ඉසිපතන විදුහල6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E
ඉසිපතන විදුහල ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරයේ (කොළඹ ) පිහිටි ජනප්‍රිය පාසල් අතරින් එකකි. ඉසිපතන විදුහල හා එහි ඇරඹුම - ඉතිහාසයවර්ෂ 1952 දී (Greenlands) (ග්‍රීන්ලන්ඩ්ස්) යන නාමයෙන් ඇරඹි ඉසිපතන විදුහල පසුව "ඉසිපතන විදුහල" ලෙසට වෙනස් කෙරිණ. එමෙන්ම අද වනවිට එය සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබාදෙන අතළොස්සක් වූ පාසල් අතර කේන්ද්‍රස්තානයකි. බී.ඒ.කුරුප්පු මහතා එහි ආරම්භක විදුහල්පතිවරයා වූ අතර පාසල් ලාංඡනය හ නිවාස ඇති කිරීමද ඔහු අතින් සිදුවිය. හාරදහසකට අධික සිසු කැලකට සිප් සතර ලබදෙන 200 කට ආසන්න ආචර්ය්‍ය මඩුල්ලකින් යුත් පාසලෙහි අධ්‍යපන පසුබිම, ලාංකීය පාසල් අධ්‍යපනයෙහි ඉසිපතන ලකුණ නිරතුරු ඔපවත් කර ඇත. වර්තමානයඉසිපතන යන්න බෞද්ධාගමික පසුබිමකින් බිඳී ආ නාමයකි. "සෘෂි වරුන්ගෙන් ගහණ වූ භූමිය" යන්න එහි අරුතයි. පෙරදවස එය බරණැස් පුර පිහිටි අහිංසක මුව පොව්වන්ගෙන් ගැවසීගත් බිමකි. ශාන්ත පරිසරයකින් හෙබි උයනකි. බුදු රදුන් වැඩ හුන් පුණ්‍ය භූමියකි. මුලින් සඳහන් කළ පරිදි ඉසිපතනය අද වනවිට දහස් සංඛ්‍යත සිසු දරු කැලකට අධ්‍යපනය ලබදෙන තෝතැන්නකි. අසමසම තක්සලාවකි. පාසල තුල ඔවුහු මුව පැටවුන් සේ ලෝකය පිලිබඳ උගනිති. සිප් සතර හදාරති. පාසලින් පිටස්තර ලෝකයට බිහිකරනුයේ ගුණ-නැණ පිරි මිනිසත්කමින් සපිරි මිනිස් පරපුරකි. ඔවුහු ලෝකයට සැබෑ සෘෂිවරු වෙත්. නිවාසකුරුප්පු විදුහල්පතිතුමන්ගේ අදහසක් මත ආරම්භයේ පටන්ම පාසල තුල ක්‍රීඩා නිවාස හතරක් ක්‍රියාත්මක වේ. ලෝ ප්‍රකට කවීන් සතර දෙනෙකුගේ නම් ඒ සඳහා භාවිතා කර ඇත. සියලු ජාතීන් කෙරේ පාසල දක්වන සමානාත්මතාවද ඉන් අදහස් කෙරේ. රාහුල කහ ගෞරව සම්මාන=== ශිෂ්‍යත්ව සහ ත්‍යාග =ඉසිපතන විදුහලෙ ශිශෙත්වය දෙස බ පාසල් ගීතයසැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා... බරණැස ඉසිපතනේ මිගදා සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා... //
විදු පහනින් මොහඳුර දුරලා සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා... // සැරදේ.! සැරදේ..!! සැරදේ...!!! ඉසිපතනය සැරදේ.! ක්‍රීඩා ඉසව්ඉසිපතන අහිමානය - රගර් Kings Of Rugbyඉසිපතන කී පමණින් රගර් - රගර් කී පමණින් ඉසිපතනය...... එපමණටම ඉසිපතනය හා රගර් යනු එකට බැඳී පවතින්නක්. [1]රගර් තරම් ඉසිපතන සිසුන්ගේ රුධිරය දක්වා කිඳා බැස අති ක්‍රීඩාවක් ඔවුනට නැති තරම්ය . ඉඳහිටක නොවන්නට දශක ගණනාවක පටන් ඔවුහු පාසල් රගර් කිරුළ සියතින් ගිලිහී යන්නට නොදෙති. ඉසිපතනුවන්ගේ අභිමානය එයයි. තර්ස්ටන් - ඉසිපතන මහා ක්‍රිකට් තරගයබොහෝ ජනප්‍රිය පාසල් වල මෙන්ම ඉසිපතන සිසුන්ගේද ප්‍රීතිමත්ම සමය "තර්ස්ටන්-ඉසිපතන" ක්‍රිකට් ගැටුම පවතින සමයයි. තර්ස්ටන් විදුහල සමඟ දෙදින ටෙස්ට් ක්‍රිකට් තරඟයක් එක් දින ඕවර 50 තරඟයක් හා පන්දු වාර 20 20 තරඟයක් මීට අතුලත් වේ. ඉසිපතන මෑණියන් ශ්‍රි ලංකා ජාතික කන්ඩායමට බිහිකළ ක්‍රීඩකයන් ගනනද සුළු පටු නොවේ. (මතකයේ රැඳි සිසුන් කොටස බලන්න.) සමිති, සංගම් සහ ඒකකපාසල් සඟරාශිෂ්ය භට කණ්ඩයශිෂ්ය භට තූර්ය වාදක කණ්ඩයවිදුහල්පතිවරු සහ ප්රධානාචාර්යවරුප්රධානාචාර්යවරුශිෂ්ය නායක ක්‍රියකාරීත්වය"ශිෂ්‍ය නායක සංසදය" යනු ඉසිපතනය තුල තවත් එක් වඩාත් ක්‍රියාකාරී ඒකකයකි. 1. ප්‍රධාන ලෙසම ශිෂ්‍ය විනය සීමා ආරක්ෂා කිරීම. මේ හැරුණු කොට ශිෂ්‍ය නායකයකු පිරිසිදු ඇඳුම් (සුදු කලිසම හා පාසල් ලාංජනය මසා ඇති සුදු කමිසය ) හැඳ දිස්නයෙන් යුත් පිරිසිදු සපත්තු (කලු වර්ණ ) පැළඳ සෑම විටම ප්‍රසන්න ලෙස තමුනට අදාළ ඕනෑම කටයුත්තකට සූදානමින් සිටිය යුතුය. ශිෂ්‍ය නායකයා සෑම විටම ආදර්ශමත් විය යුතුය. වටපිටාවගැලරියසාහිත්යය තුළ ඉසිපතන විද්යාලයතොරතුරුසබැඳි ලිපිපොත්පත්ආශ්රිතබාහිර ආශ්‍රිත වෙබ් අඩවි
වෙනත් යොමු සහ මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia