ලතින් සභාව
ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කතෝලික සභා වෙති. ජනවන්දනාමය පිළිවෙත (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, දේවධර්මය, ධර්ම නීතිය සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් රෝමයේ රාජගුරුප්‍රසාදින්වහන්සේ (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති. මේවා අතුරින් ලතින් සභාව විශාලතම වන අතර, අනෙක් සියල්ල එක් කලද එයට වඩා සාමාජිකත්වය අතරින් ඉහළ අගයයක් දරයි. එය පැනනැගුනේ බටහිර යුරෝපයෙහි සහ උතුරු අප්‍රිකාවෙහි වන අතර, වරක් රෝමානු අධිරාජ්‍යයෙහි ග්‍රහණයට නතු වී තිබුණු මෙම ප්‍රදේශය පුරා, ලතින් භාෂාව මැනවින් තේරුම් ගත හැකිව හා කතා කල හැකිව තිබුණි. එය සමහරවිට බටහිර සභාව ලෙසින් හැඳින්වෙයි. ගණනින් 23 ක්වූ, අනෙකුත් සියළු සුයි ඉයුරිස් විශේෂිත සභාවන්, ඈත පෙරදිග ජනිතවූ අතර, එබැවින් සාමුහික වශයෙන් නැගෙනහිර කතෝලික සභා ලෙසින් හැඳින්වෙයි. ජනගහන සංක්‍රමණයන් නිසා, මෙම සුයි ඉයුරිස් විශේෂිත සභාවන් සියල්ලෙහි සාමාජිකයන්, ඒවායේ සම්භවය සිදුවූ ප්‍රදේශවලට තවදුරටත් සීමාවී නොසිටින අතර ලොව පුරා දැකිය හැකිය. ආශ්‍රිත ලිපි
සටහන්මූලාශ්ර
භාහිර සබැඳි
|
Portal di Ensiklopedia Dunia