රුවන්වැලිසෑය
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්ථාන වලට අයත් ප්‍රධානතම දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි. සුවිශේෂීත්වයගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි.මෙතුල දඹ රන් පිරිනිවන් පානා ආකාරයේ පිලිමයක් ඇත. භෞතික ලක්ෂණඋසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.(ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.)වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. අන්වර්ථ නාම☆මහාථූප (පාලි භාෂාවෙන්) ☆මහා ස්ථූපය ☆මහා සෑය ☆රුවන්වැලි මහා සෑය ☆රුවන්මැලි මහා සෑය ☆රත්නමාලි මහා සෑය ☆රතනමාලි මහා සෑය ☆හේමමාලි මහා සෑය ☆අසදෘශ මහා සෑය ශාරීරික ධාතුසම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙයාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී. "ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.
වන්දනා ගාථාව
ඉදිකිරීමඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීමපුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,
ඉදිකිරීම ඇරඹීම![]() දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. අඩිතාලමඑක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.
රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය. ස්ථූපයට ආශීර්වාද කිරීමසිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය. ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.
දුටුගැමුණු රජුගේ මරණයඅද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය. සද්ධාතිස්ස රජුගේ මරණයදුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය. මහා රජුඅනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.
ප්‍රතිසංස්කරණ20වන සියවසේ ප්‍රතිසංස්කරණය19 වන සියවසේ අග භාගයේ දී, නාරංවිට සුමනසාර හිමියන් අටමස්ථාන වැඳ පුදා ගැනීමට අනුරාධපුර ශුද්ධ නුවරට වැඩම කරන ලදී. උන්වහන්සේ මෙම ගමනේදී අටමස්ථානයට අයත් එසේම, ගරා වැටී තිබූ රුවන්වැලි මහා ස්ථූපය ද වන්දනා කිරීම සඳහා වැඩම කළ අවස්ථාවේ දී මහා සෑය දැක, මහත් වූ කම්පාවට පත් විය.. සේයා රූ එකතුව
භාහිර සබැඳි![]() මෙයට ආශ්රිත උද්ධරණ විකිකියමන් තුල ඇත: රුවන්වැලිසෑය |
Portal di Ensiklopedia Dunia