සිකුරාදා![]() සිකුරාදා , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. ![]() සිකුරාදා යනු බ්‍රහස්පතින්දාට පසුව සහ සෙනසුරාදාට පෙර දිනය වෙයි. සාම්ප්‍රදායික "ඉරිදා-පළමුව" සම්මතය වරණිත රටවල, එය සතියෙහි හයවන දිනය වෙයි. අයිඑස්ඕ-අර්ථදැක්වුණු "සඳුදා-පළමුව" සම්මතය පිළිගන්නා රටවල, එය සතියෙහි පස්වන දිනය වෙයි. ![]() බොහෝ බටහිර රටවල, සිකුරාදා යනු වැඩකරන සතියෙහි පස්වන සහ අවසාන දිනය වෙයි. තවත් සමහරක් රටවල, සිකුරාදා යනු සතිඅන්තයෙහි පළමුවන දිනයවන අතර, සෙනසුරාදා යනු දෙවන දිනය වෙයි. ඉරානයෙහි, සිකුරාදා යනු සතිඅන්තයෙහි අවසාන දිනය වන අතර, වැඩකරන සතියෙහි පළමුවන දිනය සෙනසුරාදා වෙයි. බහ්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූඒඊ), සවුදි අරාබියාව සහ කුවේට් විසින් මෙම සම්ප්‍රදායය අනුගමනය කලද බහ්රේනය සහ යූඒඊ කුල 2006 සැප්තැම්බර් 1 දින සිට සිකුරාදා-සෙනසුරාදා සතිඅන්තය භාවිතයට පරිවර්තනය වූ අතර,[1] වසරකට පසුව කුවේටයද එය අනුගමනය කළේය. [2] 2022 ජනවාරි 1 දිනදී යූඒඊ විසින් එහි සති අන්තය සිකුරාදා–සෙනසුරාදා සිට සෙනසුරාදා–ඉරිදා දක්වා වෙනස් කළේය.[3] අමතර අවධානයටමූලාශ්ර
භාහිර සබැඳි |
Portal di Ensiklopedia Dunia