ප්‍රජාපතී ගෝතමී
සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින කීපයකින් මව වූ මහාමායා දේවිය කලුරිය කල අතර ඉන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සුද්ධෝදන රජුතුමාගේ අග මෙහෙසිය බවට පත්විය. ඇයට නන්ද නම් පුතෙකු හා සුන්දරී නන්දා නම් දියණියක වූවාය.සිද්ධාර්ථ ,නන්ද ,සුන්දරී නන්දා ,රාහුල සහ යශෝධරා මේ සියලු දෙනාට මහ ප්‍රජාපතී ගෝතමීය එකසේ ආදර සැලකිලි දැක්විය. බුදුන් වහන්සේ බුදුවී පළමු වරට කිඹුල්වත් පුරයට පැමිණ සුද්ධෝදන රජුට කල දේශනා අසා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් වූවාය. බුදු සසුනේ මෙහෙණි සසුන ආරම්භ කිරිම සඳහා ඇය මූලික වී ක්‍රියා කල අතර පසුව ආනන්ද හිමියන්ගේ සහයෙන් භික්ෂුණි සාසනය ආරම්භ කරන ලදී. ඒ සමඟම ඇයද පැවිදි වී රහත් බව ලැබුවාය. බුදුන් වහන්සේ පසුව මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ හට අත්දැකීම් බහුල භික්ෂුණියන් අතර අග්‍රස්ථානය පිරිනමන ලදී. බුදු හිමියන්ට ප්‍රථම මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑ අතර බුදු හිමියන් තම සුලුමව දක්වන්නා වූ ගෞරවයක් ලෙස එතුමියගේ අවමංගල්‍ය පෙරහැරේ පිටු පසින් ගමන් ගත්හ. |
Portal di Ensiklopedia Dunia