බුදුරුවගල![]() බුදුරුවගල යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පිහිටි ඓතිහාසික පුදබිමක් වේ. ගල් පර්වතයෙන් මදක් ඉස්මතු වන සේ නෙලා තිබෙන මෙම මූර්ති ක්‍රි. ව. 7-9 ශතවර්ෂයන්ට අයත් මහායානික මූර්ති ලෙස පිළිගැනේ. මෙහි ප්‍රධාන බුදුරුව උසින් අඩි 51ක් පමණ වන අතර ඒ දෙපස ප්‍රථිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රථිමාවේ දකුණු පසින් අවලෝකිතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට ගෙන තාරා දේවියගේ සහ සුධන පෝසතුන්ගේ ප්‍රථිමා වේ. එසේම වම් පසින් මෛත්‍රී බෝසත් රුවක් සහ දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවක්ද, හදුනාගැනීමට අපහසු වෙනත් රුවක්ද වේ. මීට අමතරව බුදුරුවගල සංඝාරාමයට අයත් ගොඩනැගිලි හා නටඹුන් රැසක් හාත්පස භූමියේ විසිර පවතියි. ප්‍රථිමා සමූහයබුද්ධ ප්රථිමාවබුදුරුවගල පිහිටි ප්‍රථිමා සංකීර්ණයෙහි මධ්‍යගතව පිහිටි ප්‍රථිමාව වේ. උසින් මීටර 15ක් පමණ වන මෙම හිටි බුද්ධ ප්‍රථිමාව සමභංග ඉරියව්වෙන් යුක්ත වේ. අර්ධ උන්නතට පිහිටි ගලෙහි ඉස්මතු කොට ඇති ප්‍රථිමාව බදාමයෙන් පූර්ණ කොට රතු, කහ, සුදු හා දුඹුරු වැනි වර්ණයන්ගෙන් හැඩ කොට තිබූ බවට සාධක දැකගත හැකිවේ. තාරා ප්රථිමාවබුද්ධ ප්‍රථිමාවට දකුණු පසින් පිහිටා තිබේ. ත්‍රිභංග හිටි ඉරියව්වෙන් නිර්මිත මෙහි දකුණු අත ඉහලට ඔසවා ගෙන සිටින අතර කටක හස්ත මුද්‍රාව දක්වයි. වම් අත පහලට හෙලා පුන් කළසක් දරා සිටියි. අවලෝකිතේෂ්වර ප්රථිමාවතාරා ප්‍රථිමාවට දකුණු පසින් පිහිටි මෙම උඩුකය නිරුවත් ප්‍රථිමාව මහභංග ඉරියව්වෙන් නිර්මිත වේ. යටිකය දෝතියකින් සරසා ඇත. සිරසෙහි වූ ජටා මකුටයෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදුරුවක් දැකගත හැකිවේ. සුධන කුමාර ප්රථිමාවඅවලෝකිතේෂ්වර ප්‍රථිමාවට දකුණු පසින් පිහිටා තිබේ. ප්‍රථිමාව උසින් මීටර 6ක් පමණ වේ. වම් අතින් යම්කිසි මුද්‍රාවක් පෙන්නුම් කරයි. හඳුනා නොගත් දේව ප්රථිමාවබුද්ධ ප්‍රථිමාවට වම් පසින් පිහිටි ප්‍රථිමාව හඳුනා නොගත් දේව ප්‍රථිමාවක් සේ සැළකේ. සමභංග හිටි ඉරියව්වෙන් නිර්මිතය. දෑත් ඉහලට යොමුව පවතින අතර උඩුකය නග්න වේ. දකුණ කණෙහි මකර කුණ්ඩලාභරණයක් දැකගත හැකිය. මෛත්‍රී බෝසත් ප්රථිමාවහඳුනා නොගත් දේව ප්‍රථිමාවට වම් පසින් පිහිටි මෙම ප්‍රථිමාව උසින් මීටර 7.5ක් පමණ වේ. වජ්‍රපානී ප්රථිමාවමෛත්රී බෝසත් ප්‍රථිමාවටව වම් පසින් පිහිටා තිබේ. සමභංග හිටි ඉරියව්වෙන් යුක්ත වේ. වැව් පාමුල නටඹුන් සංකීර්ණයබුදුරුවගල මාර්ගයේ කිලෝ මීටර 2ක් පමණ දුරින් මාර්ගයේ දකුණු පස මෙම නටඹුන් පිහිටා තිබේ. වැව් බැම්මේ සිට මීටර 125ක් පමණ නැගෙනහිර දෙසින් වූ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක මෙම නටඹුන් විසිර පවතියි. ස්තූප ගොඩැල්ලවිෂ්කම්භය මීටර 30ක් හා උස මීටර 5ක් පමණ වූ නටඹුන් ස්තූප ගොඩනැගිල්ලක් වේ. 2007 වර්ෂයේදී සිදුකල කැණීම් මගින් වර්ථමානය වන විට සංරක්ෂණය කොට තිබේ. සීමා පවුරස්තූප ගොඩනැගිල්ලේ සිට මීටර 38ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබේ. මේවාද බලන්නමූලාශ්ර
|
Portal di Ensiklopedia Dunia