මහජන අර්ථසිද්ධි නඩුකරසාමාන්යයෙන් පුද්ගලයකු විසින් අධිකරණමය ක්‍රියාවලියක් සදහා යොමුවනුයේ තමාට සිදුවූ යම් අසාධාරණයක් හෝ අයුක්තියක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටය. නොඑසේ නම් තමන් මුහුණපාන නීතිමය ගැටලුවක් නිරාකරණය කරගැනීමටය. එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී කෙරෙනුයේ තමාගේ යහපත වෙනුවෙන් නඩු පැවරීමක් නොව සමාජයේ පොදුමහත් ජනතාවගේම යහපත උදෙසා යම් පුද්ගලයකු හෝ ආයතනයක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීමය. මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි ඉතිහාසයමහජන අර්ථසිද්ධි නඩුකර පිළිබද සිද්ධාන්තය මුල්වරට එළිදැක්වුනේ 1960 දශකයේ මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේදීය. ඉන් පසු එම සංකල්පය 1970 දශකයේදී එංගලන්තයට හා ඉන්දියාවටද සංක්‍රමණය විය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අපගේ අසල්වැසි ඉන්දියාව " මහජන අර්ථසිද්ධි නඩුකර " යන විෂයෙහි වර්ධනය සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටුකොට ඇති බවය. හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ ක්‍රිෂ්ණ අයියර් විනිසුරුතුමා සහ පී.එන්.භගවතී අගවිනිසුරුතුමන් විසින් මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි අන්තර්ජාතිකව වැදගත් වන නඩු තීන්දු රාශියක්ම ප්‍රකාශයට පත්කොට ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණයන්ද මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි ඉන්දීය නීති පද්ධතිය තුළ ඇතිවූ වර්ධනයන් සැලකිල්ලට ගෙන අප නීති පද්ධතියෙහි නිම් වලලු පුළුල් කොට ඇත. මේ නිසා මහජන අර්ථසිද්ධි නඩුකර යන්න පාර්ලිමේන්තු පනතක් මගින් පනවන ලද නීතියක් නොව අධිකරණමය ක්‍රියාදාමය තුළ වර්ධනය වූ ප්‍රවනතාවයක් ලෙස හැදින්විය හැකිය. මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැක්කේ කාටද?නෛතික ස්ථතිය හෙවත් Locus Standi යන නෛතික සංකල්පය අනුව යම් පුද්ගලයකු නඩුවක් පැවරිය හැක්කේ පුද්ගලිකවම තමා සම්බන්ධයෙනි. උදාහරණයක් ලෙස මූලික අයිතිවාසිකම් කඩවූ පුද්ගලයාට හෝ ඔහුගේ නීතිඥයාට පමණි. එම පුද්ගලයා සම්බන්ධකර නොගෙන ඔහුගේ ඥාතීන්ට හෝ ඔහු වෙනුවෙන් වෙනත් සංවිධානයකට මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනුකළ නොහැක. එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී පුද්ගලයකුට හෝ සංවිධානයකට තමන් ඍජුවම සම්බන්ධ නොවන කාරණයක් සම්බන්ධයෙන් වුවද නඩු පැවරීමට හැකියාවක් ඇත. කෙටියෙන් පවසතොත් පොදු මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා අව්‍යාජව සැලකිලිමත්වන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට මහජන අර්ථසිද්ධි නඩුකරයක් ගොනුකළ හැක.
විවිධ රටවල නඩු මහජන අර්ථසිද්ධි නඩුකර01. Mc Mehtha vs Union of India (Tanerries Case) 02. Mc Mehtha vs Union of India (Sriram Gasleak case) 03. Juan Anthonia Oposa vs Fulgensio Factoran 04. Smithcline Beecham vs State Phamaceutical co-operation 05. Bulankulama v Ministry of Industrial Development (884/99) - Sri Lanka ආශ්‍රිත ලිපි |
Portal di Ensiklopedia Dunia