මීකිරි

මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්‍රචලිත නමුත් ශ්‍රී ලංකාව තුල එතරම් ජනප්‍රිය නැත.

පෝෂණ දත්ත

කිරිවල සංඝටක, per 100 grams

Constituents unit එළකිරි එළු කිරි බැටළු කිරි මීකිරි
වතුර g 87.8 88.9 83.0 81.1
ප්‍රෝටීන් g 3.2 3.1 5.4 4.5
මේද g 3.9 3.5 6.0 8.0
කාබෝහයිඩ්‍රේට් g 4.8 4.4 5.1 4.9
ශක්තිය kcal 66 60 95 110
kJ 275 253 396 463
ලැක්ටෝස් g 4.8 4.4 5.1 4.9
මේද අම්ල:
සංතෘප්ත g 2.4 2.3 3.8 4.2
ඒක-අසංතෘප්ත g 1.1 0.8 1.5 1.7
බහු-අසංතෘප්ත g 0.1 0.1 0.3 0.2
කො‍ලෙස්ටෙරෝල් mg 14 10 11 8
කැල්සියම් iu 120 100 170 195


මුදවාපු මීකිරි

මීකිරි ,ශ්‍රි ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. මෙම කිරි ආහාරය පෝෂ්‍ය පදාර්ථ රැසකින් යුක්ත වූවකි.

නිපදවීම

මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.

මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්‍රණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.

ආශ්‍රිත ලිපි

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia