ජේ. කේ. රෝලිං
ජොඈන් රොව්ලින්ග් නොහොත් ජේ. කේ.රොව්ලින්ග් යනු "හැරි පොටර්" කතාන්දර පොත් පෙළෙහි කතෘවරියයි. ඇය උපතින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය. ඇයගේ ලෝකප්‍රකට පොටර් කතා පෙළ පිටපත් මිලියන 400 ඉක්මවා අළෙවි වාර්ථා තැබීමට සමත් වූ අතර අතිසාර්ථක චිත්‍රපට ගනනාවකටම පාදක කර ගත්තකි. මෙම චිත්‍රපට සදහා රෝව්ලින්ග් තම අනුමැතිය ලබා දීමෙන් පමණක් නොව තමාගේ නිර්මණාත්මක නිෂ්පාදන සහායකත්වයෙන්ද දායක වී ඇත. රෝව්ලින්ග් පවසන පරිදි ඇයට මෙම කතාපෙළෙහි මූලික බීජය 1990 දී මැන්චෙස්ටර් නගරයේ සිට ලන්ඩන් දක්වා වූ දුම්රිය ගමනකදී එළැඹියකි. නාමයඇය ජේ. කේ. රෝව්ලින්ග් නමින් ප්‍රේක්ශකයන් අතර ප්‍රකට වුවද තම ප්‍රථම හැරී පෝටර් කෘතිය පළ වන විට ඇය ජොඈන් රෝව්ලින්ග් වූවාය. තම ප්‍රේක්ශක තරුණ පරපුරට වඩාත් හොදින් සමීප වීම සඳහා තම සංස්කාරකයන්ගේ මගපෙන්වීම මත ඇය ජේ. කේ. රෝව්ලින්ග් ලෙසින් තම නාමය වෙනස් කර ගත්තාය. ඇය ජෝ ලෙසින් තමන්ව හදුනා ගන්නා අතර තමාගේ කුඩා කළ මිතුරන් තමා සමග අමනාප වූ විට ජොඈන් ලෙසින් තමාඅව අමතන බව විටෙක පවසා ඇත. තම විවාහයෙන් පසු යම් අවස්ථා වල ඇය ජොඈන් මුරේයි ලෙස ද තම නාමය භවිතා කර ඇත. පසුබිමපීටර් ජේම්ස් රෝව්ලින්ග් සහ ඈන් රෝව්ලින්ග් යුවලට දාව 1965 ජුලි 31 වන දා එන්ගලන්තයේ උතුරු බ්‍රිස්ටල් හි යේට් ග්‍රාමයේ රෝව්ලින්ග් උපත ලැබීය. ඇයගේ මව ස්කොට්ලන්ත සහ ප්‍රන්ශ මිශ්‍ර සම්භවයක් ඇත්තියක් වන අතර ඇය ගේ මාතෲ පාර්ශවීය සීයා, ඩගල්ඩ් කෑම්ප්බෙල් ලම්ලාශ් හි උපත ලබූවකු වන අතර පීතෲ පාර්ශවයේ සීයා ලුයිස් වොලන්ට් ප්‍රතම ලෝක යුද සමයේ කෝසෙලස්-ලේ-කොම්ට් ග්‍රාමය බේරා ගැනීම වෙනුවෙන් සම්මන ලැබූවෙකි. රෝලින්ග් ගේ සොයුරිය උපත ලබන විට ඇයට මාස 23 කි. ඉන්පසු රෝලින්ග්ට වයස අවු. 4ක් පමණ වන විට ඔවුහූ වින්ටර්බෝර්න් ගම්මානයට පදින්චියට ගියහ.ඇය තම ප්‍රාතමික අධ්‍යාපනය ලැබූවේ සා. මිචෙල් ප්‍රාථමික පාසලෙනි. ඇයගේ කෘතියෙහි එන ඇල්බස් ඩම්බල්ඩෝර් චරිතය එහිදී තම ප්රධානාචාර්යවරයා වූ ඇල්ෆ්‍රඩ් ඩන් ගෙන් හඩගැන්වුනු බව රෝලින්ග් පවසයි. ර්රෝව්ලින්ග් මේ ලගට පෘථුගාලයේ පෝර්ටොර් නුවරට ඉන්ග්‍රීසි භාශා ගුරුවරයෙක් ලෙස සේවයට පැමිනියාය. එහිදී 1992 ඔක්. 19 වන දින ඇය පෘථුගාල මඩ්යවේදියෙකු වූ ජෝර්ජ් ඇරන්ටස් සමග විවාහ දිවියට එලෙඹුණාය.ඔවුහූ තම ප්‍රථම දියනියට ජෙසිකා ඉසැබෙල් රෝව්ලින්ග් ඇරන්ටස් ලෙස නම් තැබූහ.කෙසේවෙතත් ඔවුහූ 1993 නොවැම්බෙර් මස වෙන් වූහ.1993 දෙසැම්බර් මස රෝව්ලින්ග් තම දියණිය සමග ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි තම සොහොයුරිය වෙත පැමිණියාය. මෙම අවදියේදී ඇය තදින් රෝගාතුර වූ අතර මෙම සමය තුලඩී ඇයට තම තුන්වන පොත තුල එන ආත්මීය සත්වයන් සහ ඩිමෙන්ටෝර් වරුන් ගැන ඇඩහස් පහල වී ඇත. තම උපාධියෙන් අවුරුදු 7 තුල ඇය තම ජීවිතයේ අදුරුම යුගය පසු කරමින් සිටියාය. ඇයගේ විවාහය දෙදරා ගොස් තිබූ අතර ඇය රැකියා විරහිත මවක් වූවාය.නමුත් ඇය මෙම අවධිය හදුන්වා දෙන්නේ තම නිදහසේ අවදිය ලෙසයි. පරාජයේ බිහිසුණුකම මා අභිමුවෙහි වූ කඩඉම් ජය ගන්නා ළෙස මා හට බළ කර සිටියා. ජීවිතය නැවත වරක් මාගෙන් අප්‍රතිහත කැපකිරීමක් ඉල්ලා සිටියා. මම මා සතු සියළුම ශක්තිය එක්තැන් කොට මා අභිමුවෙහි වූ එකම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් යෙදවූවා. ජීවිතය මා ඉතාමත් අසරණ බවට පත් කොට තිබුණු අතර මට කළහැකි වෙන කිසිවක්ම තිබුනේ නෑ. මා මේ වන විට වෙන කිසියම් හෝ සාර්ථකත්වයක් ලබා තිබුනේ නම් මට මා තුලින් මෙතරම් වූ චිත්ත ආවේගයක් ජනණය කරගත නොහැකිව තිබුනා.මම මාගේ ජීවිතයේ බිහිසුණුම ඇත්දැකීමට මුහුණ දී සිටියා. මෙම අත්දැකීම විසින් මා හට අසීමාන්තික නිදහසක් ආරෝපණය කර තිබුණා.මම මාගේ එකම බලාපොරොත්තුව වූ මාගේ ආදරණීය දියණිය වෙනුවෙන් ජීවිතය සමග සටන් වැදුනා. මාගේ පැරණි ටයිප් රයිටරය තුලින් මගේ සුවිසල් අදහස ක්‍රියාවට නැන්ග්වීමට පටන්ගත්තා. මෙම ශක්තිමත් පදනම මාගේ ජීවිතයේ නවමු ආරම්භයට මහත් පිටුවහලක් වුනා. - (ජේ. කේ. රෝව්ලින්ග් , හාර්වර්ඩ් සමාරම්භක කතාවේදී) ස්කොට්ලන්තයෙහි ඉගැන්වීම සදහා ඇයට පශ්චාත් උපාධියක් අවශ්‍ය වූ අතර මේ සදහා ඇයට 1995 සිට අවුරුද්දක් පමණ පූර්ණ කාලීන අධ්‍යයන කටයුතු වල නිරත වීමට සිදු වූවාය. මේ වන විට ඇය තම ප්‍රථම කෘතිය අවසන් කරමින් සිටියාය. ඇය බොහෝ වේලාවලදී කුඩා කඩ වලදී, හෝ තම දියනිය නිදිගන්වාගත හැකි ඔනෑම තැනකදී ඇය ලිවීමට පෙළඹුනාය. |
Portal di Ensiklopedia Dunia