බෙල්ජියමඛණ්ඩාංක: 50°50′N 4°00′E / 50.833°N 4.000°E
tiny globe
බෙල්ජියම එසේත් නැත්නම් බෙල්ජියම් රාජ්‍යය, යුරෝපයේ ඊසාන වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. යුරෝපානු හවුලෙහි සමාරම්භකයෙක් වන අතර එහි මූලස්ථානය හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන (NATO ද ඇතුළත්ව) එහි පිහිටා ඇත. එය වර්ග කි.මී.30,528 (11,787 වර්ග සැතැප්ම)විශාලත්වයෙන් යුත් අතර ජනගහනය මිලියන 10.7කි. ජර්මානු හා ලතින් යුරෝප සංස්කෘතීන්ගෙන් යුත් ජනයා මෙහි වෙසේ. බෙල්ජියම වාග් විද්‍යා කණ්ඩායම් දෙකක ප්‍රධාන ස්ථානයයි. ෆලෙමිෂ් හා ප්‍රංශ භාෂාව කථා කරන පුද්ගලයන් වන වලුන්ස් සහ ජර්මන් කථාකරන කුඩා කණ්ඩායමක් වේ. බෙල්ජියමේ විශාලතම ප්‍රදේශය වන්නේ ඕලන්ද කථාකරන ජනයා වෙසෙන ප්‍රදේශ වන උතුරු ෆැලැන්ඩර්ස් හා ප්‍රංශ කථාකරන ජනයා වෙසෙන දකුණු ප්‍රාදේශිකයයි. බ්‍රසල්ස්හි ප්‍රධාන පළාත නිල වශයෙන් ද්වී භාෂා කථා කරන ජනයා වෙසෙන ප්‍රදේශයක් වන අතර, ප්‍රංශ කථාකරන එන්ත්ලේවි ෆ්ලෙමිෂ් ප්‍රාදේශිකයද එහි වෙයි. නැගෙනහිර බොලෝනියාව තුළ ජර්මානු කථාකරන කුඩා ජන කොටසක් ජීවත් වෙයි. බෙල්ජියානු භාෂා ශාස්ත්‍ර විවිධත්වය එහි දේශපාලන හා සංස්කෘතිමය අර්බුදවලදීත් දේශපාලන ඉතිහාසයෙහි හා සංකීර්ණ ආණ්ඩුක්‍රමය තුළත් විදහා දැක්වෙයි. ආශ්රිතමූලාශ්ර
|
Portal di Ensiklopedia Dunia