විටමින් E![]() විටමින් E වලින් ලැබෙන ප්‍රයෝජන මෙපමණක් යැයි කියා ගණන් කර පැවසීමට අපට නොහැකි ය. එලෙස විටමින් E අඩංගු ආහාර ලෙස අලිපේර, රටකජු, කොළ පැහැති එළවළු ආදිය සැලකිය හැකි ය. විටමින් E වලින් ලැබෙන ප්‍රයෝජන
විටමින් Eවල විශිෂ්ට රෝගනාශක ගුණයක් පවතී. එම නිසා ම කුඩා පිලිස්සුනු තුවාල සුව කිරීමට පුළුවන. පිලිස්සුනු විට ම විටමින් E අඩංගු තෙල් පිලිස්සු තුවාල අවට තැවරූ විට එය ඉක්මණින් සුව වේ.
විටමින් E සතුව පවතින ලප කැලැල් ඉක්මණින් සුව කිරීමේ හැකියාව පුදුම සහගත ය. සමේ රතු බිබිලි ඇති වීම නිසා හෝ පිලිස්සුනු නිසා ඇති වන කැලලිවලට උසස් ම ප්‍රතිකාරය ලෙස සලකනු ලබන්නේ ද විටමින් E සතු මේ ගුණය නිසාවෙනි. කැලල සිදු වූ කාලය සැලකිල්ලට නොගෙන විටමින් E අඩංගු තෙල් බිංදු කිහිපයක් එම කැලල මත තැවරූ විට සංසරණ පද්ධතියේ උදව්වෙන් පිලිස්සුනු පටකයේ ආරම්භක ස්ථානයට කාවදින අතර කැලලේ ප්‍රමාණය අඩු කිරීමට දායක වේ. දිනපතා භාවිතයෙන් හොද ප්‍රතිඵල ලබා ගත හැකි ය.
ඉතා උණුසුම් හිරු රැස් නිසා ඇති වන මෙම රෝගී තත්වයට පිලියමක් ලෙස භාවිතා කරන සන්ස්ක්‍රීන් වෙනුවට විටමින් E අඩංගු තෙල් බිංදු 4-5ක් හිරු එලියට නිරාවරණය වීමට පෙර ආලේප කළ හැකි ය.
බොහෝමයක් මේ ප්‍රශ්නයට මුහුණපාන්නේ ගර්භණීභාවයට පත් වූවාට පසුවය. විටමින් E අඩංගු ඖෂධ සෑම කැලැලකට ම ප්‍රතිකාරයකි. එමෙන් ම උපන් ලප ආදි කැලැල් ද සුව වේ.
දිනකට දෙවරක් විටමින් E අඩංගු ඖෂධ භාවිතයෙන් දද හා කුෂ්ට රෝග සුව කර ගත හැකි ය. මූලාශ්රඅන්තර්ජාලයේ Daily health tips ඇසුරෙනි. |
Portal di Ensiklopedia Dunia