මොනාකෝ
මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වනුයේ ප්‍රින්සිපැලිටි ඔෆ් මොනාකෝ යන්නය. (Principality of Monaco) මධ්‍යධරණී මුහුදේ උතුරු මැදට වන්නට නිරිත දිග යුරෝපයේ පිහිටි කුඩා ස්වෛරී රාජ්‍යයකි. මොනාකො තුන් පැත්තකින්ම වටවී ඇත්තේ එහි අසල්වැසි රටවන ප්රංශයෙනි. රට මැද සිට ඉතාලියට ඇති දුර කි.මි. 16 (සැතපුම් 9.9) කි. එහි භූමි ප්‍රමාණය වර්ග කි.මී. 2.02 km2 (0.78 sq mi)වේ. ජනගහනය 36,371 කි. මෙය ලෝකයේ දෙවනුවට කුඩාම රට වන අතර ලෝකයේ ජන ඝනත්වය අධිකම රට ද වෙයි. මොනාකෝ යනු රටේ නම, මෙන්ම (එහි තිබෙන එකම නගරය වන) අගනුවරෙහි නමද වන්නේ ය. එය බදුවලින් තොර වූ කෙම්බිමක් ලෙස ප්රකටය. ජනගහනයෙන් බහුතරයක් එනම් 84% ක් පමණ ධනවත් විදේශිකයෝ වෙති. බොහෝ විට මෙම රට හඳුන්වනු ලබන්නේ යුරෝපයේ "ලාස් වේගාස්" යනුවෙනි. මොනාකෝහි පාලනය ව්‍යවස්ථානුරූප රාජාණ්ඩු ක්රමයකි. පාලනය කරනුයේ කුමාරයෙකු විසිනි. දැනට රාජ්‍ය නායකයා වනුයේ II වැනි ඇල්බට් කුමාරයයා. 1297 සිට ග්‍රිමාල්ඩ් රාජවංශිකයින් විසින්( House of qrimaldi) මෙම රාජ්‍ය පාලනය කරන ලදී. වර්ෂ 1861 දී අත්සන් කරන ලද ප්‍රංශ - මොනාකො ගිවිසුම මඟින් මෙම රාජ්‍යයෙහි ස්වෛරීභාවය නිල වශයෙන් පිළිගනු ලැබිණි. මොනාකෝ නිදහස් රාජ්‍යයක් වන නමුදු එහි ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ප්‍රංශයටය. මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia