මහ බැංකුකරණයමහ බැංකුවක් යනූබැංකු කරුවන්ගේ බැංකුව ලෙස හදුන්වන මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරය වනුයේ රඡය වෙනුවෙන් එහි මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්‍මක කිරීමයි.රටක මහ බැංකුවක් ක්‍රියාත්‍මක වනුයේ සමස්ථ ආර්ථික සුභසාධන උදෙසා මිස ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් නොවේ. මහ බැංකුවක් අනිවාර්යෙන්ම රඡයේ ආයතනයකි.රඡයේ විසින් මහ බැංකුවේ ක්‍රියාකාරකම් වලට විවිධ ලෙස බලපෑම් එල්ල කරයි. බොහෝ අවස්ථාවලදි මහ බැංකුව කරනු ලබන්නේ රඡයේ තීරණ එක එල්ලේම ක්‍රියාත්මක කිරීමයි. නමුත් මෙම සෑම ක්‍රියාවකදීම මහඡන සුභසිද්ධිය මූලික කරුණක් කොට සැලකීම මහ බැංකුවේ යුතුකමක් වේ. මහ බැංකුවක් සිය වත්කම් වැඩි කර ගන්නේ නෙසේද?
මහ බැංකුවක ප්‍රතිපත්ති.
දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම යන්නෙන් අදහස් වන්නේ දේශීය මුදල් ඒකකයක ඇතිවන අවප්‍රමාණයන් හා ප්‍රතිප්‍රමාණයන් වැලැක්වීමයි.
පුර්ණ සේවා නියුක්තිය යන්නෙන් 100% ක සේවා නියුක්තියක් අදහස් නොනරයි.දියුණු වන රටවල් වුවද පුර්ණ සේවා නියුක්තියක් ලෙස සලකන්නේ 90%-95% සේවා නියුක්ති මට්ටමයි.
උද්ධමනයක් යනු ආර්ථිකයේ මිල මට්ටම් වල සීඝ්‍ර ඉහළ යාමකි.ඉතා ඉහළ උද්ධමන තත්වයන් ඇති වුවද මහ බැංකුවක් විසින් එක එල්ලේම දැඩි සීමාකාරී මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය නොකරයි.එසේ නොකරන්නේ ඒ මගින් ආර්ථිකයක අතුරු බලපෑම් ඇතිවිය හැකි බැවිනි. මහ බැංකුවක කාර්යයන්
මහ බැංකුවක ප්‍රධානම කාර්යභාරය වන්නේ ඡාතික මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්‍මක කිරීමයි.ඡාතික මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්‍මක කිරීමේදී සියලුම වාණිඡ බැංකු පාලනය කිරීමට මහ බැංකුවට සිදුවේ.මෙහිදී මහ බැංකුව විසින් විවිධ පාලන ක්‍රම ක්‍රියාත්මක කරයි.
සිය තාවකාලික මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සදහා වාණිඡ බැංකු විසින් ඝෟඡුව හෝ වක්‍රව මහ බැංකුවේ සහාය පතයි.මහ බැංකුව අවසාන ණය දෙන්නා වශයෙන් ඕනෑම අර්බුද අවස්ථාවක වාණිඡ බැංකුවලට ණය සැපයීමට බැදී සිටී.මෙමගින් ස්ථාවර මුදල් සංචිත අනුපාත වශයෙන් පවත්වාගෙන යාමත්,තම කටයුතු බාධාවකින් තොරව කිරීමටත් වාණිඡ බැංකුවලට හැකිවේ.මුදල් සංචිත අනුපාත පවත්වාගැනීම මගින් රටේ මුල්‍ය ප්‍රතිපත්තිය ඉතා විශ්වාසයකින් හා පහසුවකින් ක්‍රියාත්‍මක කිරීමට මහ බැංකුවට හැකි වේ.
මෙහිදී රටක ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් කරන්නේ දළ ඡාතින නිෂ්පාදිතයේ දිගු කාලීන අඛණ්ඩ වර්ධනයයි. ආර්ථික සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ රටක ආර්ථික වර්ධනත් සමගම ඇතිවන ගුණාත්මක වර්ධනයයි.
ශ්‍රී ලංකා මහ බැංකුව![]()
රට තුල පැවති මුදල් මණ්ඩල ක්‍රමයට තිත තබමින් වර්ෂ 1950 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් හා බලතල පෙර සදහන් කල පරිදි මහ බැංකුවක කාර්යයන් හා බලතල වලට බොහෝ සෙයින් සමාන වේ.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යය මුල්‍ය ස්ථාවරත්වය ලගා කර ගැනීයි.මෙහිදී අධික ද්‍රවශීල තත්වයක් ඇතිවී උද්ධමන තත්වයක් ඇතිවී උද්ධමන තත්වයන් හා ගෙවුම් ශේෂ ගැටලු ඇතිවන අවස්ථා වල උද්ධමන තත්වයන් පාලනය කිරීමටත් අධික ද්‍රවශීලතාවයන් අඩු කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවේ.මෙවැනි අවස්ථා වලදී බැංකු ණය පාලනය කිරීම සදහා මහ බැංකුවට විවිධ උපකරණ යොදා ගැනීමට සිදුවේ.මෙම ක්‍රමය සාර්ථක වන්නේ වාණිඡ බැංකු තම ණය සැපයීම් සදහා අරමුදල් ලබා ගැනීම මහ බැංකුව මගින් ඉටු කරගතහොත් පමණි.එම නිසා ණය ප්‍රමාණය පාලනය කිරීම හා ණය ගලා යන දිශාව පාලනය කිරීමට මහ බැංකුවට සිදු වේ.මෙම අරමුණ සාර්ථක කර ගැනීමට ප්‍රමාණාත්මක ණය පාලන විධි හා ගුණාත්මක ණය පාලන විධි යන දෙවර්ගයම භාවිතා කිරීමට සිදු වේ. ප්‍රමාණාත්මක ණය පාලන විධිවිචල්ය මුදල් සංචිතශ්රී ලංකාවේ ක්‍රියාත්මක කරන විවිධ ණය පාලන ක්‍රම අතරින් වඩාත් ඵලදායී හා ප්‍රායෝගික ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය හදුන්වාදිය හැක.මූල්‍ය පනතේ විධිවිධානයන්ට අනුව වාණිඡ බැංකු තම තැම්පතු වගකීම් වලට අනුපාතිකව මුදල් සංචිතයක් ලෙස පවත්වා ගත යුතු වේ.විවිධ තැම්පතු සදහා විවිධ උපරිම හා අවම සීමාවන් පනවා ඇත.සංචිත අනුපාතිකයන් පැනවීමේ පරමාර්ථය වන්නේ වාණිඡ බැංකු වල ණය මැවීම පාලනය කිරීමයි. විවට වෙළද කටයුතුමහ බැංකුවට විවට වෙළද කටයුතු වල යෙදීමට බලය ලබා දී ඇත්තේ මූල්‍ය පනතට අනුවය.විවෘත වෙළඳපලෙන් රඡයේ සුරෑකුම්පත් මිලදීගැනීමටත්,විකිණීමටත් මෙමගින් බලය ලැබී ඇත.මෙහිදී සදහන් කලයුතු විශේෂ කරුනක් වන්නේ ව්වට වෙළඳපල කටයුතු දියුණු කිරීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ 1981 දී භාණ්ඩාගාර බිල්පත් පිළිබද ද්විතික වෙළඳපක් හදුන්වාදීමයි. බැංකු පොළිය.මෙය ඉතාමත් සාම්ප්‍රදායික ප්‍රමාණාත්මක ණය පාලන උපකරණයකි.මහ බැංකුව විසින් වාණිඡ බැංකුවලට ණය ලබා දෙන පොළිය මෙනමින් හැදින්වේ. ගුණාත්මක ණය පාලන විධිසාම්ප්රදායික ණය පාලන විධි ඵලදායී හා යෝග්‍ය නොවන අවස්ථාවල ගුණාත්මක හෙවත් වරණීය ණය පාලනය යොදා ගනී.මෙමගින් ණය ගලා යන දිශාව පාලනය කරනු ලබයි.
අ.පො.ස.(උසස් පෙළ) 2020 සදහා තව මාස 3 කට අඩු කාලයක් පමණක් ඉතුරුව තිබේ. Ø එම සීමිත කාලය තුළ ආර්ථික විද්‍යාව විෂයය මුල සිට පහසුවෙන් ජංගම දුරකථනය හරහා නිවසේ සිටම ඉගෙනීමට දැන් ඔබටත් අවස්ථාවක් !!! Ø සෑම දිනකම, සෑම පැයකම, ඔබේ ජංගම දුරකථනට ආර්ථික විද්‍යා විෂය කරුණු මුල සිටම. Ø ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් REG (හිස්තැනක්) ECON ලෙස type කර 2244 ට SMS කිරීම පමණක් වේ. Example : REG ECON Ø සැ.යු - මෙම සේවාව මොබිටෙල් පාරිභෝගිකයන් සදහා පමණක් වලංගු වේ. මේ අඩවියත් බලන්නඅඩවියෙන් බැහැර පිටු |
Portal di Ensiklopedia Dunia