ලෝක ආහාර වැඩසටහන
ලෝක ආහාර වැඩසටහන[a] (ඩබ්එෆ්පී) යනු එක්සත් ජාතීන්ගේ ආහාර-සහනාධාර පිළිබඳ ශාඛාව වන අතර කුසගින්න සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ලෝකයෙහි විශාලතම මානවවාදී සංවිධානය වෙයි. [1] 1961 වසරෙහි ඇරඹුනු මෙහි, මූලස්ථානය රෝමයෙහි පිහිටන අතර එහි කාර්යාලයයන් රටවල් 80 ක් තුල පිහිටයි. [2] 2019 වසර වන විට, එය විසින් රටවල් 88 ක් කුල 97 මිලියන ප්‍රමාණයක ජනතාව වෙත සේවා සපයා ඇති අතර, එම කර්තව්‍යය 2012 වසරෙහි සිට සිදු කර ඇති විශාලතමය වන අතර,[3] එහි ක්‍රියාකරකම් අතරින් තුනෙන් දෙකක් සිදු කර ඇත්තේ ගැටුම් පවතින කලාප තුලය. [4] හදිසි ආහාර සහනාධාර සැපයීමට අමතර වශයෙන්, හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සහ එවැන්නන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා හැකියාව ගොඩනැගීම, සැපයුම් දාම සහ කාර්ය සම්පාදනය කළමනාකරණය, සමාජ සුරැකුම් වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම, සහ දේශගුණික වෙනස්වීම් වලට එරෙහිව ප්‍රත්‍යාස්ථිතිය සවිගැන්වීම වැනි තාක්ෂණික ආධාර සහ සංවර්ධන සහනාධාර සැපයීම ලෝක ආහාර වැඩසටහන වෙතින් සිදුකෙරෙයි. [5] මෙම කාර්යාංශය, සෘජු මුදල් ආධාර සහ වෛද්‍යමය සැපයුම් සඳහා ප්‍රධානතම ප්‍රතිපාදකයෙක් වන අතරම මානවවාදී සේවකයන් සඳහා ගමන් පහසුකම්ද සපයය.[6][7] ගැටුම් පවතින කලාප සඳහා ආහාර සහනාධාර සැපයීම, යුද්ධ සහ ගැටුම් තුල කුසගින්න ආයුධයක් ලෙසින් භාවිතා කිරීම වැලැක්වීම යන දේ වෙනුවෙන් පරිශ්‍රමයක් දැරීම වෙනුවෙන්, ලෝක ආහාර වැඩසටහන වෙත 2020 වසර සඳහා නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි. [8] සටහන්ආශ්රිත
|
Portal di Ensiklopedia Dunia