ඛාන් ඔරලෝසු කණුව
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ ඉදිකොට තිබෙන ඛාන් ඔරලෝසු කණුව, ඉන්දියාවේ බොම්බෙයි (Bombay) හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි. ඉතිහාසයඛාන් ඔරලෝසු කණුව 20 වන සියවසේ මුල් සමයේදී, ෆ්‍රම්ජී භිඛාජි ඛාන් (Framjee Bhikhajee Khan) පවුල විසින් ඉදි කරනු ලැබුවකි. ඔරලෝසු කණුවෙහි දක්වා තිබෙන සටහනකින් ඒ බැව් තහවුරු කරයි.
ඔරලෝසු කණුව සමග සක්‍රීය ජල මලක්ද ඉදිකෙරුණත්, එය තව දුරටත් ක්‍රියාත්මකව නොමැති බව සඳහන් වෙයි. ඔරලෝසු කණුවෙහි ආකෘතියදල වශයෙන් සිව් මහල් ගොඩනැගිල්ලක උසකින් යුත් මෙම ඔරලෝසු කණුව, පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්න වටරවුමෙහි ඉදිකොට ඇත. ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia