සිංහල රාජධානිය
වර්තමාන ශ්‍රී ලංකාවෙහි පැවති අනුයාත සිංහල රාජධානි මාලාවක් සිංහල රාජධානිය ලෙසින් හැඳින්වෙයි.[4][5][6][7] ක්‍රිපූ 543 දී විජය කුමරු විසින් ඇරඹුනු සිංහල රාජධානිය, එහි පරිපාලන කේන්ද්‍රය පිහිටි නගරය අනුව නම් කෙරුණු අනුයාත රාජධානි වශයෙන් පැවතිණි. කාලානුරූපයෙන් මෙම රාජධානි වන්නේ, තම්බපණ්ණි, උපතිස්ස නුවර, අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ මහනුවර යන රාජධානින් වෙති. 1815 සිට 1948 දක්වා මෙම රාජධානියෙහි පැවැත්ම අහෝසිවි තිබුනි. 1948 දී ලංකාව නමින් යලි පිහිටවුනු රාජධානිය 1972දී ජනරජයක් බවට පත්විය. ක්‍රිපූ 543 සිට ක්‍රිව 1815 දක්වා සිංහල රාජධානිය පැවැති අතර, එම කාලය අතරතුර සමහරක් අතුරු කාලසීමාවන් තුල වෙනත් දේශපාලනික ස්ථිතීන් සහවනයෙහි යෙදුනු අතර, මේවාට යාපනය රාජධානිය (ක්‍රිව 1215-1624 අතර පැවති),[8] වන්නි නායකයෝ (12වන සියවස – ක්‍රිව1803 දක්වා පැවැති) සහ පෘතුගීසි සහ ලන්දේසි යටත්විජිත (පිළිවෙලින් ක්‍රිව 1597–1658 සහ ක්‍රිව 1640–1796 අතරතුර පැවැති) අඩංගු වෙති.[9] මෙම අතුරු කාලසීමාවන් තුල, ඉහත දේශපාලන ස්ථිතීන් සිංහල රාජධානිය යටතේ නොපැවතිණි. යුගයන්
ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia