ෂක ලක බූම් බූම්

ෂක ලක බූම් බූම්
"ෂක ලක බූම් බූම් රූපවාහිනී වැඩසට‍හනේ ‍පෝස්ටරයක්"
තැනුවේටෙන්-ස්පීඩ් ටීවී ඉන්ඩියා
අධ්‍යක්ෂණය කලේලින්ඩා මබුසෝ
රඟපෑමචරිත නිරූපණය බලන්න
ඇරඹුම් තේමාව"ෂක ලක බූම් බූම්"
සම්භව රටඉන්දියාව
කථාවාර සංඛ්‍යාව4
කථාංග ගණන491
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ඩේරියන් අමෝස්
ධාවන කාලයආසන්න. මිනිත්තු 24
ප්‍රචාරණය
මුල් නාලිකාවඩීඩී නැෂනල්
ස්ටාර් ප්ලස්
ස්ටාර් උත්සව්
රූප ආකෘතිය480i (SDTV)
මුල් ධාවනය19 අගෝස්තු 2002 – 10 ඔක්තෝබර් 2004
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ෂක ලක බූම් බූම් යනුවෙන් හැඳින්වනු ලබන්නේ ප්‍රථමයෙන් ඩීඩී නැෂනල් නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. අනතුරුව 2001 වර්ෂයේ සිට මෙම කතාමාලාව ඉන්දියාවේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වීම සිදු විය.[1][2] මෙම රූපවාහිනී කතාමාලාව ළමුන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. ඒ නිසාම මෙම කතාමාලාව ස්ටාර් උත්සව් නාළිකාව ඔස්සේ කිහිප වරක්ම විකාශය කොට තිබේ. මෙහි කථාංග 150ක් දක්වා වූ කතාමාලාව ‍හොට්ස්ටාර් ඔස්සේ නැරඹිය හැක. මෙම රූපවාහිනී කතාමාලාවේ රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ විජේ ක්‍රිෂ්ණා ආචාර්ය සහ ලින්ඩා මබුසෝ විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඩේරියන් අ‍මෝස් විසින් වන අතර එය නිර්මාණය කරන ලද්දේ ටෙන්-ස්පීඩ් ටීවී ඉන්ඩියා ආයතනය විසිනි. ආසන්න වශයෙන් මිනිත්තු 24කින් යුත් කථාංග 491කින් සමන්විත වූ මෙම රූපවාහිනී කතාමාලාව 2002 වර්ෂයේ අගෝස්තු 19 වන දින සිට 2004 ඔක්තෝබර් 10 දින දක්වා විකාශය විය. මෙය කථා වාර හතරකින් සමන්විත විය. මෙහි ප්‍රධාන චරිතය වන සංජුගේ චරිතය නිරූපණය කරන්නේ කින්ෂුක් වෛද්‍යා නැමැති ළමා නළුවා විසිනි.

ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවූ මෙම රූපවාහිනී කතාමාලාව මායා පැන්සල යන තේමාව ඔස්සේ විකාශය වූයේ ස්වර්ණවාහිනී රූපවාහිනී නාළිකාව ඔස්සේ ය.

කථාපුවත

මෙම රූපවාහිනී කතාමාලාවේ කථා පුවත ගෙතී ඇත්තේ එහි ප්‍රධාන චරිතය වන සංජු (කින්ෂුක් වෛද්‍යා) වටා ය. ඔහුට මායා පැන්සලක් හමුවන අතර එම පැන්සල භාවිතයෙන් අඳිනු ලබන ඕනෑම දෙයක් සැබෑ දේ බවට පත් වේ. කථාව තවදුරටත් ගලා යාමේ දී කථා වාර හතරක් පුරාවට මායා පැන්සලේ හැකියා සහ ඒ හා සම්බන්ධ අත්දැකීම් නිරූපණය කෙරේ. සංජු හා ඔහුගේ මිතුරන් හට මායා පැන්සල පසුපස හඹා එන ටයිගර් නැමැත්තාගේ විවිධ තර්ජනවලට මුහුණදීමට සිදුවන අතර ඔවුන් එම බාධක ජය ගන්නට සමත් වේ. මායා පැන්සල ආධාර කර ගනිමින් ඔවුන් නොයෙකුත් වීර ක්‍රියාවන්හි නියැළෙන අයුරු තවදුරටත් මෙමගින් නිරූපණය කෙරේ.[3]

චරිත නිරූපණය

අන්තර්ජාතික විකාශය

ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කවන ලද මෙම කතාමාලාව මායා පැන්සල යන නාමය ඔස්සේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වූයේ 2016 වර්ෂයේ සිට ය. කුඩා ළමුන් අතර අතිශය ජනප්‍රිය වූ මෙම කතාමාලාව සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල ප.ව. 5.30ට විකාශය කෙරේ. එම කතාමාලාවේම නැවත විකාශයක් සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදෑසන විකාශය කෙරේ.

ආශ්‍රේයයන්

  1. ^ Relief for parents. Hindu-Businessline-Stories. 16 October 2000
  2. ^ An Interview with Sameer Kulkarni. IndianTelevision. 15 November 2001
  3. ^ There is magic in the air. The Sunday Tribune. 11 August 2002

සැකිල්ල:Children television series in India


 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia