ලෝකයේ පුදුම හත ලෙස හදුන්වනු ලබන් නේ මිනිසා විසින් ගොඩනගනු ලැබු අමරණීය ස්මාරත හතකින් සමන්විත ලෑයිස්තුවකි. එය හදුනාගැනීමට පදනම වී ඇත්තේ පුරාතන දේශගවේශකයන් අතර භාවිතා වූ උපදේශන පොත් කිහිපයකි. එහි අන්තර්ගතව ඇත්තේ මධයධරණී මුහුදු පෙදෙස අවට ස්ථාන කිහිපයක් පමණි. පසුකාලීන ලැයිස්තුවල මධයතන යුගයේ මෙන්ම පසුකාලීන ස්ථානද අන්තර්ගතව ඇත.
පුරාතන ලෝකයේ පුදුම හත![]() පුදුම හතහෙරඩෝටස් යන ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් යන ශිෂයත්වලාභියා විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත.
මම මාගේ දෑස් අශ්ව කරත්ත සඳහා මාර්ගයක් වන බැබිලෝනියාවේ විශාල තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් ප්රතිමාව වෙතද එල්ÁĐĉලෙන උයන් වෙතද රෝඩ්ස් හි කොලෝසස් ප්රතිමාව‚උස් පිරමිඩ සහ මොසලෝනස් ගේ අති දැවැන්ත සොහොන් කොත වෙතද යොමු කළමි.නමුත් මම අහස උසට දිවෙන ආටිමීස් දේවාලය දුටුවිට අනෙක් පුදුමයන්ගේ දීප්තිය නැතිවිය. :-ඇන්ටිපේටර්, Greek Anthology IX.58
පසුකාලීනව විවිධ මාතෘකා යටතේ එකිනෙකට වෙනස් ලැයිස්තු පිළියෙලවී ඇත. උදාහරණයක් ලෙස බයිසැන්තියමේ ෆීලෝ නැමැත්තා පිලියෙල කල "De septem orbis spactaculis" දැක්විය හැක. එම ලැයිස්තු පිළියෙලකර ඇත්තේ ක්රි. ව. 5 වන සියවසේදී පමණ වූවත් කතුවරයා කොලෝසස් ප්රතිමාව විස්තර කරනුයේ එවකටත් පවතින පරිද්දෙනි.
ඉහත නිර්මාණ ග්රීක වර්ගීකරණය අනුව හඳුන්වා ඇත්තේ පුදුමයන් ලෙස නොව "අනිවාර්යයෙන්ම නැරඹිය යුතු" ස්ථාන වශයෙනි. මෙම ලයිස්තුව පිළියෙල වී ඇත්තේ මධයකාලීන යුගයේ වන අතර එම කාලයේදී ඉහත ස්ථාන බොහොමයක් දක්නට නොලැබී ඇත. තවද එම ලෑයිස්තු බොහොමයක් සඳහා පදනම් වී ඇත්තේ ග්රීක ලේඛන බැවින් ඒවායේ අඩංගු වන්නේ ග්රීකයන් දැන සිටි සහ නරඹා තිබුණු ස්ථාන පිළිබඳ පමණි.
ඇන්ටිපේටර්ගේ මුල්ම ලැයිස්තුවේදී ඇලෙක්සැන්ඩ්රියාවේ ප්රදීපාගාරය වෙනුවට ඉෆ්තාර් ගේට්ටුව සටහන්ව ඇත.නමුත් ක්රි.ව.6 වන සියවස වන තෙක් ඉහත ලැයිස්තුව භාවිතාවී නොමැත. ඉහත ස්ථාන අතරින් වර්තමානයේ දක්නට ලැබෙන්නේ ගීසාහි මහා පිරමීඩය පමණි. එල්ලෙන උයනක් පැවති බව සනාථ කරන සාක්ෂි පවා තවම හමුවී නැත.අනෙකුත් ස්ථාන පැවති බවට ලේඛන සාක්ෂි දරයි. සීයුස් ප්රතිමාව හා ආටිමීස් දේවාලය ගින්නෙන් විනාශවී ඇත.කොලෝසස් ප්රතිමාව, ඇලෙක්සැන්ඩ්රියාහි ප්රදීපාගාරය හා මොසලෝනස් ගේ සොහොන් කොත භූමිකම්පාවකින් විනාශවී ඇත.
|
Portal di Ensiklopedia Dunia