විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)
ලිපි වෙනත් නම් වලට ගෙනයෑමලිපි වෙනත් නම් වලට ගෙනයෑමේදී (REDIRECT) අනුගමනය කළයුතු රීති මොනවාද? --Lee (talk) 06:18, 25 මාර්තු 2016 (යූටීසී)
අඩු වැදගත් කමක් ඇති ඉංග්‍රීසි ලිපි ඉග්රිසියෙන් සිංහලට පරිවර්තනය කර කර ඉන්නවාට වඩා කවුරුහරි ඉංග්‍රීසි දන්න උගතෙක් ඒක කලානම් නේද හොද? අපිටනම් බැරියෝ!නිකන් ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගෙ නේද ?--RsEkanayake 07:35, 24 අගෝස්තු 2016 (යූටීසී) නව පිටු අලුත් මුහුණුවරකටමෙය බලන්න මෙහි දැක්වෙන පරිදි, නව පිටු පරීක්ෂා කිරීම සඳහා විවිධ උපාංග යොදා ඇත. ඒවායේ අඩුපාඩු නිරීක්ෂණය කළ හැකි අතර ඒවා සළකුණු කළ හැකියි. මෙවැනි උපාංගයක් මෙහිද පිහිටුවිමෙන් පරිශීලකයන්ට වඩාත් පහසුවක් වේවී. කරුණාකර ඔබේ අදහස් පහළින් යොදන්න. ස්තූතියි!--Ravindu Navin (talk) 12:38, 5 සැප්තැම්බර් 2016 (යූටීසී)
ලිපි මාතෘකාහී සංශෝධන සිදුකිරීමඉන්දියාවේ ජනාධිපති යන මාතෘකාව ඉන්දියාවෙහි ජනාධිපතිවරයා ලෙස වෙනස් කිරීමක් දක්නට ලැබුණි. මාතෘකාවෙහි ඉන්දියාවේ යන්න වෙනුවට ඉන්දියාවෙහි යන්න යොදා තිබේ. පිටුගෙන ගිය පරිශීලකතුමා (පරිශීලක:Shwetha මහතා) විසින් මෙලෙස රටවල් සම්බන්ධ මාතෘකා කිහිපයක් අගට හි යන්න යොදා වෙනස් කොට තිබෙනු මීට පෙර දුටුවෙමි. (උදා, ඉන්දියාවේ ආර්ථික ඉතිහාසය සිට ඉන්දියාවෙහි ආර්ථික ඉතිහාසය. ශ්‍රී ලංකාවේ ඡන්ද විමසීම් සිට ශ්‍රී ලංකාවෙහි මැතිවරණ. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් සිට එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිට ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාව) එසේ සිදුකිරීමට පටන්ගතහොත් මෙම විකිපීඩියාවේ පවතින ලිපි ඉතා විශාල සංඛ්‍යාවක මාතෘකා වෙනස් කිරීමට සිදුවේ. මින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිට ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාව වෙත මාතෘකාව ගෙන යාම ඉතා පැහැදිලි නොගැලපීමක් පෙන්නුම් කරයි. කෙසේ නමුදු මෙතෙක් විකිපීඩියාව තුල තැනී ඇති බහුතරයක ලිපි වල මාතෘකා අගට හි යන්න නොයොදා තිබෙන්නේ (උදා, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ශ්‍රී ලංකාවේ ගමනාගමනය, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය, ඉන්දියාවේ ඉතිහාසය, ඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ, එක්සත් ජනපදයේ යටත් විජිත ඉතිහාසය වැනි බොහොමයක් ලිපි) එය වහර තුල සාමාන්‍ය පහසු සහ පොදුවේ භාවිත වන ආකාරය වන බැවින් බව විශ්වාස කරමි. මේ හේතුවෙන් පූර්ව සම්මතයකින් තොරව විකිපීඩියා ලිපි මාතෘකා වෙනස් කිරීම උචිත නොවේ යැයි යෝජනා කරමි.--L Manju (talk) 09:42, 22 ජූලි 2017 (යූටීසී)
රූපවාහිනී කතාමාලා ලිපි නාමරූපවාහිනී කතාමාලාවන් නම් කිරීමේ සම්මුතික ක්‍රමවේදයක් තිබේද? ඇතැම් රටවල විදෙස් හඬ්කැවූ රූපවාහිනී කතාමාලා ඒ ඒ රටවල ප්‍රදර්ශනය වූ නමයෙන් නම් කොට ඇත. පහත බලන්න: ta:சிவம் (தொலைக்காட்சித் தொடர்) සහ id:Mahadewa (serial TV) යොදා ඇති අයුරු. මෙම නාමයන් අදාළ කතාමාලා එරට හඬකවා විකාශය කළ නාමයන් වේ. සිංහල විකිපීඩියාව තුළ විදෙස් කතාමාලා පිළිබඳ ලිවීමේ දී වඩා සුදුසු එහි මුල් නාමය ද නැතහොත් වඩා පුරුදු හඬකැවූ නාමය ද?----Yasasuru (talk) 11:34, 1 සැප්තැම්බර් 2017 (යූටීසී) presenting the project Wikipedia Cultural Diversity Observatory and asking for a vounteer in Sinhalese WikipediaHello everyone, My name is Marc Miquel and I am a researcher from Barcelona (Universitat Pompeu Fabra). While I was doing my PhD I studied whether an identity-based motivation could be important for editor participation and I analyzed content representing the editors' cultural context in 40 Wikipedia language editions. Few months later, I propose creating the Wikipedia Cultural Diversity Observatory in order to raise awareness on Wikipedia’s current state of cultural diversity, providing datasets, visualizations and statistics, and pointing out solutions to improve intercultural coverage. I am presenting this project to a grant and I expect that the site becomes a useful tool to help communities create more multicultural encyclopaedias and bridge the content culture gap that exists across language editions (one particular type of systemic bias). For instance, this would help spreading cultural content local to Sinhalese Wikipedia into the rest of Wikipedia language editions, and viceversa, make Sinhalese Wikipedia much more multicultural. Here is the link of the project proposal: https://meta.wikimedia.org/wiki/Grants:Project/Wikipedia_Cultural_Diversity_Observatory_(WCDO) I am searching for a volunteer in each language community: I still need one for the Sinhalese Wikipedia. If you feel like it, you can contact me at: marcmiquel *at* gmail.com I need a contact in your every community who can (1) check the quality of the cultural context article list I generate to be imported-exported to other language editions, (2) test the interface/data visualizations in their language, and (3) communicate the existance of the tool/site when ready to the language community and especially to those editors involved in projects which could use it or be aligned with it. Communicating it might not be a lot of work, but it will surely have a greater impact if done in native language! :). If you like the project, I'd ask you to endorse it in the page I provided. In any case, I will appreciate any feedback, comments,... Thanks in advance for your time! Best regards, --Marcmiquel (talk) 08:02, 11 ඔක්තෝබර් 2017 (යූටීසී) Universitat Pompeu Fabra, Barcelona සිංහල විකිපීඩියාවෙහි දියුණුව සහ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැනුම වර්ධනය උදෙසා කරනු ලබන යෝජනාවකි...විකිපීඩියා විශ්වකෝෂය භාවිතයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව අතර තිබෙන්නේ තරමක මැලිකමකි. විශේෂයෙන්ම සිංහල භාෂාව භාවිතා කරන්නන් ඉනුදු ප්‍රධාන වෙයි. විශ්ව ගම්මානයක් යන සංකල්පය හමුවේ ගෝලීයකරණය වන සමාජයක, සුළුතර භාෂා ලෝක භාවිතයෙන් සීඝ්‍රයෙන් අතුගෑවී යන්නේය. මෑතකදී සිට ඇරඹි'පොෂ්' සංස්කෘතිය මේ සඳහා ඉතා හොඳ උදාහරණයකි. එහි එක් ප්‍රතිඵලයක් වශයෙන් නගරබද ජනයා සීඝ්‍රයෙන් සිංහල භාෂාවෙන් දුරස්ත වන බව පෙනීයයි. එවැනි යුගයක ඩිජිටල් සංකල්පය යටතේ විකිපීඩියාව තුලින් මෙකී භාෂාවන්හී සුරක්ෂිතභාවය වෙනුවෙන් වන්නාවූ සේවය සුළුපටු නොවනාබව කිවමනාය. මෙවන් අවස්තාවක මෙම බසෙහි අනාගත සුභසිද්ධිය සඳහා මෙන්ම ශ්‍රී ලාංකික ජන සමාජයෙහි දැනුම වර්ධනයටද, අතත්‍ය(virtual) වශයෙන් විකිපීඩියාව තුල පවතින්නාවූ මෙවැනි සමාජයන් හා විකිපීඩියානුවන් අතත්‍ය නොවූ සැබෑ සමාජයක් වශයෙන් එක්වීමේ අවශ්‍යතාවය මා විසින් පෙන්වාදෙමි. මෙතුලින් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මා විසින් අපේක්ෂා කරන ප්‍රතිඵලයන් කිහිපයක් පහතින් දක්වා ඇත.
මීට, ලසන් රාජපක්ෂ
Galicia 15 - 15 Challenge![]() Wikipedia:Galicia 15 - 15 Challenge is a public writing competition which will improve improve and translate this list of 15 really important articles into as many languages as possible. Everybody can help in any language to collaborate on writing and/or translating articles related to Galicia. To participate you just need to sign up here. Thank you very much.--Breogan2008 (talk) 14:34, 12 මාර්තු 2018 (යූටීසී) Portals
----Randeer (talk) 06:11, 13 අප්‍රේල් 2018 (යූටීසී)
Reftoolbarඉංග්‍රීසි විකිපීඩියාව තුළ ප්‍රභව කේත සංස්කාරකයට පිවිසුණු විට මෙවලම් තීරුවේ help යන්නට දකුණුපසින් cite යනුවෙන් දිස්වන ඈදුමක් ඇති අතර එමගින් පෝරමයක් පිරවීම මගින් ඉතා පහසුවෙන් මූලාශ්‍ර උපන්‍යාස කළ හැකි ය. REftoolbar නම් මෙම මෙවලම අත්විදීමේ වරම සිංහල විකිපීඩියානුවන්ට දැනට නැති බවක් පෙනේ. මෙය සිංහල විකිපීඩියාවටද එක්කළ හැකි නම් ස්තූතිවන්ත වෙමි. මෙය සිදුකළ හැක්කේ පරිපාලකවරුන්ට පමණි. මෙතන බලන්න. --Sasithmadu (talk) 01:20, 2 ජූනි 2018 (යූටීසී) Wikimedia ආයතනයට ව්‍යාපෘති යෝජනා පත්රයක්සුභ දවසක්, අපි මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික භාශා සැකසුම් මධ්‍යස්ථානයේ සුරංගිකා රනතුංග හා නිසංස ද සිල්වා. සිංහල භාෂාවේ ප්‍රගමණය උදෙසා සිංහල විකිපීඩියා ලිපි ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවය අපට තදින්ම දැනී තිබෙනවා. සිංහල විකිපීඩියා ලිපි ප්‍රමාණය වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, ඒ සඳහා අරමුදල් සපයා ගැනීමට wikimedia ආයතනයට ව්‍යාපෘති යෝජනා පත්‍රයක් ඉදිරිපත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. මේ යෝජනා පත්‍රයේ මූලික බලාපොරොත්තුව වන්නේ සිංහල විකිපීඩියා සඳහා දායකත්වය දැක්වීමට විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් දිරිමත් හා දැනුවත් කිරීමට වැඩමුළු හා තරඟ සංවිධානය කිරීමයි. මේ මගින්, නියමිත කාල පරාසයක් ඇතුලත සිංහල විකිපීඩියා ලිපි ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. මේ සඳහා ඔබගේ දායකත්වය හා අදහස් ලබා ගැනීමේ අරමුණෙනුයි අපි මේ පණිවිඩය මෙහි තබා යන්නේ. ඔබ මීට දායකවන්නට කැමතිනම් කරුණාකර අපට දන්වන්න.--NisansaDdS (talk) 07:54, 18 මාර්තු 2022 (යූටීසී)
|
Portal di Ensiklopedia Dunia