ලසිත් මාලිංග
මුල්ම යුගයලසිත් මාලිංග රත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක හැදී වැඩිණ.නිතරම ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රිය කළේය. ක්‍රිකට් ක්‍රීඩාව ගැන එතරම් තැකීමක් නොතිබුණ තම ගම තුළ පාරවල්වල සහ පොල් වතුවල යහළුවන් සමඟ බොහෝ විට ඔහු සෙල්ලම් කරන ලදී. ඔහු ගාල්ලේ විද්‍යාලෝක සහ මහින්ද යන පාසල්වල ඉගනුම ලැබීය. මෙහිදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක විසින් ඔහුගේ දක්ෂතා හඳුනාගන්නා ලදී. මාලිංගගේ දක්ෂතාවයන් ගැන බොහෝ සතුටට පත් ඔහු මාලිංගට ආරාධනා කළේ ලංකා ක්‍රිකට් පදනමට සහභාගී වන ලෙසය. මාලිංගගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමට ඉතා ඉක්මණින් ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වුවද නැවත ඉක්මණින් ඔහුගේ ස්වභාවික දක්ෂතාවයන්ට පැමිණ ජයග්‍රහන අත්පත් කර ගත්තේ චම්පක රාමනායක විසින් ලබාදෙන ලද මහත් ධෛර්ය නිසාය.
පන්දු යැවීමේ විලාශය![]() ක්‍රිකට් පිළිබඳ අර්ථ දක්වන “විස්ඩන්”හි සටහන්ව ඇති පරිදි මාලිංග පන්දු පිරිනමන ආකාරය එල්ලා බෑමකට සමාන වන ආකාරයක් දක්වා ඇත. මාලිංග සඳහන් කරන පරිදි ඔහුගේ අසමසම ක්‍රියාකාරිත්වයට හේතුව වන්නේ විශේෂයෙන්ම ටෙනිස් බෝලයක් පමණක් උපයෝගී කරනෙගන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉගන ගැනීම බව පවසයි. ඔහුගේ සම්මතයට එකඟ නොවන ශිල්ප ක්‍රම සමහර අවස්ථාවලදී බොහෝ සෙයින් ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ් ෙතාම්සන්ට සම්බන්ධතාවයක් ඇතිබව පෙනීයයි. ජෙෆ් ෙතාම්සන් 1970 ගණන්වල සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් හැරෙන්නට සිටි වේගවත්ම සහ භයානක පන්දු යවන්නා ලෙස සැලකේ.සාමාන්‍යයෙන් තරුණ ක්‍රීඩකයන් හට පන්දු යැවීමට ධෛර්යමත් කරන්නේ පන්දුව සිරස් ලෙස බාහුවෙන් මුදාහැරීමටයි, එහිදී දිශානතිය අඩු කිරීමට හෝ ඉවත් කිරීම සිදු කළ හැක. මාලිංගගේ ක්‍රියාවන් බොහෝ ව්වේචනවලට පාත්‍ර වුවද වැදගත් දේ වන්නේ ඒවා කිසිදිනෙකවත් ප්‍රශ්න නොකිරීමයි එලෙසම ඔහු කෙදිනකවත් නීති විරෝධී ක්‍රියාවකට හෝ පන්දු විසිකිරීමේ චෝදනාවට ලක්ව නැත. ඔහුගේ කැරලි ගැසුණු වර්ණ ගැන්වූ හිසකෙස් කැරලි තීක්ෂණ ඇහිබැම පච්ච කෙටීම සහ අසාමාන්‍ය පන්දුව පිරිනැමීමේ විලාශය ද අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කැපී පෙනෙන තරඟ කරුවකු බවට පත්වී ඇත. 2007 ලෝක කුසලාන තරඟාවලිය2007 ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් අටේ තරගයෙන් (සුපර් එයිට්) දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජය ගැනීමට අවශ්‍යව තිබුණේ ලකුණු 210කි. ඒ වන විට තරගයේ ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 205කට කඩුළු 05ක් වශයෙනි. එනම්, දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය ජයග්‍රහණය උදෙසා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 05ක් පමණකි. එම ඉලක්කය කරා ළඟා වීමට ඔවුන්ට තවත් කඩුළු පහක් ඉතිරිව තිබිණි. දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග ජය තමන් සතු කර ගැනීමේ පරම අපේක්ෂාවෙන් ක්‍රීඩාවෙහි යෙදුණහ. එහෙත්, තරගයක අවසන් පන්දුව යවා අවසාන වන තුරු ජය පැරදුම තීරණය කළ නොහැකිය. මන්ද ක්‍රිකට් යනු එතරම්ම අවිනිශ්චිත ක්‍රීඩාවක් හෙයිනි. තරගයේ 45 වන පන්දු ඕවරය ක්‍රියාත්මක විය. පන්දු යවන්නා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගය. Lasith Malingaඑම ඕවරයේ පස්වන පන්දුවේදී පන්දුව කෙළින්ම කඩුල්ල වෙතම එල්ල කළ ඔහු ෂෝන් පොලොක් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඔහුගේ ඊළඟ පන්දුවට ඇන්ඩෘ හෝල් දැවී ගියේය. හෝල් එම පන්දුවට උපුල් තරංග අතට උඩ පන්දුවක් ලබා දුන්නේය. ඉන් අනතුරුව මාලිංගගේ ඊළඟ පන්දු ඕවරය ක්‍රියාත්මක විය. පිට පිටම කඩුළු ත්‍රිත්වයක් දවා ගැනීම නැතහොත් හැට්රික් වාර්තා කිරීමට ඔහුට හැකි වේදැයි කුතුහලයෙන් සහ හද ගැස්මෙන් යුතුව සියලු ක්‍රීඩාලෝලීහු අපේක්ෂා සහගතව බලා සිටියහ. ඔහු යැවූ එම ඕවරය ක්‍රිකට් ඉතිහාසයේ නවමු පිටුවක් පෙරලන්නට සමත් වන ඕවරයක් වේයැයි කිසිවෙකු අපේක්ෂා නොකරන්නට ඇත. සියල්ල සිදු වූයේ විස්මයජනක අයුරිනි. එම ඕවරයේ ප්‍රථම පන්දුවේදීම සංගක්කාර අතට උඩ පන්දුවක් ලබා දුන් ජැක් කලිස් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් ලසිත් මාලිංග සිය හැට්රික් වාර්තාව තැබුවේය. ඊළඟට පිටියට පිවිසියේ මකායා න්ටිනිය. ඒ මොහොතේ සියලු ක්‍රීඩාලෝලීන්ගේ හදවත් මොහොතකට නැවතිණි. ලසිත් මාලිංග එවූ ඊළඟ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත ගියේය. න්ටිනි ක්‍රීඩා පිටියෙන් ඉවත් විය. ඒ වන විට ලකුණු පුවරුව ලකුණු 207කට කඩුළු 9ක් වාර්තා කළේය. ක්‍රිකට් යනු කෙතරම් අපූර්ව ක්‍රීඩාවක් ද යන්න සනාථ කිරීමට මාලිංග සමත් වූයේ පන්දු හතරකදී පිට පිටම කඩුළු 04ක් දවාලමිනි. මෙය පන්දු යවන්නෙකුට දැක්විය හැකි විශිෂ්ට දක්ෂතාවකි. එය ලෝක කුසලාන තරගාවලියක මෙන්ම එක්දින තරගාවලියක පිට පිට පන්දු හතරකදී කඩුළු 04ක් දවා ගැනීමේ ලෝක වාර්තාවකි. එම ලෝක වාර්තාවට දැන් හිමිකම් කියන්නේ ලසිත් මාලිංගයි. ඔහු සිය නම දැන් ලෝක ක්‍රිකට් වාර්තා පොතට එක් කොට අවසානය. එය ශ්‍රී ලාංකික අපට මහත් අභිමානයකි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 207ක්වම තිබී අවසාන කඩුල්ල වශයෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ලසිත් මාලිංග තම ඊළඟ ඕවරයේ දී එවූ පන්දුව පීටර්සන්ගේ කඩුල්ලේ ගෑවී නොගෑවී ඉතාමත් ආසන්නයෙන්ම ඇදී ගියේය. එම පන්දුව කඩුල්ලේ දැවටුණේ නම් ශ්‍රී ලංකාවට ලකුණු දෙකක මහඟු ජයක් අත් වීමට ඉඩ තිබිණි. නමුත් අවාසනාවකට මෙන් එම අවස්ථාව ගිලිහී ගියේය. 1975 සිට 2007 මාර්තු 27 දක්වා ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා වංශ කතාවේ මෙතෙක් පැවති ඉතාම තියුණු තරගයක් වූ මෙය, ක්‍රීඩා ලෝලීන්ට අපූරු මතක සටහනකි. මෙම තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුවද මාලිංගගේ දස්කම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමීත්වය ලොවට අනාවරණය විය. 1975 සිට 2007 දක්වා ත්‍රිත්ව කඩුළු ලබා ගත් පන්දු යවන්නන් පස් දෙනෙකුගේ නම් ලෝක ක්‍රිකට් පොතෙහි සටහන් වී තිබේ.
ටෙස්ට් ක්රිකට්ඔහුගේ පළමු ක්‍රිකට් තරඟයට ඔහු සහභාගී වූයේ 2004 ජුලි මස 1 සිට 3 වනදා දක්වා “ඩාර්විනස් මරාරා ඕවල්” හි දීය. බොහෝ ඉක්මණින් ඔහු සාර්ථක භාවයට පත්වූයේ විකට් 6ක් ලබා ගැනීමෙනි. (දෙවතාවක් ඩැරන් ලග්මන් , ඇඩම් ගිල්ක්‍රිසට්, ඩේමියන් මාර්ටින් , ෂේන් වෝන් සහ මයිකල් කැස්ප්රොවික්) ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මිත්‍රශීලීත්වය ඔහුට යම්කිසි හැඟීමක් ඇති කළේය. විශේෂයෙන් ගිල් ක්‍රිස්ට් ක්‍රීඩා තරඟයෙන් පසු ශ්‍රී ලංකා පිලේ ඇඳුම් මාරු කරන කාමරය තුළට ගොස් ඔහුට තෑග්ගක් ලෙස එම තරඟයේ දී විකට් ලෙස භාවිතා කරන ලද ලී පතුරක් ලබා දුනි. ඔහු ශ්‍රී ලංකා පිලේ එක් දින හා ටෙස්ට් ක්‍රිකට් තරඟවලට සහභාගීවන වේගවත්ම පන්දු යවන්නා ලෙස සාර්ථකත්වයට පත්විණි. පන්දුව නියම ආකාරයෙන් එල්ල කර යැවීම සහ සජීවී ලෙස ඉඩ පවත්වා ගැනීමෙන් පන්දුවට පහර එල්ල කරන්නන් හට තර්ජනයක් වන ක්‍රීඩකයෙකු ලෙස ඔහු නමක් දිනා ඇත. ඔහු පන්දුව යොමු කරන සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 140 ත් 150 ත් අතර වන අතර (87 – 93 පැයට හැතැප්ම) සමහරක් විට මීට වඩා වේගවත් වේ. 2006 / 2007 සංචාරයේ දී නවසීලන්තය සමඟ ශ්‍රී ලංකා පිල පැවැත්වූ තරඟ මාලාව තුළ ඔහුගේ පූර්ණත්වය ටෙස්ට් ක්‍රීඩා ලොව ඔහුගේ ආක්‍රමණය මැනවින් පෙන්ණුම් කළේය. එක් දින ජාත්‍යන්තර තරඟ (ODI)මාලිංග 2004 ජූලි 17 වනදා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව දඹුල්ලේ දී ක්‍රීඩා කළ තරඟයේ දී ප්‍රථම වරට ජාත්‍යන්තර තරඟ බිමට පිහිටියේය. එතැන් සිට ඔහු ODI සංචිතයේ සුපුරුදු සාමාජිකයෙක් බවට පත් විය. 2004-2005 තරඟ වාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ සිදු කළ සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායම ඔහුගේ පන්දු යවන ආකාරය පහර දීමට අපහසු බවට හඳුනාගත් අතර නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින් විනිසුරුකරුවන්ගෙන් ඔවුන්ගේ පටියෙහි හා ටයි පටියෙහි වර්ණය ලා පැහැයකට වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ එවිට ඔවුන්ට මාලිංගගේ අතින් ගිලිහෙන පන්දුව දැක ගත හැකි නිසාය. නමුත් විනිසුරුවන් එලෙස සිදු නොකරන ලදී. 2007 ලෝක ක්‍රිකට් කුසලානය අතරතුර දී මාලිංග වඩාත් සුප්‍රසිද්ධ විය. එයට හේතුව වූයේ පිට පිට යවන ලද පන්දු 4ක් තුළ දී කඩුළු 4ක් ලබා ගැනීමට සමත් වූ ලොව ප්‍රථම හා එකම ක්‍රීඩකයා බවට පත් වෙමිනි. මොහු මෙම දස්කම සිදු කරන ලද්දේ 2007 වසරේ මාර්තු මස 28 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිවය. එය ලෝක කුසලාන ඉතිහාසයේ පස්වන කඩුළු ත්‍රිත්වය වූ අතර ශ්‍රී ලංකාව තුන් වැන්න ද ODI ඉතිහාසයේ 24 වැන්න ද විය. එදින දැවී ගිය ක්‍රීඩකයන් වූයේ ෂෝන් පොලොක් (ලකුණු 13 දී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්), ඇන්ඩෲ හෝල් (ලකුණු 0 දී උපුල් තරංග විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන්), ජැක් කලිස් (ලකුණු 86 දී සංගක්කාර විසින් උඩ පන්දුවක් රැක ගැනීමෙන්) හා මකායා නිට්නි (0 දී පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්) ය. මාලිංගගේ මෙම මාරක පන්දු ඕවරයට මුහුණ දුන්නත් දකුණු අප්‍රිකාව පන්දු 10ක් ඉතිරිව තිබිය දී එක් ලකුණකින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. |
Portal di Ensiklopedia Dunia