සුන්නි ඉස්ලාම්සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah (අරාබි: أهل السنة والجماعة), " මුහමද් තුමාගේ සම්ප්‍රදායය සහ උම්මා සම්මුතියට අදාළ ජනතාව " හෝ ahl as-sunnah (අරාබි: أهل السنة) ලෙසිනි. සිංහලයෙන් ඔවුන් කෙටියෙන් හැඳින්වෙන්නේ, සුන්නි මුස්ලිම්වරුන්, සුන්නිවරුන්, හෝ සුන්නින් ලෙසිනි. සුන්නි ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගමික සමූහනය වන අතර [1] ලෝකයේ සමස්ත ආගම් අතුරින් විශාලතම ආගමික නිකාය වෙයි. [2] ආගමෙහි, ඕර්තඩොක්ස් අනුවාදය ලෙසින්ද සුන්නි ඉස්ලාම් ආගම සමහරවිට සැලකෙයි. [3][4] හදීත් කෘතීන්හී සටහන්ව ඇති ඉස්ලාමීය අනාගතවක්තෘ මුහමද්තුමාගේ කියමන් සහ ක්‍රියා සඳහා භාවිතා වන සනාහ් (අරාබි: سنة) යන පදයෙන් "සුන්නි" යන පදය බිඳි ඇති බව සැලකෙයි .[5] සුන්නි ඉස්ලාම් ආගමෙහි සමස්ත නීති සංග්‍රහයෙහි පදනම් සකස්වන්නේ, සුන්නි ඕර්තඩොක්ස් දෘෂ්ටිය විසින් පිළිගන්නාවූ කුතූබ් අල්-සිත්තාහ් වෙතින් සමන්විත ප්‍රාථමික සමුච්චයන් හා සමග සංගමනයවූ කුරානය සහ බැඳුම් සම්මුති වෙතිනි. කීති ව්‍යුත්පන්න කරගන්නේ මෙම මූලික මූලාශ්‍රයන් වෙතිනි; මෙයට අමතරව, සුන්නි ඉස්ලාම් ආගමෙහි නෛතික ශාස්ත්‍රාල විසින් තීන්දු ව්‍යුත්පන්න කිරීම සඳහා, තුල්‍යරූප තර්කය, මහජන සුබසාධනයෙහි විචාරණය සහ නෛතික අභිමතිය වැනි විවිධ ක්‍රම පිළිගනිති. සටහන්
|
Portal di Ensiklopedia Dunia