සෙංකඩගල පෙරහැර මංගල්‍යය
![]() ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ වාර්ෂිකව පවත්වන්නාවූ සම්ප්‍රදායික මහෝත්සවයකි, සෙංකඩගල පෙරහැර මංගල්‍යයය. මෙම මංගල්‍යයය ශ්‍රී දළදා මාළිගාව සහ හතර මහා දේවාල මගින් සංවිධානය කෙරේ. වැලිවිට සරණංකර හිමි විසින් සෙංකඩගල දේවාල පෙරහර සහ දළදා පෙරහැර එක්කර තනි පෙරහරක් සංවිධානය කිරීමෙන් මෙය ආරම්භවිය. ඇසළ පසළොස්වක පොහොය දිනයෙන් ඇරඹෙන ඇසල මංගල්‍යයේ වඩාත්ම ජනප්‍රිය අංගය නිකිණි මස පවත්වන්නාවූ පෙරහැර මංගල්‍යයයි. මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංඛේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස සැරසූ හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනි බෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ නිකිණි පසළොස්වක දිනයේ පවත්වන සම්ප්‍රදායික දිය කැපීමේ මංගල්‍යයයෙනි. ඉතිහාසය![]() ඇසළ යනු ඇසළ සහ දළදා පෙරහැර යන දෙකෙහි විලයනයක් යැයි විශ්වාස කෙරේ.[තහවුරු කර නොමැත] එය පැරණි ඉන්දියාවේ පැවැති ආෂාඪ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇති වූවක් සේ පිළිගැනේ.[තහවුරු කර නොමැත] ක්‍රි.පූ. 3 වන සියවස සිට පැවත එන ඇසළ පෙරහැර, වර්ෂාව සඳහා දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටීම සඳහා පැවැත්වෙන චාරිත්‍රයකි. ක්‍රි.ව. 4 වන සියවසේදී බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් වසර 800කට පසු බුදුන්ගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ දඹදිව සිට ශ්‍රී ලංකාවට වැඩමකරවන විට දළදා පෙරහැර ආරම්භ වූ බව විශ්වාස කෙරේ. සම්ප්‍රදායට අනුව, හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්න ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරවන ලදී. අංගදෙවියන් උදෙසා පැවැත්වු දේව පෙරහැරක් ලෙස පැවති සෙංකඩගල පෙරහැර මගල්‍යයට 18 වැනි සියවසේ සිංහලේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කරන ලදී. දළදා පෙරහැරප්රධාන ලිපිය: සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය
සෙංකඩගල පෙරහැර මංගල්‍යයයේ ප්‍රධානතම අංගය මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දළදා පෙරහැර අතරින් ප්‍රමුඛතම හා වැදගත්ම දළදා පෙරහැරවේ. හතර දේවාල පෙරහැර
නිල තලනැකත්රාළදළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් සිදු කෙරෙන්නේ මාළිඟාවේ නැකත් සෑදීම සදහා නියම කර ඇති නැකත්රාළ පිළියෙළ කර ඇති නැකත්වලට අනුවය. කාරිය කරවන කෝරාළඔහු පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දී කටයුතු සුදානමි කරයි.පෙරහැර සඳහා පළමුව සතර දේවාලයේ කප් සිටුවයි. දිය කපන දිනයේ උගුල්ලා ගඟට විසි කරන්නේ මෙම කපයි.පාන්දර හතරට පමණ කප් සිටුවන අතර අලුත් නුවර සිට කප ගෙන ඒමද සිරිතකි. කප් සිටවු පසු පුරා දින පහක් රාත්‍රි 7.00 පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් කරයි.' ' අයත්වන මංගල්‍යයන්
ඇතුලේ පෙරහැරදේවාල ඇතුලේ සිදු කරයි. කුඹල් පෙරහැරහය වන දවසේ ඇරඹෙන්නේ කුඹල් පෙරහැරයි. දින පහක් වීදි සංචාරය කෙරේ. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැරේ ලක්ෂණයයි. රන්දෝලි පෙරහැර![]() රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි. පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැදවා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ. මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි. පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.
![]() දවල් පෙරහැරරන්දෝලි පෙරහැර අවසන් වීමෙන් පසු දිය කැපීම (ඒ සඳහා ගැටඹේ තොටට යනු ලැබේ.) සිදුකරනු ලබයි. එය අවසන් කිරීමෙන් අනතුරුව දේවාල පෙරහැර එදින දහවල් පෙරහැරේ දී නැවත මාලිගාව වෙත ගමන් කරයි. පසුව මාලිගාව වටා තෙවරක් පැදකුණු කොට පෙරහැර අවසන් කරයි. මේවාද බලන්න
මූලාශ්‍ර
වැඩිදුර කියවීම්
|
Portal di Ensiklopedia Dunia