හයිටියේ ලිංගික අපයෝජන අපවාදයහයිටියේ ලිංගික අපයෝජන අපවාදය 2007 වසරෙහිදී පැන නැගුනේ, ශ්‍රී ලාංකික සාම සාධක බලඇණිය විසින් හයිටියෙහිදී එක්සත් ජාතීන්ගේ ස්ථායිකරණ මෙහෙවරෙහි යෙදී සිටියදී සිදු කල වෙනත් ලිංගික අනාචාරයන්ට අමතරව, දුරාචාරාත්මක ලිංගික අපයෝජන සිදු කිරීම [1] සම්බන්ධයෙනි. පසුබිම2007 නොවැම්බරයෙහිදී, හයිටියේ ශ්‍රී ලාංකික යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුමෙහි සාමාජිකයන් 950 අතුරින් සාමාජිකයන් 114 දෙනෙකුට, ලිංගික අනාචාරයෙහි සහ අපයෝජනයෙහි යෙදුනු බවට චෝදනා එල්ල වුනි.[1] ප්‍රෝක්ත අනාචාරයන් සහ ලිංගික අපයෝජනයන්හී යෙදුනු බවට හසුකරගත්, 950-සාමාජිකයන්ගෙන්-සමන්විත ශ්‍රී ලංකා සාමසාධක බලඇණියෙහි නිලධාරින් තිදෙනෙක් ඇතුළු සාමාජිකයන් 108 දෙනෙකු යළි නිවෙස් බලා යැවිණි.[2] හයිටියේ නිලධාරින් ප්‍රකාශ කර තිබූයේ, 2007 දී ලිංගික අපරාධ සිදුකල බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකාවෙන් පැමිණ තිබූ එජා සාමසාධක සොල්දාදුවන් විසින්, වයස අවුරුදු 7 ක් තරම් ලාබාල දරුවන් පවා දූෂණය කර තිබූ බවයි.[3][4][5][6] ශ්‍රී ලාංකික බලඇණිය වෙත අපහාස එල්ල කරමින් වාර්තාවක් නිකුත් කල එජා සංවිධානය එය තුලින්, මාර්ටිසාං, පෝ-ඕ-ප්‍රංස් හී ගණිකා මඩමක් තැනීම සහ බාල වයස් කාරයන් ක්‍රමානුකූල ලෙස ලිංගික උපයෝජනය සහ ලිංගික අපයෝජනය කිරීම, ගණිකා වෘත්තිය වෙත යෙදවීම සහ දූෂණය කිරීම පිළිබඳ ඔවුනට චෝදනා එල්ල කලේය.[6] එජා සංවිධානයෙහි විමර්ශන අංශය වන OIOS විසින් වාර්තා කලේ, "ලිංගික ක්‍රියාවන්ට හුවමාරු ලෙසින්, දරුවන් විසින් මුදල් කුඩා ප්‍රමාණයන්, ආහාර සහ, සමහර විට ජංගම දුරකතන ලැබූහ” යන්නයි.[7] විමර්ශන සහ ප්රතිචාරසිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසුව, එජ අභ්‍යන්තර අධීක්ෂණ සේවා කාර්යාලය (OIOS) විසින් නිගමනය කෙරුණේ ‘ලිංගික උපයෝජන සහ අපයෝජන (දරුවන්ට එරෙහිව) ක්‍රියා නිරන්තරයෙන් හා සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේදී සිදුවී ඇති අතර, බලඇණි සේවීජනයා යෙදවුණු සෑම ස්ථානයකම පාහේ සිදුවී තිබුණි’ යනුවෙනි. ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරන ලද පොරොත්තු නඩු කටයුතු සඳහා OIOS විසින් සහාය වන අතර එය කියා තිබුණේ, චෝදනා වලට ව්‍යවස්ථික ස්ත්‍රී දූෂණය ඇතුළත් විය යුත්තේ "වයස අවුරුදු 18 ට අඩු දරුවන් පිළිබඳ එය අදාළ වන නිසා" බවයි.[7] හයිටියේ එක්සත් ජාතීන්ගේ ස්ථායිකරණ මෙහෙවරෙහි සාමසාධකයන් ලෙසින් සේවය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි සාමාජිකයන් 114 දෙනෙකුට විරුද්ධව ලිංගික උපයෝජන චෝදනා එල්ල විය. ඔවුහූ, දේශපාලන-කලබගෑනි මධ්‍යයෙහි වූ මෙම කැරිබියානු දේශයෙහි යොදවා සිටි වඩා විශාල 950-සාමාජික ශ්‍රී ලාංකික බලඇණියෙහි කොටසක් වූහ. 2007 නොවැම්බර් වන විට බලඇණියේ සියළුම සාමාජිකයන් 114 දෙනාම පාහේ ‘විනය පිළිබඳ හේතු’ මත පිටුවහල් කෙරිණි.
ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia