HTML
HTML හෙවත් හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව (Hypertext Markup Language) යනු වෙබ් අඩවි සෑදීමට යොදා ගන්නා පිළිගත් මාකප් භාෂාව යි. එච්ටීඑම්එල් එලිමන්ට්ස් (elements) සියලු වෙබ් අඩවි වල ගොඩනැගුම් කොටස් (බිල්ඩිං බ්ලොක්ස්) මෙන් ක්‍රියා කරයි. වෙබ් බ්‍රව්සරයක කාර්යය වනුයේ එච්ටීඑම්එල් ලේඛන කියවා ඒවා ශ්‍රාව්‍ය ද්‍රෘශ්‍ය වෙබ් පිටු ලෙස සැකසීම ය. බ්‍රව්සරය එච්ටීඑම්එල් ටැග දර්ශනය නොකළ ද වෙබ් පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඒවා භාවිතා කරයි. එච්ටීඑම්එල් භාෂාව ක්‍රමලේඛ භාෂාවකට වඩා වැඩියෙන් මාකප් භාෂාවක් ලෙස ක්‍රියා කරන්නේ වෙබ් අඩවියක ආකෘතිය ඉදිරිපත් කිරීමට සලකුණු තාර්කික ව යොදා ගැනීම නිසාය. කේතඑච්ටීඑම්එල් ලියනු ලබන්නේ එච්ටීඑම්එල් එලෙමන්ට් නම් වූ හැඩයම් තුළ වන අතර මෙහි අඩංගු වන Angle brackets හෙවත් කෝණ වරහන් (උදාහරණ: ටිම් බර්නස් ලී විසින් 1989 ලොවට හදුන්වාදුන් විශ්ව විසිරි වියමන (WWW - World Wide Web) වර්තමානය වන විට බහුමාධ්‍ය තොරතුරු බෙදාහරින ජාලයක් බවට පත්වී ඇත. ටිම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසින් ස්වාධීනව පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව ඒවනවිට URL ක්‍රමය සහ HTTP ප්‍රොටෝකෝලය ද නිර්මාණය කර සිටි ටිම් බර්නර්ස් ලී විසින් HTML භාෂාව ද හඳුන්වාදුනේ ය. HTML කේත හෙවත් Tags නිර්මාණය කරනු ලබන්නේ ටිම් බර්නස් ලී ප්‍රධානත්වය දරන වර්ල්ඩ් වයිඩ් වෙබ් කොන්සෝටියම් (World wide web consortium) හෙවත් W3C ආයතනය විසිනි. HTML භාෂාවේ නවතම කේත සමූහය හෙවත් ප්‍රමිතය HTML 5.0 වේ. වෙබ් පිටු සකස්කිරීමේදී අන්තර්ජාලය තුල ලිපිගොණු සකස් කරන ආකාරය පිලිබඳ කලින් සකස් කරන ලද නීති මාලාවකට අනුව සකස්කර "Hyper Text Markup Language - HTML" මඟින් ඉදිරිපත් කර ඇත. WWW Server නමින් හඳුන්වන යන්ත්‍රයක් තුල වෙබ් අඩවි හා වෙබ් පිටු තැන්පත් කරන අතර, ප්‍රධාන වෙබ් පිටුවකින් හා ඒ හා සම්බ්න්ධ තවත් පිටු වලින් සමන්විත වේ. වෙබ් පිටු අතර සබදතා ඇතිකිරීමේදී එය කීප ආකාරයකට සිදුකරනු ලබයි,
වෙබ් බ්‍රව්‍රසරය මගින් මෙම උපදේශ කේත නිසි පරිදි ගලපා වෙබ් පිටුව පරිගණක තිරය මතට ලබා දෙයි. වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,
HTML උපකාරක යෙදුම් (Plug-in)HTML භාෂාව තුල දී එම භාෂාවේ සම්මත උපදේශ කේත වලට අමතරව විවිධ සමාගම් මගින් වැඩිදියුණු කරනලද වෙනත් උපකාරක යෙදුම්(Plug-in) ද ඇතුලත් කරයි. මේවා මගින් අන්තරජාලයේ තොරතුරු ලබාගැනීමට වැඩි වටිනාකමක් ලබා දෙයි. මෙම උපකාරක යෙදුම් භාවිතා කරන වෙබ් බ්‍රවුසර ප්‍රබලත්වයෙන් වැඩි ය. එම වෙබ් බ්‍රවුසරයන් මගින් ඒවාට ධාවනය කළ නොහැකි ගොනු ආදිය, එම හැකියා ඇති උපකාරක යෙදුම් භාවිතා කරමින් ධාවනය කරයි. මෙම උපකාරක යෙදුම් නොමිලේ ම ලබාගැනීමට ද හැකිය. වෙබ් බ්‍රවුසර (Web Browsers)අවම පහසුකම් වලින් යුතු වෙබ් බ්‍රවුසරයක වුව ද පහත පහසුකම් වලින් යුතු විය යුතුය.
මීට අමතරව සජීවීව රෑපවාහිනී නැරඹීම, සජීවී කතා කිරීම(Live Chat), අන්තර්ජාල දුරකථන(Internet Phone) ආදිය සදහා සහාය දැක්වීම ද වෙබ් බ්‍රවුසර මගින් සිදු කරයි. වර්තමානයේ භාවිතාවන ජනප්‍රිය වෙබ් බ්‍රවුසර ලෙස,
දැක්විය හැක. |
Portal di Ensiklopedia Dunia