ.[6] මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තිළිණ ගුරුසිංහ මහතාට අනුව සොරබොර වැවෙහි ජල පෝෂක ප්‍රදේශය අක්කර 10700 ක පමණ ව්න අතර ධාරිතාවය ඝන මීටර් මිලියන 21 ක් ද කුඹුරු අක්කර 1270 ක් පමණ යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට ජලය සපයන බවද සඳහන් වේ.[7]
මේවාද බලන්නමූලාශ්ර
|
Portal di Ensiklopedia Dunia